Posts

Showing posts from June, 2014

මුස්ලිම්වරුන් වෙත කරන කාරුණික ඉල්ලීමයි. (A kind request from Muslims)

අද ඇතැම් පලාත්වල මුස්ලිම් ජනතාව කේදනිය ඉරණමකට ඇතුලත් වී සිටින බව කව්රුත් දන්නා කරුණකි. ඔවුන් වෙනුවෙන් අනිත් අය උපරිම උදව් උපකාර කිරීම මේ අවස්ථාවේදී අවශ්‍ය වී තිබේ. ඔවුන්ට මුදල් ආධාර මෙන්ම වියලි ආහාර වලින් උදව් කිරීම මහා පුණ්‍ය කර්මයකි. එසේ කරන අයට අල්ලාහ් තමන් කල පරිත්‍යාගය කිහිප ගුණයකින් වැඩිකර නැවත දෙනු ඈත. එහි කිසිම සැකයක් නැත. මේ ප්‍රශ්නයේ දී බැට කෑවේ අහිංසකයන්ය. ඔවුන්ගේ යාන වාහන ගෙවල් දෙරවල් විශාල අලාභයකට පත් වී ඇත. බොහෝ දෙනෙකුට බෙහෙත්ටික ගැනීමටවත් මුදල් නැති තත්වයට පත් වී සිටිති. ළමයින්ට කිරි පිටි ටික හෝ කෑම ටික ගැනීමට කිසිවක් නැත. ඔවුන්ට නැවත මුල සිටම නැගී සිටීමට  සිදුවී ඇත. මෙය සිතට ගෙන හැකිපමනින් මොවුන්ට තම ගමේ පල්ලියේ භාරකාරයන් මාර්ගයෙන් ආධාර රැස්කරන මෙන් ආයාචනයය කරමි. උම්රා කිහිපයක් කළ අය ඒ වෙනුවෙන් යොදවන මුදල මෙම අවස්ථාවේදී මේ සඳහා දුන්නොත් උම්රා කලාට වඩා ලොකු පිනක් සිදුවනු ඇත. හැකි නම් තම සකාත් මුදල් ද එයට සුදුසු අය සොයා මේ ගම්වලට දුන්නොත් වඩා ප්‍රයෝජන අත් වනු ඇත.  මේ අවස්ථාවේදී මුස්ලිම්වරුන් තමන්ගේ ඉවසීම ප්‍රගුණ කරගන්න. මුස්ලිම්වරුන්ට පැමිණෙන සෑම ප්‍රශ්නයක්ම අල්ල

අරමුණක් නැති ජීවිතය කෙළවර වන්නේ කොතැනින්ද? (Where does a purposeless life end?)

Image
සෑම නිර්මාණයක් පිටුපසම යම් කිසි අරමුණක් තිබේ. එසේ නම් මිනිසාව නිර්මාණය කිරිම තුළද යම් කිසි අරමුණක් තිබිය යුතය. එය නොදැන ජිවත් වීම හරියට ගමනාන්තය නොදැන බස් රථයකට ගොඩ වූ මගියෙකු වැනිය. ඔහුගේ උදාහරණය කෙසේද යත් කොළඹට යා යුතුව තිබියදී කතරගම බසයට නැග එය කොළඹට යන තුරු විශාල බලාපොරොත්තුවකින් සිටීම වැනිය. එහෙත් එය කිසිම අකාරයකින් සිදු වන්නේ නැත. මිනිස් ජීවිතයත් එසේමය. ස්වර්ගයට යෑම සඳහා බලාපොරෝතුවෙන් නිරයට යන මාර්ගය තෝරාගත් විට කිසිම අන්දමකින් ස්වර්ගය ලැබෙන්නේ නැත. එම ගමන කෙළවර වන්නේ අනිවාර්යයයෙන්ම නිරයේදීය. එම නිසා ස්වර්ගය පතන කෙනෙක් අනිවාරයෙන්ම ස්වර්ගයට යන මාර්ගය තෝරා ගත යුතුය.  මිනිසාගේ බුද්ධිය සිමා සහිතය. එබැවින් කිසිම ධාර්ශනිකයෙකුට හෝ සාස්තෘවරයෙකුට ජිවිතයේ නිවැරදි අරමුණ ස්ව උත්සාහයෙන් දැනගත නොහැකිය. එය කියා දිය යුත්තේ මිනිසාව නිර්මාණය කළ දෙවියන් විසින්ම පමණි. උදාහරණයක් ලෙස යම් උපකරණයක් නිෂ්පාදනය කිරීමේ නිවැරදි හේතුව කිව හැක්කේ එහි නිෂ්පදකයාටය. එය සංකීර්ණ වන තරමට එහි අරමුණ දැනගැනීම තවත් අපහසු වන්නේය. මිනිසා ලෝකයේ සිටින ඉතා සංකීර්ණ ජීවියෙකි. එම නිසා මිනිසාව මැවීමට හේතුව පැවසිය හැක්කේ මින

[ Ex-Swedish Rock Singer ] Bro Urwah Omar How He Accepted Islam

Image

විශ්වය මවා තිබෙන්නේ අරමුණකින් තොරව යැයි ඔබ සිතනවාද? (Do you think the universe was created without a purpose?)

Image
අපගේ ක්‍ෂිරපතයේ පමණක් බිලියන 250 කට වඩා තරු පිහිටා ඇත. විශ්වය තුල එවැනි ක්‍ෂිරපත බිලියන සංඛ්‍යාවක් තිබේ. විශ්වය සමග සැසඳීමේදී අපගේ පෘථිවිය දුවිලි අංශුවක් තරම් වත් නැත. එතරම් විශාල විශ්වයක් අරමුණකින් තොරව නිර්මාණය කොට තිබිය හැකිද? විශ්වයේ ඇති විශේෂත්වය වන්නේ එහි ඇති දේවල් නැවත නැවත ඉබේ හට ගැනීම යි. තවද ඒවා ක්‍රමානුකුලව පරිනත වන්නේය. එසේ තිබියදී මිනිසා නිෂ්පාදනය කරන දේවල් පරිනත තත්වයේ සිට දිනෙන් දින පරිහානිය දක්වා ගමන් කරන්නේය. ඒ අනුව බලන කල මෙවැනි විශ්වයක් ඥානාන්විත දෙවි කෙනෙකුට මිස කල නොහැකිය. මුළු විශ්වයම නිර්මාණය වී තිබෙන්නේ පරමාණු වලිනි. සෑම පරමානුවක්ම ප්‍රධාන වශයෙන් ප්‍රෝටෝන, නියුට්‍රෝන සහ ඉලෙක්ට්‍රොන වලින් සමන්විත වන්නේය. ඒවා නොයෙකුත් අන්දමින් සංයෝජනය වෙමින් මුලද්‍රව්‍ය හට ගන්නේය. මෙවැනි මුලද්‍රව්‍ය 118 ක් දැනටමත් සොයාගෙන ඇත. මේ සෑම මුලද්‍රව්‍යයකටම ආවේනික වන්නාවූ භෞතික සහ රසායනික ලක්ෂණ තිබේ. ඒවා සංයෝජනය වීමෙන් අනන්ත අප්‍රමාන රසායනික සංයෝග නිර්මාණය වෙමින් මෙම විශ්වය සෑදී ඇත. එතරම් සංකීර්ණ නිර්මාණයක් ඉබේ ඇති විය හැකිද? බුද්ධිමත්ව සිතා බලන්නේ නම් එය ඉතා ඥානාන්විත දෙවි කෙනෙක