Posts

Showing posts from March, 2019

ඕපාදූප - විනාශයට යන මාවත ( Gossip - The road to destruction)

Image
මිනිසා විසින් දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන විශාල වරදක් වන්නේ කෙනෙක් තවත් කෙනෙකුගේ වැරදි සෙවීමය. මෙම වරද පොදු ජනතාව පමණක් නොව පුජක තුමන්ලා පවා සිදු කරති. ඇතැමුන් එය කරන්නේ තමන් උතුම් යැයි ජනතාව අතර ප්‍රතිරූපයක් ගොඩ ගනා ගැනීමටය. එහෙත් ඉන් සිදුවන්නේ ඔවුන් කරන කුසල් විනාශයට පත් වීමය. ඊට උදාහරණය හිල් කුඩයකින් වතුර ඇදීමට සම කල හැකිය. අනුන්ගේ වැරදි සොයමින් ඕපාදුප කියන තැනැත්තා කරන කුසල් සියල්ලම විනාශයට පත් වන්නේය. බොහෝ දෙනෙක් එය වටහා ගන්නේ මරණයට පත් වූ පසුව ය. එක් අවස්ථාවකදී ඔපාදුපය යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැයි දන්නවාදැයි නබිතුමා ඔහුගේ අනුගාමිකයින්ගෙන් ප්‍රශ්න කළේය. එවිට ඔවුන් පවසා ඇත්තේ අල්ලාහ් සහ ඔහුගේ දුතයානන් ඒ ගැන හොඳින් දන්නා බවයි. එවිට නබිතුමා මෙසේ පවසා ඇත: "ඔබගේ සහෝදරයා අකමැති යම් දෙයක් ඔහු ගැන පැවසීම" යැයි කිවේය. එවිට සහබාවරු එසේ පවසන දේ ඔහු සතුව ඇත්තනම් ඒ ගැන ඔබගේ අදහස කුමක්දැයි නබිතුමාගෙන් පෙරලා ප්‍රශ්න කොට ඇත. එවිට නබිතුමා පවසා ඇත්තේ ඔබලා පවසන දේ ඔහු ළඟ තිබේනම් එය ඕපාදුපයක් බවත් එසේ නොමැති නම් එය නින්දා අපහාසයක් බවත් ය. සහිහ් බුහාරි ග්‍රන්ථයේ දැක්වෙන හදිසයකට අනුව

හේතු ඵල වාදය තුලින් විශ්වයේ බිහිවීම විස්තර කල හැකිද? (Could the bigining of the universe explained by Cause and Effect theory?)

Image
ඵලයක් ඇතිවීමට හේතුවක් තිබය යුතුය. කාර්‍යයක් සිදු වීමට බලයක් ක්‍රියාත්මක විය යුතුය. මේවා   භෞතික විද්‍යාවේ මුලික සිද්ධාන්ත වේ. කෙසේ වෙතත් මෙම න්‍යාය ක්‍රියාත්මක විය හැක්කේ බලය යෙදු විට ඇතිවන ප්‍රතිපලය කුමක් විය යුතු දැයි කලින්ම සැලසුම් කොට තිබුනොත් පමණි. උදාහරණයක් වශයෙන් බිත්තරයකින් කිකිලියෙක් ඇතිවීමටත් කිකිලිගෙන් බිත්තරයක් ඇතිවීමටත් නම් ඒ සඳහා පෙර සැලසුමක් තිබිය යුතුය. එසේ නොවන්නට එවැනි දෙයක් කිසිසේත්ම ඉබේ සිදු නොවනු ඇත. මෙය අනෙකුත් දේවල් සඳහාද ප්‍රකට සත්‍යයකි.  බිත්තරයකින් කිකිලියෙක් ඇති වීම බැලු බැල්මට සුළු සිද්ධියක් ලෙස පෙනුනත් ඒ සඳහා ඥානාන්විත මවුම්කරුවෙකුගේ මැදිහත් වීමකින් තොරව සිදු විය නොහැකි කාරණාවකි. එවැනි දෙයක් ලෝකයේ සිටින සියළුම විද්‍යාඥයින් එකතු වුවත් සිදු කල නොහැකි දෙයකි.  විශ්වයේ ආරම්භයත් එසේමය.  විශ්වයට ආරම්භයක් ඇති බව විද්‍යාඥයින් නිගමනය කොට තිබේ. එසේ නම් එම ආරම්භය ඇතිකළ කෙනෙක් ද සිටිය යුතුය.  එසේ නොවන්නට මෙතරම් සංකීර්ණ විශ්වයක් ඉබේ ඇතිවිය නොහැකිය. උදාහරණයක් ලෙස කොතරම් අමුද්‍රව්‍ය තිබුනත් පරිගණකයක් ඉබේ නිර්මාණය වන්නේ නැත. ඒ සඳහා නිර්මාණ කරුවන් සිටිය යුතුය. එය

ඩාවින්ගේ වාදය ප්‍රතික්ෂේප කළ යුත්තේ ඇයි? (Why should Darwin's theory be rejected?)

Image
බොහෝ ආගම් විශ්වාසය මත ගොඩ නැගී ඇති අකාරයටම ඩාවින්ගේ වාදය ද විශ්වාසය මත ගොඩ නැගී තිබේ. ඒ අනුව මට හැඟෙන්නේ ඔහුගේ වාදයට "ඩාවින්ගේ ආගම" යැයි කිව හැකි බවයි. ඇයිද යත් එම වාදය විද්‍යානුකුලව සනාත කොට නැති විශ්වාසයක් පමණක් වන නිසාය. කෙසේ වෙතත් වර්ෂ 1859 දී චාල්ස් ඩාවින් ඔහුගේ නිරීක්ෂණ මත පදනම් වූ පරිනාම වාදය මුල් වරට ලොවට ඉදිරිපත් කොට තිබේ. එය ඉදිරිපත් කරන විට විද්‍යාව අද මෙන් දියුණු තත්වයක පැවතියේ නැත. එම නිසා ඩාවින්ගේ වාදය ප්‍රධාන වශයෙන්ම විද්‍යාත්මක පරීක්ෂණ වලට වඩා ඔහුගේ නිරීක්ෂණ මත පිහිටා තිබේ. ඒ අනුව එහි විද්‍යාත්මක පදනම ඉතා දුර්වල ය. එපමනක් නොව විද්‍යාව ඉතා දියුණුවට පත් වී ඇති මෙවන් කාලයක දී පවා ඩාවින්ගේ වාදය තහවුරු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි සොයාගෙන නැත. එහි ප්‍රතිපලයක් ලෙස ඩාවින්ගේ වාදය මේ දක්වා විද්‍යාත්මක නියමයක් ලෙස පිළිගන්නේ නැත. ඩාවින් විසින් ඔහුගේ පරිනාම වාදය ඉදිරිපත් කරනු ලැබුවත් එහි ඇති දුර්වලතාවයන් ඔහු විසින්ම මෙලෙස ඉදිරිපත් කොට තිබේ.  " පරම්පරා ගණනාවක් ඔස්සේ පැවතීගෙන එන යම් ජීවී කුලකයක් වෙනත් ජීවී වර්ගයකට ඉතා සියුම් ලෙස පරිණාමනය වන්නේනම් අපට ඒවා අතරතුර සංක