Posts

Showing posts from March, 2020

අල් කුර්ආනය පවසන්නේ හිරු මඩ සහිත ජලයට බැස යන බවද? (Does the Quran say that the sun sets into muddy water?)

Image
ඇතැම් විවේචකයින් කුරානයේ සඳහන් විස්තරයකට වැරදි අටුවා ටීකා ඉදිරිපත් කරමින් අසත්‍ය චෝදනා ඉදිරිපත් කරන්නේය. මේ සඳහා ඔවුන් තෝරාගෙන තිබෙන්නේ අල්-කුරානයේ 18 වන පරිජ්ජේදයේ 86 වන වගන්තිය වේ. එහි පැවසෙන අන්දමට zසුල් කර්නෙයින් එක්තරා ගම්මානයකට ගිය අවස්ථාවේදී ඉර මඩ වලක් තුලට බැස යන අකාරය දැක තිබේ. එම සිදුවීම කුරානයෙන් මෙසේ විස්තර කොට ඇත. "ඔහු සුර්යයා බැස යන තැනට පැමිණි කල, කළු පැහැයෙන් යුත් මඩ ජලයෙහි එය බැස යන බව දුටුවේය" (කුරානය 18:86). කෙසේ වෙතත් මෙහි විස්තර කොට ඇත්තේ zසුල්කර්නෙයින් ඉර බැසීම දුටු ආකාරය යි. එය කව්රු කිව්වත් කිව යුත්තේ ඔහු දැක තිබෙන අන්දම මිස වෙනත් අකාරයකට නොවේ. එබැවින් කිසිම බුද්ධිමතෙකුට එහි වැරැද්දක් කිව නොහැකිය. zසුල්කර්නෙයින් පමණක් නොව වෙනත් ඕනෑම කෙනෙක් ඉර බැස යන මොහොතකදී මුහුදු වෙරළට ගියේ නම් ඔහුටත් දැකීමට ලැබෙන්නේ ඉර මුහුදේ ගිලී යන අකාරය වේ. එබැවින් ඔහුට එය තවත් කෙනෙකු සමග විස්තර කල හැක්කේද ඉහත සඳහන් කුර්ආන් වැකියේ සඳහන් ආකාරයටම වේ. මෙතරම සුළු දෙයක් තේරුම් ගැනීමට නොහැකි අය කුරානයට වැරදි කියන්නේ කෙසේද? සුර්යයාගේ ගමන් මග ගැන කුරානයේ වෙනත් තැනක මෙසේ විස්තර කොට ඇත.

අල් කුර්ආනයට අනුව පෘථිවියේ හැඩය (The shape of the earth according to the Quran)

Image
කුරානය පහළ වූ හත්වන සියවසේදී පෘථිවියේ හැඩය සම්බන්දයෙන් බොහෝ අවිද්‍යාත්මක සංකල්ප්ලයන් දක්නට තිබුනේය. එම කාල වකවානුවේදී වැඩිවශයෙන්ම දක්නට තිබුණු පොදු මතය වුයේ පෘථිවිය පැතලි තැටියක හැඩය ගන්නා බවයි. එහෙත් අල්-කුරානය එම වැරදි මත සියල්ලම බැහැර කොට පෘථිවියේ නිවැරදි රුපය විස්තර කොට ඇත. ඇතැම් කුර්ආන් වැකිවලින් පෘථිවියේ නිවැරදි රුපය ඍජුවම සඳහන් කොට තිබේ. වෙනත් කුර්ආන් වැකිවලින් පෘථිවියේ හැඩය අනියම් ලෙස විස්තර කරන්නේය. අල්-කුරානයේ 79 වන පරිජ්ජෙදයේ 30 වන වැකිය අනුව පෘථිවිය බිත්තරයක හැඩය ගන්නා බව සඳහන් වේ. එහෙත් අරාබි අකාරාදියේ 'දහාහා' යන අරාබි පදයට වෙනත් බොහෝ අර්ථයන් ද තිබේ. එම අර්ථයන් වන්නේ: එලුවේය, පැතිරෙනවා, බිත්තරයේ හැඩයට පත්කරනවා, වටකුරු කරනවා යන්නයි. ඒ අනුව කුරානයේ සඳහන් එම වැකිය මේ දෙආකාරයටම පරිවර්තනය කල හැකිය. ඉන් පළමුවැන්න  "ඉන් අනතුරුව ඔහු පොළොව එලුවේය"  දෙවැන්න  “ඉන් පසු ඔහු පොලව බිත්තරයක හැඩයට පත් කළේය” යනුවෙනි. මේ පරිවර්තන දෙකම නිවැරදි ය. පෘථිවියේ විශාලත්වය ගැන සලකා බලන කල දහාහා යන වචනයට වඩා සුදුසු පරිවර්තය වන්නේ එලුවේය යන්නයි. ඇයිද යත් පෘථිවියේ බොහෝ තැනිතලා ප්‍