තමන්ගේ අසල්වැසියා කුමන ආගමක හෝ ජාතියක කෙනෙක් වුවත් ඔහුට සැලකීම යුතුකමකි. “තම හිංසනයෙන් තම අසල්වැසියා ආරක්ෂා නොවේ නම් ඔහු විස්වාසවන්තයෙක් නොවේ”යැයි නබිතුමා දිව්රා ප්‍රකාශ කළේය (තිර්මිසී 4994). අල්ලහ්ව සහ අවසාන දිනය විස්වාස කරන්නන් තම අසල්වැසියා වෙනුවෙන් නිර්ලෝභී විය යුතු බව නබි වදනකි. (අල්-මුඅත්තා 49:22). එබැවින් අසල්වැසියාට කල හැකි උදව් උපකාර කිරීම අපගේ වගකීමකි. තම අනිවාර්‍ය හජ් වන්දනය ඉටුකළ පසු වසරක් පාසා වෛකල්පික හජ් හෝ උම්රා කිරීමට වඩා තම අසල්වැසියන්ට සහ ඥාතීන්ට උදව් උපකාර කිරීම උතුම් ක්‍රියාවක් වනු ඇත. මේ සඳහා විශාල මුදලක් හෝ ශ්‍රමයක් අවශ්‍ය වන්නේ නැත. එහෙත් මෙවැනි ප්‍රයෝජනවත් දෙයක් කිරීම සඳහා තම හදවත සමග සටන් කල යුතු වන්නේය. එවැනි ක්‍රියාවක් සඳහා තම හදවත ජයගත හැකි නම් දෙවියන්ට වඩාත් සමීප විය හැකිය. තම අසල්වැසියා කුසගින්නේ හෝ පාසැල් ඇඳුම හෝ පොත් පත් ලබා ගැනීමට නොහැකිව ලත වන විට එය නොසලකා හැර වෙනත් පින් දහම් කිරීම ට වඩා එවැනි දෙයකට උදව් උපකාර කිරීම වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත. දහමින් බැහැර වූ මිනිසා ප්‍රසිද්ධිය වෙනුවෙන් අප්‍රමාණව වියදම් කිරීම ඉදිරිපත් වනු ඇත. එහ