Posts

Showing posts from March, 2023

ඉස්ලාමිය උපවාසය (Islamic fasting)

Image
උපවාසය ඉස්ලාමයේ අනිවාර්ය කරුණු පහෙන් සිව්වැන්න වේ. උපවාසය ගැන අල් කුරානය මෙසේ සඳහන් කරයි: "විශ්වාසකලවුනි! නුඹලා (අල්ලාහ්ට) බිය වී ක්‍රියා කරනු පිණිස නුඹලාට පෙර සිටියවුන් කෙරෙහි නියම කෙරුවා සේම නුඹලා කෙරෙහිද උපවාසය නියම කර ඇත" (කුරානය 2:183). මුස්ලිම්වරුන්ට අනිවාර්ය කොට ඇති උපවාසය සඳහා කාල වෙලාවක් මෙන්ම දින වකවානුවක් නියම කොට තිබේ. එහෙත් වෛකල්පික උපවාසයන් වසරේ ඕනෑම කාලයකදී ඇතැම් කොන්දේසි වලට යටත්ව ඉටු කල හැකිය.  නබිතුමාගේ හදිසයකට අනුව රමළාන් මාසයට උදාවන උපවාසය ආරම්භ කළ යුත්තේ පියෙවි ඇසින් රමළාන් මාසයට අයත් නව සඳ දැකීමෙන් පසුවය. එහෙත් සෑම කෙනෙකුම අළුත් සඳ දැකීම අනිවාර්ය නොවේ. ඉබ්නු අබ්බාස් රලි තුමා පවසන හදිසයකට අනුව විශ්වාසවන්තයින්ගෙන් එක්කෙනෙක් හෝ නව සඳ දැකීමෙන් උපවාසය ආරම්භ කල හැකිය. කෙසේ වෙතත් නව සඳ බැලීම සම්බන්දයෙන් විද්වතුන් අතර මත බේද තිබේ. ඒ අනුව ඇතැමුන් පවසන්නේ තමන් ජිවත්වන කලාපය තුල නව සඳ දැකීමෙන් උපවාසය ආරම්භ කල යුතු බවයි. තවත් පිරිසක් පවසන්නේ ලෝකයේ කොතැනක හෝ නව සඳ දැකීමෙන් උපවාසය ආරම්භ කල යුතු බවයි. එහෙත් ශ්‍රේෂ්ට ඉස්ලාමීය විද්වතෙක් වන ඉමාම් ෂාෆි තුමා පවසන්නේ ත

පිරිසිදුකම පිලිබඳ ඉස්ලාමිය මග පෙන්වීම (Islamic guidance on cleanliness)

Image
ඉස්ලාම් දහම පිරිසිදුකම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබේ. එය ශාරීරික මෙන්ම අධ්‍යාත්මික වශයෙන්ද තිබිය යුතුය. මේ නිසා සෑම මුස්ලිම්වරයෙකුම ශාරීරික පිරිසිදු කමට අමතරව අදහස් වලින්ද ක්‍රියාවෙන්ද යහපත් විය යුතුය.  බොහෝ ආගම්වල දැකිය නොහැකි දේවල් ඉස්ලාම් දහමින් ශාරීරික පිරිසිදු කම වෙනුවෙන් පෙන්වා දී තිබේ. ඒ අනුව සලාතය ඉටු කිරීමට පෙර වුළු කිරීම අනිවාර්‍ය කොට තිබේ. වුළු යනු මුහුණ සහ වැලමිට ඇතුළු අත්පා ජලයෙන් සේදීම සහ හිසකෙස් ජලයෙන් පිරිමැදීම වේ. මේ නිසා සෑම මුස්ලිම්වරයෙකුම දෛනිකව අවම තරමින් පස් වතාවක් මුහුණ කට ඇතුළු අත්පා සොදන්නේය. මේ සඳහා අධ්‍යාත්මික වටිනාකමක් ලබා දී ඇත. ඒ අනුව වුළු කිරීමෙන් පිරිසිදු කමට අමතරව කුසල් ලැබෙන්නේය. වුළු කිරීම හැරුණු විට කාන්තාවන්ගේ මාස් ශුද්ධිය අවසාන වීමෙන් පසුද දරු ප්‍රසුතියෙන් පසු ද සලාතය ඉටු කිරීම සඳහා ස්නානය කිරීම අනිවාර්ය වේ. තවද අඹු සැමියන් සංසර්ගයේ යෙදීමෙන් පසු ස්නානය කිරීම ද අනිවාර්ය වේ. මෙවැනි නියෝග වලින් බලාපොරොත්තු වන්නේ සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් ඇති කිරීම ය.  කුඩා කාලයේදී සෑම පිරිමි දරුවෙකුටම චාර්මජ්ජේදනය සිදු කරනු ලැබේ. එය මුත්‍රාෂය සම්බන්ද රෝග වලක්වා

අල් කුර්ආනය සහ තාරකා භෞතික විද්‍යාව (The Quran and Astrophysics)

Image
අල් කුරානය පහළ වන්නේ මිනිස් ජිවිතයේ අරමුණ පැහැදිලි කර දීම සඳහාය. ඒ අනුව එහි ප්‍රධාන අරමුණ වන්නේ මිනිසා කල යුතු දේවල් සහ නොකළ යුතු දේවල් ගැන පැහැදිලි කර දීමය. කෙසේ වෙතත් අල් කුරානය දෙවියන්ගෙන් පහළ කරන ලද පණිවිඩයක් බව ඒත්තු ගැන්වීම සඳහා එහි බොහෝ සුවිශේෂී කරුණු ඇතුලත් වේ. ඒ අතර නවීන විද්‍යාවෙන් දියුණු කරන ලද බොහෝ ක්ෂේස්ත්‍රයන්ට අයත් කරුණු ඇතුලත් වීම පෙන්වා දිය හැකිය. කෙසේ වෙතත් මෙහිදී සලකා බලන්නේ තාරකා භෞතික විද්‍යාවට සම්බන්ද කරුණු ගැන පමණි. ඒවා දැනගැනීමෙන් මිනිසාට තම මැවුම්කරු ගැන නිවැරදි අවබෝදයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනු අතැති විශ්වාස කරමි.  තාරකා භෞතික විද්‍යාව යනු තාරකා සහ අනෙකුත් ආකාශ වස්තූන්ගේ භෞතික ස්වභාවය සහ තාරකා විද්‍යාත්මක නිරීක්ෂණ අර්ථකථනය කිරීම සඳහා භෞතික විද්‍යාවේ නීති සහ න්‍යායන් යොදාගැනීම වේ. මෙම ක්ෂේස්ත්‍රය කුරානය පහළ වීමෙන් සතවර්ෂ ගණනාවකට පසු දියුණු වී ඇත. ඒ අනුව අල් කුරානය පහළ වන සමයේදී කිසිවකු විසින් තාරකා භෞතික විද්‍යාව පිළිබඳව පුළුල් අවබෝදයක් ලබාගෙන තිබුනේ නැත. කෙසේ වෙතත් හත්වන සිය වසේදී පහළ වූ කුරානය තුල විසිවන සියවසට අයත් දේවල් ඉතා නිවැරදිව සඳහන් කොට තිබීම සම්බන්