Posts

Showing posts from February, 2017

සලාතයේ වැදගත්කම (Importance of Salah)

Image
මුස්ලිම්වරුන් දිනපතා පස්වේලක් සලාතය ඉටු කිරීම අනිවාර්ය වේ. එසේ කිරීමෙන් අල්ලාහ්ට කෘත ගුණ සලකන කෙනෙක් බවට පත් විය හැකිය. අපට මිල කළ නොහැකි ඇස්, කන්, නාසය, අත්පා ඇතුළු සියළුම අවයව කිසිම අයකිරීමකින් තොරව ලබා දී ඇත්තේ අල්ලාහ් විසිනි. ඒ හැරුණු විට අපගේ ශරීරයේ අභ්‍යන්තර අවයව කොතරම් තිබේද? ඒවා අපගේ පාලනයෙන් ස්වායත්තව අපට සේවය කරන්නේ දෙවියන්ගේ ආශීර්වාදය නිසාය. මේවා එකක් හෝ ක්‍රියා නොකළේ නම් ඒවාට ප්‍රතිකාර කිරීමට කොතරම් මුදලක් වැය වනවාදැයි අප සිතා බැලිය යුතු නොවේද? අපි සලාතය නිසි පරිදි ඉටු කිරීමෙන් අපගේ උවමනාවන් ඍජුවම අල්ලාහ්ගෙන් අයද සිටීමට  අවස්ථාවක් උදාවන්නේය. මුස්ලිම්වරුන් සලාතය ඉටු කිරීම නිසා අවම වශයෙන් කුරානයේ පළමු සුරාව වන ෆාතිහාව දාහත් වතාවක් පරායණය කිරීමට සිදුවන බැවින් නිවැරදි මාර්ගය පෙන්වන ලෙස දිනපතාම අල්ලාහ්ගෙන් දාහත් වතාවක් ආයාචනා කිරීමට අවස්ථාව ලැබෙන්නේය. මෙය මිනිසා ලබන භාග්‍යයකි. ඇයිද යත් මේ ලෝකයේ ජිවත්වන කෙනෙක් නිවැරදි මාර්ගය අනුගමනය කිරීමෙන් පමණක් මරණයෙන් පසු කෙළවරක් නොමැති ස්වර්ගය අත්කර ගත හැකි වන බැවිනි. ෆාතිහා සුරාවේ සිංහල පරිවර්තනය පහත දැක්වේ.  "අසීමිත කරුනාවන්

සාතන් හට වැරදුණේ කොතැනද? (Where did Satan go wrong?)

Image
මිනිසාගේ පරම සතුරෙක් වන සතන් ගැන අමුතුවෙන් හැඳින්වීමක් අවශ්‍ය නැත. ඔහු ගැන දෙවියන් පහළ කරන ලද සෑම දහම් පණිවිඩයකම සඳහන් වේ. ස්වර්ගයේ වාසය කල සාතන්ගේ පසුබෑමට හේතු වුයේ අලුතින් මවන ලද ආදම් තුමාය. මේ හේතුවෙන් සතන් මිනිසාගේ පරම සතුරෙක් බවට පත් වන්නේය. කෙසේ වෙතත් ඔහුගේ ග්‍රහණයට නතු කර ගත හැක්කේ වැරදි කරන අය පමණි. විශාල පිරිසක් නිරයට යන්නේ ඔහුගේ මුලාවට හසු වීම නිසාය.  ස්වර්ගයේ වාසය කල සාතන්ට වැරදුනේ අල්ලාහ්ගේ නියෝගය නොතකා ආදම් තුමාව අවතක්සේරු කිරීමයි. ඔහු කල යුතුව තිබුනේ අල්ලාහ්ගේ නියෝගය ඉදිරියේ ඔහුගේ උඩඟු කම ප්‍රදර්ශනය නොකර සිටීමය. ඔහු තම උඩඟු කම නිසා වැරැද්දක් කල පසු සමාව ගැනීම වෙනුවට ඔහු කල දේ නිවැරදි බවට හේතු පෙන්නුවේය.  "මා අණ කල කල්හි නුඹ සුජුද් නොකර සිටීමට හේතුව කුමක්දැ"යි (අල්ලාහ් ඉබ්ලිස්ගෙන්) ඇසු කල්හි, ඉබ්ලිස්: 'මා ඔහුට වඩා උසස් වන්නෙමි, නුඹ මාව ගින්නෙන් මවා ඇති අතර ඔහුව කිරි මැටියෙන් මවා ඇතැ'යි පැවසුවේය" (කුරානය 7:12). සාතන් කල වැරැද්ද නිසා ඔහු දෙවියන්ගේ ශාපයට පාත්‍ර වූ අතර නිරයට යන්නේය. කෙසේ වෙතත් ඔහු තනිවම එහි යන්නේ නැත. ඔහුට අවනත වන ආදම්ගේ දරුවන

Catholic Priest Who Converts To Islam Tells His Reason

Image

Amazing Proof That God Exists

Image