Posts

Showing posts from 2018

මළවුන්ට වැඳීම සහ ඔවුන් වෙනුවෙන් උත්සව පැවැත්වීම (Worshiping the dead and celebrating them)

ඉස්ලාම් දහමේ මුලික අවශ්‍යතාවයක් වන්නේ අල්ලාහ්ට පමණක් නැමදිමය. ප්‍රාර්ථනා කිරීම කැප කිරීම ආදිය ද නැමදීම යටතෙහි ලා සලකනු ලැබේ. ඒ අනුව දැනුවත්ව හෝ නොදැනුවත්ව අල්ලාහ් නොවන අයගෙන් උදව් පැතීම, ඔවුන් වෙනුවෙන් සතුන් කැප කිරීම හෝ ඔවුන් වෙනුවෙන් පඬුරු දැමීම බලවත් වරදවල් වේ. එසේ තිබියදී ඇතැම් මුස්ලිම්වරුන් මළවුන් හරහා දෙවියන්ට කන්නලව් කරනු දැකිය හැකිය. මේවා ඉස්ලාම් දහමට විරුද්ධ ක්‍රියාවන් වේ.  කෙනෙක් මිය ගිය පසු ඔහුටත් මෙලොවටත් ඇති සම්බන්දය සහමුලින්ම අහෝසි වන්නේය. ඒ අනුව මිය ගිය කෙනෙකුට ජිවත්ව සිටින අය වෙනුවෙන් කිසිම ආකාරයක උදව්වක් කල නොහැකිය. එපමණක් නොව ඔවුන්ට ජිවත්ව සිටින අය වෙනුවෙන් දෙවියන්ගේ අතරමැදියෙකු ලෙස ක්‍රියා කල නොහැකිය. එසේ තිබියදී යම් කිසි කෙනෙක් මිය ගිය අයව දෙවියන්ගේ අතරමැදියන් ලෙස පත් කර ගන්නේ නම් ඔහු දෙවියන් ට සමානයන් තබන කෙනෙක් බවට පත් වන්නේය. මෙවැනි වරදක් කල කෙනෙක් මිය යෑමට පෙර පසු තැවිලි නොවුයේ නම් ඔහු සදාකල් නිරයට පාත්‍ර වන්නේය.  ඉස්ලාම් දහම අනුව ජිවත්ව සිටින කෙනෙකුගෙන් උදව්වක් පැතීම වරදක් නොවුවත් නබිතුමාගේ අනුගාමිකයින් එවැනි දෙයක් කිරීමට පවා කැමති වුයේ නැත. ඒ අනුව ස

ආගමික සහජීවනයට සීමාවන් තිබේද? (Are there limits to religious coexistence?)

Image
ආගමක් තවත් ආගමකින් වෙනස් වන ප්‍රධාන හේතු කරනා දෙකක් නම් ඒවායේ තිබෙන විශ්වාසයන් සහ ක්‍රියාවන් ය. උදාහරණයක් ලෙස ඉස්ලාම් දහම ඒක දේව විශ්වාසය මත පිහිටා තිබේ. එහෙත් බොහෝ ආගම් ඉන් බැහැර වන්නේය. තවද ඉස්ලාම් දහමින් ආගමික වත් පිළිවෙත් කරන අකාරය උගන්වා තිබේ. එබැවින් ඒවා වෙනස් කල නොහැකිය. උදාහරණයක් ලෙස දෙවියන්ට වැඳිම, විවාහය, ඇඳුම් අඳින ආකාරය පෙන්වා දිය හැකිය. කෙසේ වෙතත් ආගම් අතර ඇතැම් පොදු ලක්ෂණද නැතුවා නොවේ. ඒ අනුව වෙනස් ආගම් අතර සහජීවනය ඇති කිරීම සඳහා ඒවා ප්‍රයෝජනයට ගත හැකිය. උදාහරණයක් ලෙස අසල්වැසි ප්‍රේමය, වැඩිහිටියන්ට සැලකීම, අගම්තුක සත්කාරය වැනි දේවල් පෙන්වා දිය හැකිය. මේ නිසා ආගමික සහජීවනය සඳහා අප තෝරා ගත යුත්තේ මෙම පොදු ලක්ෂණයන් පමණි. මෙය අවබෝධ කරගන්නේ නම් ආගමිකයින් අතර අනවශ්‍ය ප්‍රශ්න ඇති නොවනු ඇත. මේ සඳහා ආගමික නායකයින්ගේ සහය ඉතා වැදගත් ය. එසේම ආගමික නායකයින් ඔවුන්ට පැවරී තිබෙන කාර්‍ය භාරය නිසි ලෙස ක්‍රියාවට නංවන්නේ නම් බොහෝ ප්‍රශ්න පහසුවෙන් විසඳිය හැකිය. මේ සඳහා ආගමික නායකයින් තම තමන්ගේ ආගම් වල ඇති ලිඛිත කරුණු පදනම් කරගෙන කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වේ. ඒ බව එක් ආගමික සමුළුවකට පැමිණ

The final miracle Voice of Islam TV 2 September 2018 show

Image

Best of Dr.Zakir Naik- African healer Bla Bla Bla Debate. .

Image

Depression: An Islamic Perspective - Shaykh Dr. Yasir Qadhi

Image

WHY DON'T THESE HANGING STONES FALL?

Image

What Quran says about Moving in sleep

Image

ඉස්ලාමයේ පස්වන කුලුන හජ් (Hajj, The fifth pillar of Islam)

Image
ඉස්ලාම් දහමින් අනිවාර්ය කොට තිබෙන කරුණු අතරින් පස්වැන්න හජ් වේ. සුදුසුකම් සපුරාලන සෑම මුස්ලිම්වරයෙකු විසින්ම අනිවාර්යයෙන්ම එය ඉටු කළ යුතුය. ඒ සඳහා වන කුර්ආන් නියෝගය මෙසේය:  "එහි වන්දනා කිරීම සඳහා වියදම් කිරීමට හැකියාව ඇත්තන්ට අල්ලාහ් වෙනුවෙන් එම නැවතුම් පල හජ් කිරීම අනිවාර්ය කෙරේ" (කුරානය 3:97). නිසි ලෙස හජ් වන්දනය ඉටු කල තැනැත්තාගේ සියළු පව් සමා කරනු ලැබේ. කෙසේ වෙතත් එක් වතාවකට වඩා වැඩියෙන් හජ් ඉටු කිරීම වෛකල්පික ක්‍රියාවක් වේ.  හජ් වන්දනය සඳහා කාලය සහ ස්ථානය නියම කොට තිබේ. ඒ අනුව එය මක්කාවේදී වසරකට වරක් පමණක් සිදු කල හැකිය.  “හජ් (වන්දනය) ඊට නියමිත මාස වලදී පමණි. එබැවින් එම (කාලය තුලදී) හජ් ඉටුකරන තැනැත්තා සංසර්ගයේ යෙදීමද, පව් කිරීමද, අනවශ්‍ය ලෙස තර්ක කිරීමද නොකළ යුතුය. නුඹලා කුමන යහපත් දෙයක් කළත් අල්ලාහ් එය හොඳින් දනියි. තවද ගමනට අවශ්‍ය දේවල් සුදානම් කර ගනු. එහෙත් නියත වශයෙන්ම ඔබ සුදානම් කරන දේවල් අතරින් හොඳම  දෙය ‘තක්වා’ (හෙවත් දෙවියන් කෙරෙහි ඇති භක්තිය) වේ. අවබෝධය ඇත්තවුන් මා හට බිය වනු”   (කුරානය 2:197). හජ් වන්දනයෙනය තුලින් සිහි කරන්නේ ඉබ්‍රාහිම් නබි තුමා අල්ලාහ

The Quran: An Atheists Perspective - Night 02

Image

Exposing Fake healers vs. Real Quran Ruqyah for paranormal activity Jinn...

Image

This is a Guaranteed Way to Jannah - Abdur Raheem McCarthy

Image

මුස්ලිම්වරයෙකුට වෙනත් ආගමිකයෙක් සමග විවාහය විය හැකිද? (Can a Muslim marry a different religious person?)

මුස්ලිම්වරයෙකු යනු දෙවියන්ගේ අණට සම්පුරණයෙන් යටත්වූ කෙනෙකි. එබැවින් ඔහු කරන සෑම ක්‍රියාවක්ම දෙවියන්ගේ නියෝග තුල තිබිය යුතුය. අල් කුරානයෙන් විශ්වාසවන්තයින්ට නියෝග කොට ඇත්තේ ඉස්ලාම් දහම තුලට සම්පුරන්යෙන් පිවිසෙන ලෙසය. ඒ අනුව මුස්ලිම්වරයෙකුගේ සෑම ක්‍රියාවක්ම දහමට එකඟ විය යුතුය. ඒවා උල්ලංගනය කරන තැනැත්තා පුර්ණ මුස්ලිම්වරයෙකු වන්නේ නැත.  ඉහත දැක්වෙන කරුණු සැලකිල්ලට ගැනීමේදී මුස්ලිම්වරයෙකුට විවාහ විය හැක්කේ තවත් මුස්ලිම්වරයෙකු සමග හෝ දෙවියන්ට සමානයන් නොතබන කිතුනුවෙකු හෝ යුදෙව්වෙකු සමග පමණි. එසේ කිරීමෙන් දෙවියන්ට සමානයන් තැබීමේ ගැටළුව නිරාකරණය කළ හැකි වන්නේය. දෙවියන්ට සමානයන් තැබීමෙන් මුස්ලිම්වරයෙකු ඉස්ලාම් දහමින් බැහැර වන්නේය. "අද දවසෙහි නුඹලාට පිරිසිදු දෑ අනුමත කර ඇත. පුස්තකය දෙනු ලැබුවන්ගේ ආහාරය නුඹලාට අනුමත කර ඇත. තවද, නුඹලාගේ ආහාරයද ඔවුන්ට අනුමත කර ඇත. විශ්වාස කළ පතිවත රකින ස්ත්‍රීන්ද නුඹලාට පෙර පුස්තකය දෙනු ලැබූවන්ගෙන් වූ පතිවත රකින ස්ත්‍රීන්ද (නුඹලා) පතිවත ආරක්ෂා කරමින් ලිංගික අපචාරයෙහි නොයෙදෙමින්ද, අනියම් බිරියන් ලෙස නොතබාගැනිමෙන්ද ඔවුන්ට නියමිත මහරය (විවාහ දීමනාව) දෙම

මුස්ලිම් පල්ලියක් අනෙකුත් ආගමික ස්ථාන වලට වඩා වෙනස් වන්නේ ඇයි? (Why is a mosque different from other places of worship?)

Image
මුස්ලිම්වරුන්ගේ දේවස්ථානයට අරාබි බසින් මස්ජිදය යැයි කියනු ලැබේ.  මස්ජිදයක තිබෙන  විශේෂත්වය නම් එහි කිසිවෙකුගේ පිළිම හෝ දේව රූප හෝ නොමැති වීම ය. ඒ අනුව මස්ජිදය අල්ලාහ්ට පමණක් නැමදීම සඳහා වන ස්ථානයකි. මුස්ලිම්වුන් දෛනිකව  මස්ජිදය වෙත ගොස්  සලාතය ඉටු කිරීම අනිවාර්ය වේ. මේ හැරුණු විට සිකුරාදා දිනයේදී නගරයේ වෙසෙන සියලුම දෙනා ප්‍රධාන ජුම්මා මස්ජිදය වෙත ගොස් ජුම්මා සලාතය සහ දේශනයට සවන් දෙනු ලැබේ.  මස්ජිදයෙදී  සියලුම දෙනාට එක සමාන තැනක් හිමිවේ. ඒ අනුව  මස්ජිදය තුල වර්ණ බේද හෝ කුල මල බේද හෝ නැත. ඕනෑම කෙනෙකුට තමන් කැමති තනක සිට ගත හැකිය. මේ හේතුවෙන් කෙනෙකුට ඉමාම් වරයාට ඉතා අසන්න ස්ථානයක් වුවද ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේය. ප්‍රබු වරයෙකු වුවද ප්‍රමාද වී සාමුහික සලාතය වෙත පැමිණියේ නම් ඔහු සිට ගත යුත්තේ අවසාන පෙලියේය. සලාතය මෙහෙය වීම සඳහා සුදුසුකම් ඇතොත් කම්කරුවෙකුටද වුවද එය සිදු කල හැකිය. එය ඉස්ලාම් දහමේ ඇති විශේෂත්වයකි.  මස්ජිදය තුල සිදු කරනු ලබන සාමුහික සලාතයේදී සියලුම දෙනා කරට කර සිට ගැනීම මුස්ලිම්වරුන්ගේ සමගිය සංකේතවත් කිරීමකි.  මුස්ලිම්වරුන්ට ප්‍රධාන දේවස්ථාන තුනක් තිබේ. ඉන් ප්‍රධාන තැනක

මැවුම්වාදය පිලිගනන්වාද? නැතහොත් භෞතිකවාදය පිළිගන්නවාද?(Would you accept creationism? Or do you accept materialism?)

Image
විශ්වය දෙවියන්ගේ මැවීමක් බව මැවුම්වාදීහු කියති. විශ්වය ඉබේ ඇතිවූ බව භෞතිකවාදීහු කියති. මේ දෙකෙන් කුමක් හරිදැයි අපි විමසා බලමු. විද්‍යාඥයින් දැනට සොයාගෙන ඇති පරිදි විශ්වයට ආරම්භයක් ඇත. එසේ නම් එය ආරම්හ වීමට ක්‍රමයක්ද තිබිය යුතුය. මේ සඳහා මැවුම්වාදීහු පවසන්නේ දෙවියන් එය මැවූ බවයි. භෞතිකවාදීන් පවසන්නේ එය ඉබේ ඇතිවූ බවයි. කෙසේ වෙතත් විශ්වය ගැන හැදැරීමේදී පෙනී යන්නේ එය යම්කිසි ඥානාන්විත දෙවිකෙනෙකුගේ මැවීමක් බවයි. මැවුම් වාදීන් ඉදිරිපත් කරන වාදය සත්‍යය එකක් බව පෙන්වීම සඳහා නබිවරුන් විසින් ප්‍රාතිහාරයන් පා ඇත. එවැනි ප්‍රාතිහාරයන් නබිවරුන්ටම මිස වෙන කිසිවෙකුට කළ නොහැකි වීමෙන් පෙන්නුම් කරන්නේ ඔවුන් පවසන දේ සත්‍යය බවයි. එම ප්‍රාතිහාරයන් පිටුපස දෙවියන්ගේ හස්තය ක්‍රියාත්මක වන්නේයැයි ඔවුන් පවසති. මේ අනුව ජේසු තුමාගේ ඉපදීමම ප්‍රාතිහාරයකි. ඔහු තොටිල්ලෙදි කතාකොට ඇත. මළවුන් නැගිටුවා ඇත. උපතින්ම අන්ද වූ අයට පෙනුම ලබා දී ඇත. එසේම ජේසු තුමාට පෙර පැමිණි නබිවරුන්ද ප්‍රාතිහාරයන් පා තිබේ. ජේසු තුමාට පසුව පැමිණි මුහම්මද් නබිතුමාද ප්‍රාතිහාරයන් පා ඇත. මුහම්මද් නබිතුමාට ලැබී ඇති අල් කුරානය අදටත්

Imam Al Ghazali Advice on Time Management - #SpiritualPsychologist

Image

Former Christian Preacher Speaks About Islam • ✿⊱╮ •►

Image

Allah Is Known Through Reasons (HarunYahya.com)

Image

First Things First - A Muslim's Priorities - Dr. Bilal Philips

Image

සාතන් ඔබගේ සතුරා වන්නේ ඇයි? (Why Satan is your enemy?)

Image
සාතන් ගින්නෙන් මවන ලද ජීවියෙකි. ඔහුගේ ආරම්භක වාසස්ථානය ස්වර්ගය යි. එහෙත් ඔහුට ස්වර්ගය අහිමි වුයේ ආදම් තුමාට නමස්කාර නොකිරීම නිසාය. මේ හේතුවෙන් ඔහු මුල සිටම මිනිසාගේ පරම සතුරෙකු බවට පත් විය. එහි ප්‍රතිපලයක් ලෙස සාතන් ආරම්භයේ සිටම සක්‍රීය ලෙස මිනිසාව නොමග යැවීමට ක්‍රියා කරන්නේය. සාතන්ගේ විශේෂත්වය වන්නේ ඔහු මිනිසාව නොමග යවන්නේ මිත්‍රයෙකුගේ වේශයෙන් වීමයි.  සාතන්ගේ රැවටීම නිසා බොහෝ අය ඔහුගේ උගුල් වලට හසු වන අතර නිරයට යන මාර්ගය තෝරා ගන්නේය. එහෙත් සාතන් ගැන මිනිසාට නබිවරුන් හරහා අනතුරු හඟවා තිබේ.  මිනිසා සහ සාතන් අතර පොදු ලක්ෂණයක් වන්නේ ඔවුන් දෙදෙනාටම ස්වයං තීරණ ගැනීම සඳහා හැකියාව තිබීමයි. එම හැකියාව නිසා ඔවුන්ට දෙවියන් පෙන්වා ඇති නිවැරදි මාර්ගය හෝ ඊට එරෙහි මාර්ගය හෝ තෝරාගැනීමට නිදහස ලැබෙන්නේය. එය ඔවුන්ගේ ජය හෝ පරාජය තීරණය කරන ප්‍රධාන සාදකය වේ.  දෙවියන් ආදම් තුමාව මැටියෙන් නිර්මාණය කොට ඔහුට සුජුද් (නමස්කාර) කරන ලෙස අණ කල කල්හි සාතන් හැර සියළුම දේවදුතයින් ඊට එකඟ විය. සාතන් තමන්ට ලැබී ඇති ස්වයං තීරණ ගැනීමේ හැකියව නිසා වැරදි තීරණයකට එළඹුනේය. ඒ අනුව ගින්නෙන් මවා ඇති ඔහු පස්වලින් මවා ඇ

MIRACLES OF THE QUR'AN THE LAYERS OF THE EARTH www harunyahya com

Image

MIRACLES OF THE QUR'AN THE VICTORY OF BYZANTIUM www harunyahya com

Image

"Understanding Islam" - Part 2

Image

සහජීවනයේ අවශ්‍යතාවය (The need for harmony)

Image
    ලෝකයේ ඇති බොහෝ රටවල් දියුණු වී තිබෙන්නේ ජාතින් අතර පවතින සමගිය නිසාය. උදාහරණයක් වශයෙන් සිංගපුරුව මෑතකදී දියුණුව ලැබූ රටකි. එහි බොහෝ ජාතින් සිටියත් ඔවුන් අතර ගැටුම්කාරී තත්වයක් නොමැත. එසේම අමරිකාව ලෝකයේ ඉතා දියුණු රටකි. එහි විවිධ ජාතින් සහ  ආගම් තිබුනත් ලංකාවේ දකින ආකාරයේ ගැටුම් නොමැත.  අවාසනාවකට මෙන් ලංකාවේ ජාතිවාදය ඉස්මතු වී ඔඩු දුවා ඇත. එය ලංකාවේ කිර්ති නාමයට පමණක් නොව ජාතික සමගියට මරු පහරක් එල්ල කොට ඇත. මෙය මැඩලීමට නම් ආගමික නායකයින්, බුද්දිමතුන් මෙන්ම සාමයට කැමති සියළු දෙනාම එකතු විය යුතුය. ලංකාව දැනටමත් තිස් වසරක කුරිරු යුද්දයකින් බැට කා තිබේ. නැවතත් එවැනි යුද්දයක් අවශ්‍ය නැත. මෙය සෑම කෙනෙක්ම හොඳින් තේරුම් ගන්නේ නම් සියළු දෙනාම එකා මෙන් අත්වැල් බැඳගෙන රට ගොඩ නැගීමට ක්‍රියා කළ යුතුය.  ලංකාවේ මුස්ලිම් ප්‍රජාව ඉතිහාසයේ සිටම සිංහල ජනතාව සමග සාමයෙන් ජිවත් වූහ. ඔවුන් කිසිම විටක රටේ කොටසක් ඉල්ලා සටන් කළේ නැත. එවැනි උවමනාවක් ද ඔවුන්ට නැත. තවද මුස්ලිම්වරුන් රජයේ රැකියා ඉල්ලා සටන් කල ඉතිහාසයක්ද නොමැත. එහෙත් ඔවුන් එදා සිටම තම ව්‍යාපාර කරමින් රටේ මහා ජාතිය සමග සාමයෙන් ජිවත් වී ති

Reflecting upon the Qur'an - Asim Khan

Image

විශ්වය නිර්මාණය කළේ කවුද? (Who created the universe?)

Image
විද්‍යාවේ දියුණුවට පෙර පැවති මතය වුයේ විශ්වය සදා කල් පැවති එකක් බවයි. එහෙත් විද්‍යාවේ දියුණුවත් සමග විශ්වයට ආරම්භයක් තිබිය යුතු බව විද්‍යාඥයින් විසින් නිගමනය කරන ලදී. එසේ නම් එය සිදු වුයේ කෙසේද? මේ සම්බන්දයෙන් විද්‍යාඥයින් අතර විවිධ මත ප්‍රකාශ වී තිබේ. මොන මතය ප්‍රකාශ වුවත් යම් දෙයක් සිදුවීමට නම් ඒ සඳහා හේතුක් සහ බලයක් ක්‍රියාත්මක විය යුතු වීම නිරවුල් ප්‍රායෝගික බුද්ධිය වේ. ඒ අනුව කිසිම දෙයක් ඉබේ සිදුවන්නේ නැත. මෙය දැනට අප දන්නා විද්‍යාත්මක සත්‍යය වේ. ඒ අනුව විශ්වය බිහි කොට ඒ තුල ඇති සෑම දෙයක්ම ඉතා ඥානාන්විත අන්දමින් ක්‍රියා කිරීමට නම් ඥානාන්විත දෙවි කෙනෙකු සිටිය යුතු ය. මෙය පිලි නොගන්නේ නම් විශ්වය බිහිවූ අන්දම අංග සම්පුර්ණව විස්තර කිරීමට හැකි වන්නේ නැත. කෙසේ වෙතත් විශ්වයේ බිහිවීම සම්බන්දයෙන් විද්‍යාඥයින් අත‍ර නොයෙකුත් මත ප්‍රකාශ වී තිබේ. එහෙත් ඒවා කිසිවක් විද්‍යාත්මකව සනාථ කල ඒවා නොවේ.  මේ නිසා ඒවා සියල්ලම දැනට වාදයන් පමණි. අනෙක් අතට දෙවියන් විසින් පහළ කොට ඇති සෑම දහම් පණිවිඩයකින් ම පවසන්නේ විශ්වය ඇතුළු සෑම දෙයක්ම දෙවියන් විසින් මවන ලද බවයි. විශ්වයේ බිහිවීම සම්බන්දයෙන් විද්‍යා

ඉස්ලාමයේ නවෝත්පාදනවල අන්තරාය (The dangers of innovation in Islam)

Image
ඉස්ලාම් දහම නබිතුමා ජිවතුන් අතර සිටියදීම සම්පුර්ණ කරනු ලැබිය. ඒ බව මෙම කුර්ආන් වැකියෙන් තහවුරු කොට තිබේ.  “අද දින, මා නුඹලාගේ දහම නුඹලාට සම්පුර්ණ කර ඇත්තෙමි, මාගේ දායාදයද නුඹලාට සම්පුර්ණ කර ඇත්තෙමි, තවද මා ඉස්ලාමය නුඹලාට ආගම ලෙස පිලිගනිමි”  (කුරානය 5:3). මේ හේතුවෙන් ඉස්ලාම් දහම තුලට අලුතින් කොටස් එකතු කිරීම බලවත් වරදකි. අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා ඉස්ලාම් දහම තුලට එකතු කරනු ලබන අලුත් ඇදහිලිවලට බිදඅත් යැයි කියනු ලැබේ.  බිදඅත් ක්‍රියාවන් සඳහා ඉස්ලාම් දහම තුල මුලාශ්‍රයන් නැත. මේ හේතුවෙන් ඒවාට අධ්‍යාත්මික වටිනාකමක් ලැබෙන්නේ නැත. එපමණක් නොව නබිතුමා පෙන්වා නුදුන් සෑම අලුත් ඇදහිල්ලක්ම නොමග ගිය දේවල් වන අතර ඒවා ප්‍රතික්ෂේප කල යුතු බව හදිස් වල දැක්වේ. අලුත් ඇදහිලි සම්බන්දයෙන් නබිතුමා මෙසේ පවසා තිබේ. "කව්රුන් හෝ මේ දහම තුලට අලුතින් යමක් එක්කළේ නම් එය දහමේ අංගයක් නොවන විට ප්‍රතික්ෂේප කල යුතුය" (බුහාරි 2550, මුස්ලිම් 1718). වෙනත් හදිසයක මෙසේ සඳහන් වේ. "දහමට අලුතින් එක්කරන සියලුම ඇදහිලි නොමග ගිය දේවල් වන අතර එසේ නොමග ගිය සියල්ල නිරයට අයත් ය". මේ නිසා   මුස්ලිම්වරයෙකු දහමින් ප

සමලිංගිකතාව පිලිබඳ ඉස්ලාමීය දෘෂ්ටිය (Islamic view of homosexuality)

Image
   දෙවියන් විශ්වය මැවූ පසු ස්වභාවික ක්‍රමයකට (فترة) ක්‍රියා කිරීමට සලස්වා ඇත. ජීවීන්ගේ ලිංගික ක්‍රියාවලියත් එයට අයත් වේ. එය වෙනස් කිරීම යනු දෙවියන්ගේ සැලැස්මට එරෙහි වීමකි.    මිනිසා හැර ලොව සිටින අනෙකුත් සෑම ජීවියෙකුම දෙවියන්ගේ ස්වභාවික ක්‍රමය අනුව ජිවත් වෙති. එහෙත් දහමකට හිමිකම් කියන මිනිසා එම ක්‍රමයට පිටුපා ක්‍රියා කරන්නේය. මෙහි ආරම්භය සිදු වන්නේ ලුත් නබිතුමාගේ කාලයේදීය.    ලුත් නබිතුමාගේ කාලයේ ජීවත්වූ පිරිමින් කාන්තවන් විවාහ කරනවා වෙනුවට පිරිමින් සමග ලිංගිකව ඇසුරු කිරීමට පටන් ගෙන ඇත. මෙම අනර්ථ ක්‍රියාව ඊට පෙර කිසිවෙකු විසින් සිදු කොට නොමැත.  එම ජනතාවට අවවාද කිරීම සඳහා ලුත් නබිතුමාව පැමිණ තිබේ. එතුමා සිය ජනතාවට කොපමණ අවවාද කලත් ඔවුන් එම වැරැද්දේම නියැලී ඇත.    "ලූත්, සිය සමුහයා වෙත (ගොස්): ' නුඹලාට පෙර  ලොවැසියන් කිසිවෙකු නොකළ ලැජ්ජා සහගත දෙය නුඹලා කරමින් සිටින්නේහුදැයි (ඇසු බව සිතා බලන්න). ඇත්ත වශයෙන්ම නුඹලා ස්ත්‍රින්ව හැර දමා පිරිමින් වෙතට (කාම) ආශාවන් වෙනුවෙන් යන්නේහුය. තවද, නුඹලා සීමාව ඉක්මවූ කණ්ඩායම වන්නෙහුය" (කුරානය 7:80-81).    ලුත් නබිත

How to Deal with Doubts about Islam? - Hamza Tzortis

Image

This Video Made Me Convert To Islam!

Image

The Quran & Logic ᴴᴰ - Full Video

Image

The Quran and Science ᴴᴰ

Image

ජිවිතයේ අර්ථය කුමක්ද? (What is the meaning of life?)

Image
  ආත්මය මිනිසාට තේරුම් ගැනීමට ඉතා දුෂ්කර වන්නාවූ අපුරු දෙයකි. එබැවින් ආත්මය ගැන විද්‍යාඥයින්ට පර්යේෂණ සිදු කිරීමට මෙතෙක් හැකිවී නොමැත. එය භෞතික දේවල් වලින් සහමුලින්ම වෙනස් ය.  ජිවය ඇති දේවල් වලට ක්‍රියාකාරකම්, ප්‍රතික්‍රියා, ඇගයීම සහ වර්ධනය විය හැකිය. එය ජීවී හා අජීවී දේවල් අතර ඇති තීරණාත්මක වෙනසකි. ජීවී සහ අජීවී දේවල් අතර ඇති තවත් ප්‍රධාන වෙනසක් වන්නේ ජීවී දෙයක් වර්ධනය වීමෙන් පසු මිය යාමය. මේ නිසා ජීවී දෙයක ප්‍රගුණ වීම හා අවබෝධ කර ගැනීම මරණයත් සමග නතරවන්නේය. ජිවය නොමැති භෞතික දේවල් ජෛව විද්‍යාත්මක වර්ධනයක් හෝ දරුවන් බිහි කිරීමක් සිදු කරන්නේ නැත.     එසේ නම්; "ජිවිතයේ අර්ථය කුමක්ද? ඊට පිළිතුරු දිය හැක්කේ කාටද?"     ආත්මය ගැන හරි හැටි දන්නේ එහි මැවුම් කරු පමණි. මේ නිසා ආත්මයේ අරමුණ දැනගැනීමට එහි මැවුම්කරුගේ උපදෙස් ලබා ගැනීම අත්‍යාවශ්‍ය වේ. මිනිසාගේ උඩඟු කම නිසා එසේ නොකළේ නම් එහි විපාන විඳින්නට සිදු වන්නේ මිනිසාටමය. දෙවියන්ව අමතක කරමින් මිනිසාට ඔහුගේ මතු ජීවිතය නිර්ණය කල නොහැකිය. මේ සඳහා දෙවියන් පහළ කල නිවැරදි දහමක් අනුගමනය කිරීම අතාවශ්‍ය වේ. කුරානය හැර

ජන්දය දීමේදී මේවා ගැන සිතා බලනවාද? (Do you think about voting?)

Image
ජන්දය දීමේදී ඉතාමත්ම කල්පනාකාරී විය යුත්තේ එහි අවසාන ප්‍රතිපලය ඉතාමත්ම තීරණාත්මක වන නිසාය. ජන්දය දීමේදී කරනු ලබන වරද නිසා රට ආපස්සට යා හැකිය. එහෙත් අපට අවශ්‍ය වන්නේ රට දියුණු කිරීම සඳහා පාලකයින් පත්කිරීම මිස පාලකයින් පොහොසත් කිරීම නොවේ. කෙනෙක් පාලකයෙකු බවට පත්වීම සහ කෙනෙකුව පාලකයා වශයෙන් පත්කර ගැනීම යන කරුණු දෙකම ඉතාමත්ම බැරෑරුම් කාර්යයන් වන්නේය. එබැවින් දුෂ්ට පාලකයෙකු තෝරා පත්කර ගන්නේ නම් එසේ බලයට පත් වූ තැනැත්තා පමණක් නොව ඔහුට බලය ලබා දුන් අයත් ඊට වග කිව යුතුය. ජන්දදායකයා කිසිම පක්ෂයක් ඔහුගේ ආගම ලෙස සැලකිය යුතු නැත. ඒ අනුව තමන් එකම පක්ෂයකට බැඳී සිටිය යුතු නොවේ. ජන්දය දීමේදී වඩාත් සැලකීමත් විය යුත්තේ ජන්දය ඉල්ලන අයගේ ස්වභාවය ගැනයි. ඔවුන් පොරොන්දු ඉටුකරන අය විය යුතුය. එබැවින් කිසිම ජන්ද දායකයෙකු නැවත නැවත රැවටීමට ලක් නොවී තම කාර්ය භාරය ඉටු කිරීමට වග බලා ගත යුතුය. මේ නිසා තමන් දෙන වටිනා ජන්දය සුදුස්සාට පමණක් ලබා දීමට අධිෂ්ඨාන කර ගත යුතුය. එසේ කලේ නම් තම අපේක්ෂකයා පරාජය උනත් සැනසීමට පත් විය හැකි වනු ඇත. වරක් බලය ලබා දී තිබියදී සොරකම් කොට ඇත්නම් හෝ ඔහුගේ සේවය නිසියාකාරව

වහලුන් පිලිබඳ ඉස්ලාමිය ස්ථාවරය (Islamic stand on slaves)

Image
වහල් වෙළඳාමට දීර්ඝ ඉතිහාසයක් ඇත. එබැවින් එය එකල ජිවත් වු මිනිසුන් අතර සාමාන්‍ය දෙයක් විය. වහල් වෙළඳාම පෘතුගීසිය, ස්පාඤ්ඤය, බ්‍රිතාන්‍යය, අරාබිය මෙන්ම බටහිර අප්‍රිකානු රටවල්වල තිබී ඇත. අල්-කුරානය පහළ වන සමයේදී අරාබියාවේ ද වහල් වෙළඳාම තිබී ඇත. කෙසේ වෙතත් මෙම ලිපියෙන් සලකා බලන්නේ වහල් වෙළඳාම අහෝසි කිරීම සඳහා ඉස්ලාම ගෙන ඇති පියවරවල් ගැන පමණි.  ඉතිහාසයේදී නිදහස් පුද්ගලයින්ව වහළුන් ලෙස යොදාගෙන ඇත්තේ සාදාරන හේතුන් මත නොවේ. ඒ අනුව ණය ගෙවීමට නොහැකිවූ පුද්ගලයින්ව වහළුන් බවට පත් කොට ඇත. තවද ඇතැම් අවස්ථාවන්හිදී නිදහස් පුද්ගලයින්ව පැහැරගෙන ගොස් වහළුන් ලෙස විකුණා ඇත. ඇතැම් අය දිළිඳු කම නිසා වහලුන් බවට පත්වී ඇත. මිට අමතරව ඇමරිකාව යුරෝපය වැනි රටවල්වල නිදහස් පුද්ගලයින්ව පැහැරගෙන ගොස් වහළුන් ලෙස විකුණා තිබේ. ඉහත සඳහන් කළ කරුණු හැරුණු විට යුද්ධ වලදී අල්ලාගනු ලැබූ සිරකරුවන්ව වහළුන්බවට පත් කොට ඇත. ඉස්ලාම් දහම අනුව නිදහස් පුද්ගයින්ව පැහැර ගෙන ගොස් වහල් සේවයේ යෙදවිය නොහැකිය. වහළුන්ව නිදහස් කිසිම සම්භන්දයෙන් බොහෝ කුර්ආන් වැකි දැකිය හැකිය. මේ අනුව මුස්ලිම්වරුන් කරන ඇතැම් වැරදි වලට දඬුවම් වශයෙන්

ඉස්ලාම් දහම සහ කාදියානි දහම (Islam and Qadianism)

Image
කදියානි දහමේ නිර්මාතෘ මිzස්රා ගුලාම් අහමඩ් ය. ඔහු 1835 දී උතුරු ඉන්දියාවේ පන්ජාබ්හි කාදියාන් නමැති ගමේ උපත ලබා ඇත. ඔහු සහ ඔහුගේ පව්ලේ උදවිය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යාට ගැතිකම් කොට ඇත. ඒ අනුව ඔහුට අවශ්‍යව තිබුනේ මාහා බ්‍රිතාන්‍යට විරුද්ධව ජිහාද් ප්‍රකාශ කිරීම වැළැක්වීමට යි.  මිzස්රා ගුලාම් අහමඩ් තමන්ව හඳුන්වාගෙන ඇත්තේ මුහම්මද් තුමාගෙන් පසුව පැමිණීමට නියමිත මහ්දි තුමා ලෙසය. ඒ අනුව ඔහු 1889 දී ඔහුගේ කාදියානි සංගමය පිහිටවාගත් අතර 1901 දී ඔහු නබිවරයෙකු බවට ප්‍රකාශ කොට ඇත. ඔහු ඉදිරිපත් කල දහමේ කුරානයට සහ නබි වදන් වලට පටහැනි කරුණු රැසක්ම අඩංගු වේ.  කාදියානි නායකයා 1908 දී දරුණු පාචනය හේතුවෙන් ඇතිවන සංකූලතා හේතුකොටගෙන වයස අවුරුදු 73 දී මරණයට පත්වූ බව ඔහුගේ මරණය සහතිකයේ සඳහන් කොට ඇත. එහෙත් ඔහු අවුරුදු 80 හෝ ඊට වැඩි කාලයක් ජිවත්වන බව ඔහු විසින් පවසා තිබුනේය (Mawahib-ur-Rahman, P. 21). මේ හේතුවෙන් ඔහුගේ අනාවැකිය බොරුවක් බව සනාථ වේ. තවද ඔහු පවසා තිබුනේ ඔහුගේ මරණය මක්කාවේ හෝ මදීනා නගරයේ සිදුවන බවයි (Tadhkira, P. 591). එහෙත් ඔහුට එම නගර දැක ගැනීමට පවා ලැබී නොමැත. මේ නිසා පැහැදිලි වන්නේ

විශ්වය නිර්මාණය කළේ කවුද? (Who created the universe?)

Image
මීට වසර බිලියන 13.8 කට පෙර විශ්වය බිහිවූ බව විද්‍යාඥයින්ගේ මතය වේ. එහෙත් විශ්වයේ බිහිවීම සම්භන්දයෙන් ස්ථිර නිගමනයකට විද්‍යාඥයින් මෙතෙක් පැමිණ නැත. එබැවින් ඒ සම්බන්දයෙන් බොහෝ  වාදයන් පමණක් ඉදිරිපත් කොට තිබෙනු දැකිය හැකිය. එම වාදයන් අතරින් වඩාත්ම පිළිගැනීමට ලක්ව ඇත්තේ මහා පිපුරුම් වාදයයි. කෙසේ වෙතත් එම වාදය තුල බොහෝ අඩුපාඩුකම් දැකිය හැකිය.  විශ්වයේ බිහිවීම සම්බන්දයෙන් 21 වන සිය වසේ ජීවත්වූ සුප්‍රසිද්ධ ඇමරිකානු විද්‍යාඥයෙකු වන මහාචාර්ය ස්ටෙෆාන් හෝකින්ස් මහතා ඔහු විසින් පලකරන ලද "A brief history of time from big bang to black hole" යන ග්‍රන්ථයේ සඳහන් කරන්නේ විශ්වය සර්වබලධාරී දෙවි කෙනෙකුගේ මැවීම් ක්‍රියාවක් බවයි. කෙසේ වෙතත් ඔහු ලිඔනාඩ් ම්ලොඩිනොව් සමග එකතුව පල කරන ලද "The Grand Design" යන කෘතියෙහි සඳහන් කරන්නේ විශ්වය ඉබේ ඇති වූ බවයි. එහෙත් බොහෝ විද්‍යාඥයින් මෙම මතය පිළිගන්නේ නැත.  විශ්වයේ බිහිවීම සම්බන්දයෙන් ලොව ඇති සෑම ප්‍රධාන ආගමකින්ම පවසා තිබෙන්නේ එය සර්වබලධාරී දෙවියන්ගේ මැවීමක් බවයි. දෙවියන් යනු කිසිවෙකුගේ අවශ්‍යතාවයන්ගෙන් ස්වායත්ත කෙනෙකි. ඔහුට ආරම්භයක් හෝ අවස