Posts

Showing posts from June, 2019

සුෆි නිකායන් ඉස්ලාමයෙන් බැහැර වන්නේ ඇයි? (Why do Sufi sects deviate from Islam?)

Image
ඉස්ලාම්, මිනිසාට යහ මග පෙන්වීම සඳහා අල්ලාහ්ගෙන් පහළ කරන ලද දහමකි. එය  ආදම් තුමාගෙන් පටන් ගෙන මුහම්මද් නබි තුමාට පහළ කරන ලද කුරානයත් සමග අවසාන වන්නේය. ඉස්ලාම් දහම දෙසීම සඳහා සිය දහසකට වඩා නබිවරුන් මෙලොවට පැමිණ තිබේ. ඒ අනුව මුහම්මද් නබි තුමා කුරානයට අනුව ඉස්ලාම් දහම ප්‍රචාරය කළේය. මුහම්මද් නබිතුමාගේ පටන් දසක කිහිපයක් යන තුරුම ඉස්ලාම් දහම තුල කිසිම නිකාය බේදයක් දක්නට තිබුනේ නැත.  සුෆි නිකාය ආරම්භ වන්නේ ලෞකික ආසාවන්ගෙන් සම්පුර්ණයෙන්ම වැලකී සිටීමේ අරමුණ ඇතිවය. ඔවුන් එවැනි පියවරක් ගැනීමට හේතු වුයේ ලෞකික ජීවිතය පමණක් අරමුණු කරගත් මුස්ලිම්වරුන්ව යහ මගට ගැනීමේ චේතනාව නිසාය. කෙසේ වෙතත් ක්‍රමක් ක්‍රමයෙන් එය ඉස්ලාම් දහමේ වෙනමම නිකායක් බවට පත් විය. ඒ අනුව පසු කාලයේදී සුෆි නිකාය තුලට ඉස්ලාම් දහමේ නැති ඉගැන්වීම් ඇතුලත් විය. එහි ප්‍රතිපලයක් ලෙස සුෆි නිකායන් නොමග ගිය කණ්ඩායම් බවට පත් විය.  ඇතැම් සුෆිවරුන් සලාතයට ප්‍රමුඛතාවයක් දක්වන්නේ නැත. ඒ වෙනුවට නබිතුමා පෙන්වා නොදුන් අලුත් ක්‍රම මගින් අල්ලාහ්ව zසික්ර් කිරීම තෝරාගෙන ඇත. තවද සුෆිවරුන්ගෙන් බොහෝ අය නබිතුමාගේ සුන්නාවන් පිළිපදින්නේ නැත. ඇතැම් සුෆි නා

අහිංසක මිනිස්සු මැරුවාට කන්‍යාවන් 72ක් ලැබෙනවාද? (Does killing innocent people get 72 virgins?)

Image
බොහෝ අයට ඉස්ලාම් දහම ගැන හරි හැටි අවබෝදයක් නොලැබෙන්නේ ජන මාධ්‍ය ඔස්සේ සිදු කරනු ලබන අසත්‍ය ප්‍රචාරයන් නිසාය. උදාහරණයක් ලෙස 2019 අප්‍රේල් 21දී සිදු කල බෝම්බ ප්‍රහාරය පෙන්වා දිය හැකිය. ඇත්ත වශයෙන්ම එම ත්‍රස්තවාදී ක්‍රියාවටත් ඉස්ලාම් දහමටත් කිසිම සම්බන්දයක් නැත. එහෙත් එදා සිදුවූ එම බෝම්බ ප්‍රහාරය ජනමාධ්‍යවලින් ප්‍රචාරය කරනු ලැබුවේ ඉස්ලාම් දහමට මඩ ගැසීම සඳහාය. තවද සහරාන් විසින් සිසු කල බෝම්බ ප්‍රහාරය ගැන ඔවුන් හේතු වශයෙන් දැක්වුයේ ස්වර්ගයේ කන්‍යාවියන් 72ක් ලබා ගැනීම සඳහා එය සිදු කල බවයි.  ඉස්ලාමිය ඉගැන්වීම් අනුව හේතුවක් නොමැතිව කරන මිනිස් ඝාතනයකට ලැබෙන්නේ නිරය වේ. ඇයිද යත් අල් කුරානයට අනුව හේතුවක් නොමැතිව සිදු කරනු ලබන මිනිස් ඝාතන සලකනු ලබන්නේ මුළු මිනිස් සංහතියම ඝාතනය කලාට සමානවය.  "නියතව කවරෙක් ඝාතනය කිරීම නිසා හෝ පොළොවෙහි කළහ ඇති කළ නිසා හෝ හැර තවත් කෙනෙකු ඝාතනය කරයිද ඔහු මුළු මිනිස් සමුහයාවම ඝාතනය කළ කෙනාට සමාන වන්නේ යැයිද කවරෙක් එය ජිවත් කරවන්නේද ඔහු මුළු මිනිස්වර්ගයාවම ජිවත් කරවූ කෙනා සේ වන්නේයැයි ද ඉස්රායිල් දරුවන්ට අපි දැනුම් දුන්නෙමු"  (කුරානය 5:32). අල් කුරානය තුල ත්‍රස