ඉස්ලාමිය භූමිදානය
සෑම ජිවියෙකුටම මරණය නියතය. එහෙත් මිනිසා තම තමන්ගේ ආගමනුකුලාව එම මරණය භූමිදානය කරන්නේය. මේ භූමිදාන ක්රමවලින් සරලම ක්රමය මුස්ලිම්වරුන් අනුගමනය කරන්නෝය. ඉස්ලාමිය භූමිදානය ආගමික අංශයක් වේ. එසේ හෙයින් එය සිදුකල යුත්තේ දහමින් පෙන්වා ඇති ආකාරයටය. කෙසේ වෙතත් අද සිදුවන සමහර ඉස්ලාමිය අවමන්ගල්යයන් සිදුවන්නේ නබිතුමාගේ මගපෙන්වීම අනුවම නොවේ. ඒවාට අළුතින් කොටස් එකතු කර ඇති බව කිවයුතුය. එසේ නම් මේ වැරදි ක්රම ආගම තුලට ඇතුලත් වුයේ කෙසේද? මිට ප්රධානම හේතුව එකල ලංකාවේ තිබුණු උගතුන්ගේ හිඟයය බව කිවහැකිය. එහෙත් මේ වැරදි ක්රම ආගමතුලට ඇතුල්කරන මුල් අවදියේ දී ම ඒවා නිවැරදි නොකිරීමේ ප්රතිපලයක් වශයෙන් ඒවා නිවැරදි බවට මතයක් මිනිසුන්ගේ සිත්වල මුල් බැස ඇත්තේය. කාලයක් තිස්සේ වැරදි දේ කරමින් සිටි මිනිසුන්හට දැන් නිවැරදි දේ පෙන්වාදීම ට යාමෙන් ඔවුන් සිතන්නේ එසේ කරන අය අළුතින් ආගම වෙනස් කිරීමට යන බවයි. එහෙත් වැරදි ආකල්ප පිළිපදින අය ඔවුන් නිවැරදියැයි කියන දේ ඔප්පුකිරීමට සාදක පොත්පත් ආශ්රයෙන් පෙන්වන්නේ ද නැත. ජනාසාවක් (මියගිය දේහය) භිමිදානය සඳහා පිළියෙළ කල පසු එක් මොව්ලවී කෙනෙක් පැමිණ "අල්