Posts

Showing posts from June, 2021

ඉස්ලාම් දහමින් ඌරු මස් තහනම් කිරීමට හේතුව (Why pork is prohibited in Islam)

Image
බොහෝ මාංශ වර්ග ඉස්ලාම් දහමින් තහනම් කොට තිබේ. ඒවා අතරින් ඌරු මස් විශේෂ තැනක් ගන්නේය. ඊට ප්‍රධාන හේතුව ඌරා මල මුත්‍රා, කුණු කසල සහ අසුචි මත යැපීම යි. තවද ඌරු මස් සහ එහි මේදය මගින් වෙනත් මාංශ වර්ග වලට වඩා වෙගයනේ විෂ ද්‍රව්‍ය අවශෝෂණය කර ගන්නේය. එම නිසා එම මාංශ අනෙක් මාංශ වලට වඩා 30 ගුණයකින් විෂ සහිතය. ඌරු මස්වල ඇති විසබීජ නිසා ඒවා පරිබෝජනය කල අයට ඉතා භයානක රෝග වැළඳෙන්නේ ය. උගෙන් ඇතිවන ඇතැම් පණු රෝග හේතුවෙන් මොලේ උන වැළඳීමට ඉඩ කඩ බෙහෙවින්ම වැඩිය. තවද ඌරු මස්වල ඇති මේදය හේතුවෙන් හෘදාබාද ඇතිවීමේ අවදානම ඉතා අධිකය. එසේම ඌරු මස් නිසා බඩවැල්වල, ගුදමාර්ගයේ, පුරස්ථි ග්‍රන්ථයේ සහ රුධිරයේ පිළිකා ඇතිවීමට තිබෙන අවදානම ඉතා ඉහල මට්ටමක පවතින්නේය. තවද ඌරාගෙ මාංශවලින් සහ මේදයෙන් ඇතිවන තරබාරුකම නිසා ඇතිවන ලෙඩ රෝග සුවපත් කිරීම ඉතා අසීරු බව සඳහන් වේ. ඇයිද යත් එහි තිබෙන කොලොස්ටරෝල් හේතුවෙන් වෙනත් මෙදයන්ට වඩා වැඩියෙන් රුධිර නාලවල අවහිරතා ඇති වන නිසාය. ඌරු මස් නිසා වැළඳෙන පනුහොරි සහ උදරයේ ඇතිවන පිළිකා සුවකළ නොහැකිය. තවද එම මස් කෑමෙන් පෙනහළුවල බෝවිය හැකි පටිපනුවා ආශ්‍රිත රෝග මෙන්ම එම මාංශ වල ඇති ශුද්‍ර ජීවීන්

කාල කළමනාකරණයේ වැදගත්කම (The importance of time management)

Image
කාලය මිනිස් ජීවිතයත් සමග බද්ද වී ඇති ඉතා වටිනා සම්පතකි. එය මිනිසාගේ ඉරණම විසඳන තීරණාත්මක සාදකයක් ද වේ. ඊට හේතුව මිනිසාට ලැබී ඇති සීමිත කාලය තුල සිදු කරන්නාවූ දේවල් අනුව ස්වර්ගය හෝ නිරය ලැබීමට නියමිත වීමයි. එසේ තිබියදී යම් කෙනෙක් කාලය විනාශ කලේ නම් කාලය විසින් ඔහුගේ මතු ජීවිතය විනාශ කරනු ඇත.  බොහෝ අය මහලු වියට පත් වන තුරු ජිවිතයේ නියම අරමුණ කෙරෙහි සිත යොමු කරන්නේ නැත. එහෙත් අල් කුරානය මිනිසාට මෙසේ අවවාද කොට තිබේ. "නුඹලාගෙන් කෙනෙකුට මරණය පැමිණීමට පෙර නුඹලාට අප ලබා ලබා දී ඇති දේවල් වලින් නුඹලා (යහකම්හි) වියදම් කරනු. (නැති නම් මැරෙන මොහොතේදී) 'මාගේ සමිඳුනි! නුඹ මට සුළු මොහොතකට අවස්ථාව ලබා දෙන්නේ නම් මා මාගේ ධනයෙන් සදකා දී ධර්මිෂ්ටයක් වන්නෙමි'යි (පවසනු ඇත). (එහෙත්) කිසිවෙකුගේ නිශ්චිත කාලය පැමිණියේ නම්, අල්ලාහ් එය ප්‍රමාද කරන්නේ නැත. තවද, නුඹලා කරන දේවල් ගැන අල්ලාහ් හොඳින් දන්නේය" (කුරානය 63:10-11). මිනිසා මුහුණ දෙන තත්වයන් අනුව කාලයේ වටිනාකම මෙලොවදී ද දැක ගත හැකිය. උදාහරණයක් වශයෙන් ඔලිම්පික් තරඟයකට සහභාගී වන කෙනෙකුට මිලි තත්පරයක වටිනාකම ගැන දන්නේය. ඔහුගේ පදක්කම තීරණය වන

දෙවියන් සියල්ල දන්නේ නම්, ඔහු මිනිසාව පරීක්ෂා කරන්නේ ඇයි? (If God knows everything, why does He test man?)

Image
  දෙවියන් සර්ව බලධාරියා මෙන්ම සර්වඥානී ද වේ. එසේ තිබියදී මිනිසාව පරික්ෂා නොකර ස්වර්ගයට  නියමිත  අයව ස්වර්ගයටත් නිරයට නියමිත අයව නිරයටත් නොදමන්නේ ඇයිදැයි කෙනෙකුට සිතෙනු ඇත. ඇත්ත වශයෙන්ම දෙවියන්ට ඉතා පහසුවෙන්ම ඒ දේ කල හැකිය. එහෙත් මිනිසාව පරික්ෂා කරන්නේ ස්වර්ගය හෝ නිරය මිනිසා විසින්ම තෝරාගන්න දෙයක් බව ඒත්තු ගැන්වීම සඳහාය. අල් කුරානය මෙසේ පවසයි: "මිනිසුන් 'අපි විශ්වාස කරන්නෙමු'යි පැවසූ පමණින් සෝදිසි නොකර අත් හරිනු ලබන්නේදැයි සිතා සිටින්නෝද? නියත වශයෙන්ම මොවුන්ට පෙර සිටියවුන්වද අපි සෝදිසි කළෙමු. ඇත්ත වශයෙන්ම සත්‍යවන්තයින් කව්රුන්ද, බොරු කාරයින් කව්රුන්ද යන්න අපි ප්‍රසිද්ධ කරමු" (කුරානය 29:2-3). මේ සඳහා මිනිසාට ජිවිතයක් සහ මරණයක් ලබා දී ඇත.  මිනිසාව මැවීමට ප්‍රථමයෙන්ම ඔහුගේ දෛවය ලියා හමාරය. එය දෙවියන්ගේ දැනුම හා සම්බන්ද කරුණකි. උදාහරණයක් වශයෙන් දක්ෂ ගුරුවරයෙකුට පන්තියේ සමත්වන සිසුන් කව්ද අසමත්වන සිසුන් කව්ද යන්න කලින්ම පැවසිය හැකිය. ගුරුවරයෙකුට එසේ කල හැකි නම් සියල්ල දත් දෙවියන්ට එය කල නොහැක්කේ මන්ද? ගුරුවරයා දන්නා දේ කළින්ම ලියා තැබීම නිසා සිසුන්ගේ ප්‍රතිපලවල

ඉස්ලාමයේ කාන්තා අයිතිවාසිකම් (The Rights of Women in Islam)

Image
ඉස්ලාම් ආගම ආරම්භයේ සිටම කාන්තා අයිතිවාසිකම් සඳහා පෙනී සිට ඇත. ඒ අනුව අල් කුරානය පහළ වීමෙන් පසු කිසිදාක නොතිබුණු වරාප්‍රසාදයන් බොහොමයක් කාන්තාවන් වෙනුවෙන් ලබා දීමට ඉස්ලාම් දහම කටයුතු කොට තිබේ. එපමණක් නොව අල් කුරානයේ එක් පරිජ්ජේදයක් "අන් නිසා" නොහොත්  "කාන්තාව" යන නමින්ම නම් කොට තිබීමෙන් ඔවුන්ට තවත් ගෞරවයක් ලබා දී තිබේ. කෙසේ වෙතත් මුස්ලිම් කාන්තාවගේ ඇඳුම පිළිබඳව ජනතාවට තිබෙන්නේ වැරදි මතයන් ය.  අල් කුරානය පහළ වන යුගයේදී අරාබියාවේ සිරිත අනුව ගැහැණු දරුවන්ව පන පිටින් වළලා තිබේ. එවන් සමාජයක කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් මුලින්ම පෙනී සිට ඇත්තේ මුහම්මද් නබි තුමාය. එතුමා එම ක්‍රමය සම්පුර්ණයෙන්ම වෙනස් කොට කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට කටයුතු කොට ඇත. තවද, එදා සිටි කාන්තාවන්ව වහල් වෙළඳාමේ විකුණනු ලැබුවත් නබිතුමා එය තහනම් කළේය. එමගින් ඔවුන්ට ගෞරවනීය තත්වයක් ලබා දී තිබේ. එහෙත් අල් කුරානය පහළ වීමට පෙර ලෝකයේ බොහෝ රටවල්වල කාන්තාවන් සඳහා පිලිගනිමක්ම තිබී නැත. එබැවින් ඔවුන්ට දේපල උරුමයන් පවා ලබා දී තිබුනේ නැත. එහෙත් අල්-කුරානය පහළ වීමෙන් පසු කාන්තාවන් සඳහා දේපල අයිතිය ඇතුළු

එකමුතුකමේ වැදගත්කම (The importance of unity)

Image
එකමුතුකම බලය වේ. එහෙහ් බොහෝ අයට අවශ්‍යව තිබෙන්නේ එකමුතුකම විනාශ කොට ඔවුන්ගේ බලය රැක ගැනීමයි. මෙය ලොව පුරා දැකිය හැකි අලුත්ම ප්‍රවනතාවකි. අල් කුරානයට අනුව මිනිස් වර්ගයා පැවත එන්නේ එක් මවකගෙන් සහ පියෙකුගෙන් ය. එම නිසා ලොව සිටින සියලුම දෙනා සහෝදරයින් වේ.  "මිනිසුනි! නියත වශයෙන්ම අපි නුඹලාව පිරිමියෙකුගෙන් සහ ගැහැනියෙකුගෙන් මැව්වෙමු. තවද නුඹලා එකිනෙකාව හඳුනා ගැනීම පිණිස ජාතින් ලෙසද ගෝත්‍ර වශයෙන්ද නුඹලාව පත් කළෙමු" (කුරානය 49:12). මල්වත්තක අලංකාරය ඇති වන්නේ එහි විවිධ වර්ගයේ ගස් කෝලන් සස විවිධ පාටවල මල් තිබිනොත් ය. එකම වර්ගයේ සමනලුන් සිටි විට එහි දැකුම් කළු බවක් නැත. එම නිසා විවිධ වර්ගයේ සමනලුන් සිටිය යුතුය. මිනිසාටද විවිධ හැකියාවන් තිබේ. ඒවා නිසි පරිදි ප්‍රයෝජනයට ගත්විට රටක් දියුණු කල හැකිය. එසේම රටක විවිධ භාෂාවන් කතා කරන අය සිටිති. විවිධ ආගම් අදහන අය සිටිති. ඒ සියලු දෙනාම රටක පුරවැසියන් වන විට එක සමානව සැලකිය යුතුය. කෙනෙක් තවත් කෙනෙකුගේ ආගමට ගැරහිය යුතු නැත. ඒවායේ වැරදි සෙවීමට වඩා තමන්ගේ වැරදි හදා ගැනීම ඉතා වැදගත් ය. මේ නිසා කුරානය මෙසේ පවසා ඇත.  "ඔවුන් අල්ලාහ් හැර නමදින

මුස්ලිම්වරයෙකුගේ ඇදහිල්ලට හානි කරන දේවල් (Things that harm the faith of a Muslim)

Image
මුස්ලිම්වරයෙකුගේ ඇදහිල්ලට හානි කරන දේවල් අතරින් ප්‍රධාන තැනක් ගන්නේ අල්ලාහ් සමග වෙනත් දේවල් ආදේශ කිරීම සහ දහමට අලුතින් දේවල් එකතු කිරීම වේ. එහෙත් බොහෝ මුස්ලිම්වරුන්ට මෙය සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. එහි ඇති භයානක කම වන්නේ එවැනි වැරැද්දක් කරන කෙනෙක් ඔහුගේ මරණය දක්වාම එම වැරැද්දට සමාව නොගෙන මරණයට පත් වීමට තිබෙන හැකියාවයි. අල්ලාහ්ට සමානයන් තබමින් සිට මරණයට පත් වූ අයට මරණයෙන් පසු සමාවක් නැත. මුස්ලිම්වරයෙකුගේ නැමදීම, ප්‍රර්ථනා කිරීම, කැප කිරීම, පඬුරු දැමීම ආදී සියලුම දේවල් අල්ලාහ් වෙනුවෙන්ම පමණක් විය යුතුය. එසේ තිබියදී අල්ලාහ්ට නැමදුම් කරන අතරම මළවුන් හරහාද අල්ලාහ් වෙත තම ප්‍රාර්ථනයන් යොමු කිරීම ප්‍රධාන අකුසලයකි. තවද කැපකිරීම් සහ පඬුරු දැමීම් කල යුත්තේ අල්ලාහ් වෙනුවෙන් පමණි. එම නිසා මළවුන් වෙනුවෙන් හෝ වෙන යම් කෙනෙකු වෙනුවෙන් එය සිදු කිරීම හරාම් වේ. "ඔවුන් අල්ලාහ් වෙනුවට තමන්ට හිංසාවක් හෝ යහපතක් හෝ සිදු කිරීමට හැකියාවක් නොමැත්තන්ට නැමදුම් කරති. තවද "මේවා අල්ලාහ්ටත් අපටත් අතර සිටින අතරමැදියන්" යැයිද ඔවුන් පවසන්නෝය. පවසනු:"අහස්හි සහ පොළොවෙහි අල්ලාහ් නොදන්නා දේ (ඇති බව සිතා