Posts

Showing posts from January, 2023

අල් කුරානය සහ විද්‍යාව (Quran and science)

Image
විද්‍යාව යනු නිරීක්ෂණ සහ අත්හදා බැලීම් තුලින් ලබාගත් සාක්ෂි අනුව භෞතික ලෝකයේ ව්‍යුහය සහ හැසිරීම ක්‍රමානුකූලව අධ්‍යයනය කිරීම වේ. අනෙක් අතට ආගම යනු දෙවියන් විසින් මිනිසාට යහ මග පෙන්වීම සඳහා පහළ කරන ලද පණිවිඩයකි. අල් කුරානය එලෙස පැමිණි අවසාන දහම් පණිවිඩය යි. එහි අධ්‍යාත්මික කරුණු වලට අමතරව විශ්වය පිළිබඳ බොහෝ දේවල් ඇතුලත් කොට තිබේ. කෙසේ වෙතත් එම කරුණු කුරානයට ඇතුලත් වුයේ කිසිම විද්‍යාත්මක පර්යේෂණයක ප්‍රතිපලයක් ලෙස නොවේ. එසේ තිබියදී එම කරුණු වල සත්‍යතාව ලොවට හෙළි වුයේ කුරානය පහළ වීමෙන් සියවස් දාහතරකට පමණ පසුවය. විශ්වයේ ප්‍රසාරණය ගැන කරුණු සොයා ගනු ලැබුවේ විසිවන සිය වසේදීය. ඒ සඳහා නවීන විද්‍යා උපකරණ මෙන්ම දැනුම භාවිතා විය. එසේ තිබියදී එම කරුණම අල් කුරානය මගින් කිසිම විද්‍යා දැනුමක් නොමැති යුගයක දී ඉදිරිපත් කොට තිබීම විමතියට කරුණකි. තවද අත්ලාන්තික් සහ පැසිෆික් සාගර දෙකට බෙදී වෙන්වී තිබීම ගැන සොයා ගනු ලැබුවේ ඉතා මෑතක දීය. එහෙත් එම කරුණ ගැන හත්වන සියවසේ පහළ වූ කුරණයෙන් පවසා ඇත. සැබැවින්ම අල් කුරානය දෙවියන් විසින් පහළ කරන ලද පණිවිඩයක් නොවේ නම් එවැනි දෙයක් කිසිසේත්ම එම යුගයේදී දැනගෙන සිටියේ නැත.

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

Image
ඉස්ලාම් දහම අනුව ජීවිතය පරික්ෂාවකි. මිනිසාව මවා තිබෙන්නේ ඊට මුහුණ දීමට හැකි වන පරිද්දෙනි. තවද මිනිසා වෙනුවෙන් දහමක් පහළ කොට ඇති අතර එහි ස්වර්ගයට යන මාර්ගය සහ නිරයට යන මාර්ගය පෙන්වා දී තිබේ. මිනිසා කළ යුත්තේ ඉන් තමන් කැමති මාර්ගයක් තෝරාගැනීම යි. ඒ සඳහා මිනිසාට පුර්ණ නිදහස ලබා දී තිබේ. මේ නිසා මරණයෙන් පසු යමෙක් ස්වර්ගයට යන්නේද නැති නම් නිරයට යන්නේද ඔහුගේම තේරීම අනුවය.  මෙවැනි අවස්තාවක් ලොව වෙසෙන අන් කිසිම  ජීවියෙකුට ලබා දී නැත. එහෙයින් මිනිසා හැර අන් සියලුම ජීවින් විනිශ්චය දිනයෙන් පසු දුවිලි බවට පත් කරනු ඇත. එම අවස්ථාව ගැන කුරානයේ එක් තැනක මෙසේ සඳහන් කොට ඇත. "නියත වශයෙන්ම, අපි නුඹලාට සමීප වෙමින් පවතින වේදනාව ගැන අවවාද කළෙමු - මිනිසා තම දෑත පෙරටු කළ දෙය දකින දවසෙහි, ප්‍රතික්ෂේප කරන්නා 'අහෝ! මාගේ පසුතැවිල්ල! මා පස් ලෙස තිබෙන්න එපායැ'යි පවසන්නේය" (කුරානය 78:40) . මිනිසාගේ විමුක්තිය රඳා පවතින්නේ තම මැවුම්කරු ගැන තබා ඇති විශ්වාස මතය. එය ඉතා පහසු දෙයක් වුවද බොහෝ අය එම පරීක්ෂාවෙන් පරාජය වන්නේ තම මමත්වය නිසාද සාතන්ගේ බලපෑම නිසාද වේ. ඒ අනුව කිසිම දෙයක් ඉබේ ඇති නොවන බව දැන දැනත්