Posts

Showing posts from April, 2020

ඉස්ලාමය කඩුවෙන් ව්‍යාප්ත වූ බව පැවසීමේ සත්‍යයක් තිබේද? (Is there any truth to the claim that Islam spread by the sword?)

Image
ඉස්ලාම් විශ්වාසය මත පදනම් වූ දහමකි. තවද, විශ්වාසය සිත හා බැඳී පවතී. එම නිසා විශ්වාසය කඩුවෙන් බිය වද්දා ඇතුලත් කල නොහැකිය. ඇයිද යත් බිය වැද්දීම නිසා කෙනෙකුට බොරුවට ඉස්ලාම් දහම වැළඳ ගෙන පසුව එය අත්හැරිය හැකි නිසාය. කෙසේ වෙතත් ඇතැම් විවේචකයින් පදනම් විරහිතව පවසන්නේ ඉස්ලාම් දහම කඩුවෙන් ව්‍යාප්ත වූ බවයි. එය සත්‍යයක් නම් අද ඉස්ලාම් දහමේ ව්‍යාප්තිය අඩාල විය යුතුය. එහෙත් අපට අදටත් දැක ගත හැක්කේ ලොව වේගයෙන්ම ව්‍යාප්ත වන දහම ඉස්ලාම් බවයි. ඉන් පැහැදිලි වන්නේ ඉස්ලාම් විරෝධීන්ගේ තර්කය පුස්සක් බවයි.  ඉසලාම් දහම තුල බල කිරීමක් නැත. ඒ බව කුරානයේ මෙලෙස සඳහන් කොට ඇත.  "මෙම ධර්මය (වැළඳ ගැනීමෙහිලා) කිසිඳු බල කිරීමක් නැත"  (කුරානය 2:256). එසේ තිබියදී කඩුවෙන් ඉස්ලාම් දහම ව්‍යාප්ත කල නොහැකිය. කුරානයේ මෙසේද සඳහන් වේ.  "පවසනු! සත්‍යය ඔබගේ පරමාධිපතිගෙන් ලැබෙන දෙයකි. එහෙත් කැමති කෙනෙකුට එය විශ්වාස කල හැකිය. කැමති කෙනෙකුට එය ප්‍රතික්ෂේප කළ හැකිය" (කුරානය 18:29).  අල්ලාහ්ට අවශ්‍ය නම් මෙලොව සිටින සියලුම දෙනා ඔහුගේ විශ්වාසවන්තයින් බවට පත්කළ හැකිය.  "ඔබගේ දෙවිඳුන් සිතා සිටියේ නම් පොළොවෙ

ඉස්ලාම් දහමෙහි බිද්අත් යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? (What is meant by bid'ah in Islam?)

Image
'බිද්අහ්' යන්නෙහි පාරිභාෂික අර්ථය අලුතින් නිර්මාණය කිරීම යන්නයි. එහෙත් ෂරියාව අනුව 'බිද්අහ්' යන්නෙන් අදහස් කරනු ලබන්නේ දහමින් පෙන්වා නොතිබෙන විශ්වාසයන් සහ ඇදහිලි අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා සිදු කිරම වේ. ඒ අනුව අල්-කුරානයෙන් හෝ නබිතුමාගේ හදිස්වලින් 'බිද්අහ්' සඳහා මුලාශ්‍රයන් සොයාගැනීමට නොහැකිය. නබිතුමාගේ අභාවයට කලින්ම ඉස්ලාම් දහම සම්පුර්ණ විය. එම කරුණ මෙම කුර්ආන් වැකියෙන් තහවුරු කර ගත හැකිය.  "අද දිනයේදී මා නුඹලාගේ දහම නුඹලාට සම්පුර්ණ කර ඇත්තෙමි"  (කුරානය 5;3). එසේ තිබියදී කිසිවෙකුට ඉස්ලාම් දහම තුලට අළුත් විශ්වාසයන් හෝ ඇදහිලි එකතු කිරීමට හෝ අඩු කිරීමට කිසිම අවසරයක් නැත. දහම තුල 'බිද්අහ්' ඇති කරන තැනැත්තා නොකියා කියන්නේ නබිතුමා ඔහුගේ දූත මෙහෙවර සම්පුර්ණ නොකළ බවයි. ඒ අනුව ඔවුන් නබිතුමාට නොහැකි වූ දේවල් ඔහුගේ අභාවයෙන් පසු සම්පුර්ණ කරන බව හඟවමින් දහම තුලට අළුත් ඇදහිලි එකතු කරති.  පොදුවේ ගත්කල 'බිද්අහ්' ක්‍රියාවන් වැරදි දේවල් බව දහම ගැන මනා දැනුමක් නොමැති කෙනෙකුට පහසුවෙන් තේරුම් ගත නොහැකිය. ඇයිද යත් සෑම 'බිද්අහ්' ක්‍රියාවක