සොහොන් වන්දනාව සහ අල්ලාහ්ට සමානයන් තැබීම (Worshiping graves and Keeping equals to Allah)
ඉස්ලාම් දහම අනුව නැමදීමට සුදුසු එකම තැනැත්තා අල්ලාහ් පමණි. එසේ තිබියදී අධ්‍යාත්මික නායකයින්ගේ සොහොන් පුජනිය ස්ථානයන් ලෙස සැලකීම හෝ මළවුන් හරහා තම දුආ ප්‍රාර්ථනයක් සිදු කිරීම හෝ සොහොන් ආශ්‍රිතව සතුන් කැප කිරීම හෝ මළවුන් වෙනුවෙන් පඬුරු දැමීම හෝ කල නොහැකි ක්‍රියාවන් වේ. එසේ කිරීම අල්ලාහ්ට සමානයන් තැබීමක් ලෙස සැලකේ. එවැනි වැරදි වල නිරත වූ කෙනෙක් තම මරණයට පෙර තමන් කරමින් සිටි වැරදි වලින් මිදී පසු තැවලි නොවුයේ නම් නිරයට යන්නේය. මිය ගිය කෙනෙකුට ජිවත්ව සිටින අය වෙනුවෙන් කිසිම උදව්වක් කල නොහැකිය. එහෙත් ජිවතුන් අතර සිටින කෙනෙකුට මළවුන් වෙනුවෙන් පින් අනුමෝදම් කල හැකිය. එසේ තිබියදී මියගිය අයව අතරමැදියන් කරමින් දෙවියන්ගෙන් දුආ ප්‍රාර්ථනා කිරීම බලවත් වරදක් වේ. එය ඉස්ලාම් දහම අනුව මහා පාපයකි. ඉස්ලාම් දහම අනුව ජිවතුන් අතර සිටින කෙනෙකුගෙන් උදව් පැතිය හැකිය. එහෙත් එය ඔහුගේ හැකියාව තුල තිබිය යුතුය. කෙසේ වෙතත් නබිතුමාගේ අනුගාමිකයින් එවැනි දෙයකට පවා ඉදිරිපත් නොවිය. ඒ අනුව කෙනෙකුගේ කෙවිට බිම වැටුනු විට ඔහු බිමට බැස එය අසුලා ගත්තේය. කරුණු එසේ තිබියදී ඇතැම් අය මිනිසාගේ හැකියාවෙන් ඔබ්බට ගිය දේවල් තම අ...