Posts
Showing posts from May, 2014
මිනිසා අල්ලාහ්ගේ ආශීර්වාදවලට කෘතඥතාව පෙන්වනවාද? (Does man show gratitude for Allah's blessings?)
- Get link
- X
- Other Apps
සෑම ජීවියෙකුම අල්ලාහ්ගේ දායාදයන් අසීමිත ලෙස බුක්ති විඳින්නේය. කිසිවෙකුට ඒවායේ තරම මෙතෙකැයි ගණන් කිරීමට පවා නොහැකි ය. එම කරුණ අල් කුරානයේ මෙසේ දැක්වේ. "නුඹලා අල්ලාහ්ගේ දායාදයන් ගණනය කලේ නම් නුඹලාට කිසිදාක එය ගණන් කල නොහැකිය" (කුරානය 14:34). අල්ලාහ් මිනිසා වෙනුවෙන් අසීමිත විශාලත්වයකින් යුතු විශ්වයක් මවා ඇත. පෘථිවිය ගැන සැලකීමේදී එහි ආරක්ෂාව වෙනුවෙන් වියනක් මවා ඇත. කලට වේලාවට වරුසාව වස්සවන්නේය. ඇල දොළ ගංගා මගින් මිනිසාට ප්රනීත ජලය ලබා දෙන්නේය. නොයෙකුත් වර්ගයේ පලතුරු සහ බෝග අහාරය පිණිස ලබා දෙන්නේය. නැව් ගමනාගමනය සඳහා මුහුද වසඟ කොට දී ඇත. එහි ඇති මසුන් අහාරය පිණිස ලබා දී ඇත. මේ සෑම දෙයක්ම ලබා දුන් අල්ලාහ්ට කෘත ගුණ දැක්විය යුතු නොවේද? වරක් දාවුද් නබි තුමා අල්ලාහ් හට ප්රාර්ථනා කරමින් "මගේ සමිඳුනි ඔබ ලබා දී ඇති දායාදයන්ට මා කෙසේ නම් ස්තුති කරන්නදැයි" පැවසුවේය. එවිට අල්ලාහ්,. "ඕ දාවුද් ඔබ මා හට ප්රමාණවත් ලෙස ස්තුති කළේයැයි" දැනුම් දුන්නේය. ඇත්ත වශයෙන්ම අල්ලාහ් තමන්ට ලබා දී ඇති දායාදයන් මෙතෙකැයි පැවසිය නොහැකි බව තේරුම් ගැනීමත් අල්ලාහ් හට ස්තුති කිරීමකි. මින...
An Amazing Documentary on Famous People Converting to Islam and Why?
- Get link
- X
- Other Apps