Posts
Showing posts from July, 2014
Punishments Versus Tests - Nouman Ali Khan - Quran Weekly
- Get link
- X
- Other Apps
දෙවියන්ගේ ආඥාවන් කෙරෙහි විශ්වාසය තැබීම (Believing in the Divine Decree)
- Get link
- X
- Other Apps
දෙවියන්ගේ ආඥාවන් යන්නෙන් අදහස් කරනු ලබන්නේ හොඳ හෝ නරක දෙවියන්ගේ කැමැත්ත අනුව සිදුවන බව විශ්වාස කිරීමයි. ඔහු ඔහුගේ අභිමතය පරිදි සියල්ල සැලසුම් කරන්නේය. මේ නිසා ඔහුගේ කැමැත්ත නොමැතිව විශ්වය තුල කිසිම දෙයක් සිදු වන්නේ නැත. හොඳ හෝ නරක අල්ලාහ්ගේ කැමැත්ත අනුව සිදුවන බව විශ්වාස කිරීම ඉස්ලාම් දහමේ ප්‍රධාන කරුණු හයෙන් එකකි. ඒ අනුව සෑම මුස්ලිම්වරයෙකුම මෙම කරුණ විස්වාස කිරීම අනිවාර්‍ය වේ. මෙම කරුණ විස්වාස නොකරන තැනැත්තා මුස්ලිම් වරයෙකු වන්නේ නැත. අහසෙහිද පොළොවෙහිද අංශුමාත්‍රයක දෙයක් පවා සිදු වන්නේ අල්ලාහ්ගේ අනු දැනුම ඇතුවය. කෙසේ වෙතත් අල්ලාහ් ඔහුගේ සුවිශේෂී මැවීම් දෙකක් වන මිනිසාට සහ ජින් වරුන්ට ස්වයං තීරණ ගැනීමේ නිදහස ලබා දී තිබෙන බැවින් ඔවුන්ට දෙවියන් මවා ඇති මාර්ග දෙකින් කැමති මාර්ගයක් තෝරා ගැනීමේ හැකියාව ලැබෙන්නේය. එසේ තිබියදී දෙවියන් ඔහුගේ ප්‍රඥාව අනුව ඇතැම් අයව නිවැරදි මාර්ගයේද ඇතැම් අයව වැරදි මාර්ගයේද යවන්නේය. මිනිසාව මැවීමට පෙර ඔහුගේ ජිවිතයට අවශ්‍ය සියළුම දේවල් දෙවියන් න...
වර්ණවාදය තුරන් කිරීමට ඉස්ලාමය ගෙන ඇති පියවර මොනවාද? (What steps has Islam taken to eradicate racism?)
- Get link
- X
- Other Apps
අල් කුරානය පහළ වූ කාලය වන විට අරාබියාවේ වර්ගවාදය සහ වහල් වෙළඳාම ඉහ වහා ගොස් තිබුනේය. එවැනි අවස්ථාවක නබිතුමා අරෆා දේශනයේදී ඊට එරෙහිව පළමු වෙඩි මුඩය තැබුවේය. එම දේශනයේදී නබි තුමා මෙසේ පවසා ඇත. "සියලු මනුෂ්‍යයන් පැවත එන්නේ ආදම් සහ ඒවගෙන්, එබැවින් අරාබි ජාතිකයා අරාබි නොවන අයෙකුට හෝ අරාබි නොවන අයෙක් අරාබිජාතිකයාට වඩා උසස් වන්නේ නැත, කෙනෙකුගේ දෙවියන් පිලිබඳ භක්තිය සහ ධර්මිෂ්ඨකම නොවන්නට සුදු ජාතිකයෙකු කළු ජාතිකයෙකුට හෝ කළු ජාතිකයෙකු සුදු ජාතිකයෙකුට වඩා උසස් වන්නේද නැත" . මේ හේතුවෙන් උමෙයියාගේ වහලෙකුව සිට නිදහස ලැබූ කළු ජාතකයෙකු වන බිලාල් රලි තුමා ඉස්ලාමයේ පළමු මුඅස්සින් වරයා විය. පසු කාලයේදී ඔහු භාණ්ඩාගාරයේ භාර කරු බවට ද පත් විය. ඉස්ලාම් දහමේ ස්ථාවරය එසේ තිබියදී ඇමරිකාව වැනි ඉතා දියුණු රටවල් වල තත්වය ඊට හාත්පසින්ම වෙනස් ය. අප්‍රිකානු සම්බවයක් ඇති ඇමරිකානු ජාතක ජෝජ් ෆ්ලොඉඩ් ගේ ගෙල සිර කොට මරණයට පත් කිරීම ඇමරිකාවේ මහත් ආන්දෝලාත්මක සිද්ධියක් බවට පත් විය. මේ හැරත් ඇමරිකානු කළු ජාතිකයින් සිය ගණනින් වසරක් පාසා සුළු සිද්ධීන් මත පොලිසිය මගින් ඝාතනයට ලක්වේ. නාමිකව ප්‍රජාතන්...