වර්ණවාදය තුරන් කිරීමට ඉස්ලාමය ගෙන ඇති පියවර මොනවාද? (What steps has Islam taken to eradicate racism?)
අල් කුරානය පහළ වූ කාලය වන විට අරාබියාවේ වර්ගවාදය සහ වහල් වෙළඳාම ඉහ වහා ගොස් තිබුනේය. එවැනි අවස්ථාවක නබිතුමා අරෆා දේශනයේදී ඊට එරෙහිව පළමු වෙඩි මුඩය තැබුවේය. එම දේශනයේදී නබි තුමා මෙසේ පවසා ඇත. "සියලු මනුෂ්‍යයන් පැවත එන්නේ ආදම් සහ ඒවගෙන්, එබැවින් අරාබි ජාතිකයා අරාබි නොවන අයෙකුට හෝ අරාබි නොවන අයෙක් අරාබිජාතිකයාට වඩා උසස් වන්නේ නැත, කෙනෙකුගේ දෙවියන් පිලිබඳ භක්තිය සහ ධර්මිෂ්ඨකම නොවන්නට සුදු ජාතිකයෙකු කළු ජාතිකයෙකුට හෝ කළු ජාතිකයෙකු සුදු ජාතිකයෙකුට වඩා උසස් වන්නේද නැත". මේ හේතුවෙන් උමෙයියාගේ වහලෙකුව සිට නිදහස ලැබූ කළු ජාතකයෙකු වන බිලාල් රලි තුමා ඉස්ලාමයේ පළමු මුඅස්සින් වරයා විය. පසු කාලයේදී ඔහු භාණ්ඩාගාරයේ භාර කරු බවට ද පත් විය.
ඉස්ලාම් දහමේ ස්ථාවරය එසේ තිබියදී ඇමරිකාව වැනි ඉතා දියුණු රටවල් වල තත්වය ඊට හාත්පසින්ම වෙනස් ය. අප්‍රිකානු සම්බවයක් ඇති ඇමරිකානු ජාතක ජෝජ් ෆ්ලොඉඩ් ගේ ගෙල සිර කොට මරණයට පත් කිරීම ඇමරිකාවේ මහත් ආන්දෝලාත්මක සිද්ධියක් බවට පත් විය. මේ හැරත් ඇමරිකානු කළු ජාතිකයින් සිය ගණනින් වසරක් පාසා සුළු සිද්ධීන් මත පොලිසිය මගින් ඝාතනයට ලක්වේ.
නාමිකව ප්රජාතන්ත්රවාදය ගැන කතා කලත් ලෝකයේ බොහෝ රටවල් වල කළු ජාතිකයින් හට වෙනම පාසල් සහ දේවස්ථාන දැකිය හැකිය. එහෙත් නබි තුමා ඉස්ලාම් දහම තුල මෙම තත්වය තුරන් කිරීමට අවශ්‍ය මුලික පියවර දැනට වසර එක්දහස් හාර සියයකට පෙර සිටම ගෙන තිබේ.
ඉස්ලාම් දහම තුල කළු සුදු බේදයක් ඇත්තේම නැත. මේ හේතුවෙන් කළු ජාතිකයෙකු වන බිලාල් රලි තුමාට ඉස්ලාමයේ ඉතාමත් උසස් නිලයක් ලැබුනේය. එය සෑම ජාතියකටම සෑම කාලයකටම ආදර්ශයට ගත හැකිය. අදටත් මුස්ලිම්වරුන් මුස්ලිම් දේවස්ථානයේදී සාමුහිකව සලාතය ඉටු කරන අවස්ථාවේදී සෑම වර්ණයකම සෑම ජාතියකම මිනිසුන් උරෙන් උර ගැටී සලාතය ඉටු කරන්නේය. ඔවුන් අතර කළු ජාතිකයින්ට වෙනම පාසල් ද සුදු ජාතිකයින්ට වෙනම පාසල්ද නැත. නිලයක් ලබා දීමේදී හමේ පාට බලන්නේ නැත. මේ හේතුවෙන් මුස්ලිම්වරුන් අතර සත්‍යය සහෝදරත්වය දැක ගත හැකිය. වර්ණ බේදය පමණක් නොව එදා තිබුණු වහල් භාවය නැති කිරීම සඳහා ඉස්ලාම් දහම බොහෝ පියවරවල් ගෙන තිබේ. ඒ අනුව වහලුන් නිදහස් කිරීම සඳහා වන බොහෝ කුර්ආන් වැකි දැක ගත හැකිය. මුස්ලිම්වරුන් අතර අද වහලුන් නැතත් වහලුන් නිසහස් කිරීම සම්බන්දයෙන් ඇති වැකි අදටත් කුරානය තුල දැකිය හැකිය.
හජ් වන්දනයේදී ලෝකයේ සිටින සෑම් ජාතියක්ම සෑම වර්ණයකම සියලු දෙනා එකා මෙන් එකතු වී සහෝදරත්වයෙන් එම කටයුත්ත ඉටු කරන්නේය. වසරක් පාසා මිලියන තුනක් පමණ ලෝක වාසීන් මක්කාවට එකතු වුනත් කිසිම ගැටුමක් ඇතිකර ගන්නේ නැත. ඔවුන් සියලු දෙනා සහෝදරත්වයෙන් තම කාර්යයේ නිරත වන්නේය. මෙය ඉස්ලාමයේ එකමුතු කම සංකේතවත් කරන ප්‍රධාන තැනකි.
රටක් දියුණු කල හැක්කේ ජාතින් අතර සමගිය තිබුනේ නම් පමණි. එහෙත් අද සිටින පාලකයින්ට අවශ්‍යව තිබෙන්නේ කුමන හෝ විදියකින් ජාතින් බෙදා වෙනකොට පාලනය පවත්වා ගැනීමටයි. මේ නිසා ඇතැම් අවස්ථාවාදී ජාති වාදය හිස් මතු කරන්නේය. ඇතැම් රටවල් වල වර්ණ වාදය හිස් මතු කරන්නේය. මේ සෑම දෙයකින්ම අදහස් කරන්නේ රටේ දියුණුව නොව පාලකයින්ගේ දියුණුව පමණි.
By Fasy Ajward B.Sc(PhysicsSpecial)Hons,Japura,
Ex.Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.
https://www.facebook.com/thetruepathofislam
Twitter:-thetrue_path
Comments
Post a Comment