ඉසදීන් නගරයේ ඉතිහාසය (History of Issadeen Town)



ඉසදීන් නගරයේ ඉතිහාසය වසර දෙසියයක් පමණ පැරණිය. එම නගරය නිර්මාණය කිසිම සඳහා වූ ඉඩම මුලින්ම මිලට ගනු ලැබුවේ වසර 1804 දී මීරා කාන්ඩු ඉසදීන් මහතා විසිනි. කෙසේ වෙතත් එහි මුල් උරුමක්කාරයින්ගේ පසු එම ඉඩමේ පරිපාලනය සිදු කරනු ලැබුවේ තුන්වන පරම්පරාවේ උරුමක්කාරයෙකු වන එස්. වයි. ඉසදීන් මහතා විසින් ය. 

ආරම්භයේදී අක්කර 60ක් ව පැවති එම ඉඩමට අකුරැස්ස පාරට මායිම්ව පිහිටි කුරුඳුවත්ත නමින් හැඳින්වෙන තවත් අක්කර 25 මිලදී ගෙන ඊට එකතු කොට තිබේ. මේ අනුව එහි මුළු ප්‍රමාණය අක්කර 85ක් පමණ වෙ. එස්. වයි. ඉසදීන් මහතා විසින් එවකට සිටි හොඳම නගර සැලසුම් කරුවෙකු මාර්ගයෙන් මෙම ඉඩම සඳහා ඉතා අගනා නගර සැලැස්මක් නිර්මාණය කළේය. පසුව එය "ඉසදීන් නගරය" ලෙස නම් කර සෑම වීථියකටම  සිය පව්ලේ සාමාජිකයින්ගේ නම් ඇතුලත් කළේය.

මෙම නගරයේ මුස්ලිම් සුසාන භූමියක් සහ පල්ලියක් සඳහා ඉඩම් කැබලි වෙන් කර තිබුනත් එම ඉඩම්වල කිසිම ගොඩනැගිල්ලක් එවකට ඉදිකර තිබුනේ නැත. මේ හේතුවෙන් මෙම ඉඩම් මිනිසුන් විසින් ඔප්පු නොමැතිව අල්ලාගෙන ගෙවල් තනාගෙන තිබේ. තවද එම සුසානභුමියේ ඉසදීන් පවුලට අයත් දෙදෙනෙකු මිහිදන් කර අත.

මිනිසුන් අතර සහජීවනය ඇතිකිරීම පිණිස ඉසදීන් මහතා විසින් ගුණානන්ද හාමුදුරුවන්ව එහි ගෙන්වා ඔහුට නොමිලේ ඉඩම් කට්ටි තුනක් ප්‍රධානය කොට ඇත. ඔහු එම ඉඩම්වල පන්සල් සහ ආරාම සාදා ගත්තේය. මෑත කාලයේදී එහි ධර්ම ශාලාවක් ද සාදා තිබේ. ගුණානන්ද හාමුදුරුවෝ අපවත් වන තෙක් මුස්ලිම් ප්‍රජාව සමග ඉතා සුහදව කටයුතු කළේය.

එවකට ඉසදීන් නගරයේ පල්ලියක් සඳහා ඉඩමක් තිබුනත් එහි පල්ලියක් සදා නොතිබීමෙන් මුස්ලිම්වරුන් ඉසදීන් නගරය තුල පදිංචියට යෑම සඳහා කැමති වුයේ නැත. එහි ප්‍රතිපලයක් ලෙස මුස්ලිම් ප්‍රජාව සතුව තිබුණු බොහෝ ඉඩම් කැබලි සහෝදර සිංහල ජනතාවට විකුණා දැම්මෝය. එහි ප්‍රතිපලයක් ලෙස දැනට ඉසදීන් නගරයේ ජීවත්වන්නේ මුස්ල්ලිම් පවුල් විසක් පමණය. 

මුස්ලිම්වරුන්ට දිනපතා පස්වේලක් පල්ලියට ගොස් නැමදීම කල යුතුව ඇතත් ඒ සඳහා දැනට වසර 20 කට පමණ පෙර එහි පල්ලියක් නොතිබීම නිසා එහි ජිවත් වූ මුස්ලිම්වරුන් කරදර රැසකට මුහුණ  දුන්නෝය.  එහි සිටි මුස්ලිම් පවුල්වල ජීවත්වූ ළමයින්ට දහම ඉගෙන ගැනීමට ස්ථානයක් නොවිය, පාස්වෙලා සලාතය ඉටු කිරීම සඳහා නගරයට යෑමට සිදු විය. මේවා සැලකිල්ලට ගෙන වසර 2000 දී පර්චස් 6.5ක ඉඩම් කැබැල්ලක් මිලට ගෙන පල්ලියක් සැදීමට පියවර ගෙන තිබේ. වසර 2008දී පමණ එහි නිර්මාණ කටයුතු අවසන් කෙරුණු අතර එම පල්ලිය 2012 ලියා පදිංචි කර ඇත.

ඉසදීන් නගරය මේ වන විට මාතර පුරවරයේ පිහිටි ඉතා අලංකාර නගරයක් බවට දැන් පත්වී ඇත. 

මිට, එම. එෆ්. අජ්වාඩ් (විද්‍යාවේදී විශේෂ ගෞරව උපාදිය, ශ්‍රී යයවර්ධ්න පුර)



Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)