Posts

Showing posts from February, 2015

මරණයෙන් පසු ජීවිතයට ඔබ සූදානම්ද? (Are You Ready for Life After Death?)

Image
මව් කුසේදී ඉන් එහා ලෝකයක් ගැන සිතුවේ නැත. එහෙත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඊට වඩා වෙනස් ලෝකයකට පැමිණ ඇත. මේ ලෝකයද තාවකාලිකය. එබැවින් යම් දිනකදී මෙලොවින්ද සමු ගත යුතුව තිබේ. එහෙත් මින් එහා ඇති ජීවිතය ජය ගත හැක්කේ ඊට සුදානමින් ගියහොත් පමණි.  මව් කුසේ පිළිසිඳගත් දරුවෙකුට ඉන් පිටවී ගියාට පසු උවමනා කරන අවයව සියල්ලම සපයා දෙනු ලැබිය. මව් කුසෙන් පිටතට පැමිණි වහාම අවශ්‍ය හොඳම අහාරයද සුදානම් කොට දුන්නේය. එසේ තිබියදී යම් දවසක මෙලොවින්ද සමු ගැනීමට නියමිතය. මෙලොවින් සමුගෙන යන ලෝකයට අවශ්‍ය දේවල් සුදානම් කල යුත්තේ අප විසින් බව අමතක නොකල යුතුය.  අපව නිර්මාණය කල දෙවියන් මතු ජිවිතයට අවශ්‍ය දේවල් සුදානම් කර ගැනීම සඳහා අවශ්‍ය ශරීර අවයවයන්ද ඊට අවශ්‍ය ඥානයද මග පෙන්වීමද සිදු කොට තිබේ. අප කල යුත්තේ එම මාර්ගය නිවැරදිව දැනගෙන එහා ලෝකයට අවශ්‍ය දේවල් සුදානම් කිරීමය.  මතු ජීවිතයට වස්තුව රැස්කිරීමෙන් වැඩක් නැත. එබැවින් අප මුලින්ම කල යුත්තේ අපව නිර්මාණය කල දෙවියන් කව්රුන්දැයි නිවැරදිව දැනගැනීමය. එම දෙවියන් වෙනුවට වෙනත් දේවල් වලට නැමදීමෙන් මතු ජීවිතය ජය ගැනීමට හැකි වන්නේ නැත. එහෙත් බොහෝ අය කරන්නේ තමන්ව...