මරණයෙන් පසු ජීවිතයට ඔබ සූදානම්ද? (Are You Ready for Life After Death?)

මව් කුසේදී ඉන් එහා ලෝකයක් ගැන සිතුවේ නැත. එහෙත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඊට වඩා වෙනස් ලෝකයකට පැමිණ ඇත. මේ ලෝකයද තාවකාලිකය. එබැවින් යම් දිනකදී මෙලොවින්ද සමු ගත යුතුව තිබේ. එහෙත් මින් එහා ඇති ජීවිතය ජය ගත හැක්කේ ඊට සුදානමින් ගියහොත් පමණි. 

මව් කුසේ පිළිසිඳගත් දරුවෙකුට ඉන් පිටවී ගියාට පසු උවමනා කරන අවයව සියල්ලම සපයා දෙනු ලැබිය. මව් කුසෙන් පිටතට පැමිණි වහාම අවශ්‍ය හොඳම අහාරයද සුදානම් කොට දුන්නේය. එසේ තිබියදී යම් දවසක මෙලොවින්ද සමු ගැනීමට නියමිතය. මෙලොවින් සමුගෙන යන ලෝකයට අවශ්‍ය දේවල් සුදානම් කල යුත්තේ අප විසින් බව අමතක නොකල යුතුය. 

අපව නිර්මාණය කල දෙවියන් මතු ජිවිතයට අවශ්‍ය දේවල් සුදානම් කර ගැනීම සඳහා අවශ්‍ය ශරීර අවයවයන්ද ඊට අවශ්‍ය ඥානයද මග පෙන්වීමද සිදු කොට තිබේ. අප කල යුත්තේ එම මාර්ගය නිවැරදිව දැනගෙන එහා ලෝකයට අවශ්‍ය දේවල් සුදානම් කිරීමය. 

මතු ජීවිතයට වස්තුව රැස්කිරීමෙන් වැඩක් නැත. එබැවින් අප මුලින්ම කල යුත්තේ අපව නිර්මාණය කල දෙවියන් කව්රුන්දැයි නිවැරදිව දැනගැනීමය. එම දෙවියන් වෙනුවට වෙනත් දේවල් වලට නැමදීමෙන් මතු ජීවිතය ජය ගැනීමට හැකි වන්නේ නැත. එහෙත් බොහෝ අය කරන්නේ තමන්ව මැවූ දෙවියන් වෙනුවට මනක්කල්පිත දේව රුප නිර්මාණය කරගෙන ඒවාට වැඳීමත් ඒවායින් පිහිට පැතීමත් ය. එසේ කිරීමෙන් කිසිසේත්ම මතු ජීවිතය ජය ගැනීමට හැකි වන්නේ නැත. අප කල යුත්තේ අපව මැවූ දෙවියන් පෙන්වා දෙන නිවැරදි මාර්ගය පිළිපැදීමය. එම මාර්ගය වෙනුවට වෙන කුමන මාර්ගයක් පිලිපැද්දත් ඒවා ගඟට කැපු ඉනි වලට සමානය.  

ලෝකයේ ඇති ප්‍රධාන ආගම් වලින් පවසන්නේ විශ්වයේ මැවුම්කරු අල්ලාහ් බවයි. යුදෙව් ආගම, කිතුනු ආගම, සහ කුරානය පහළ කොට ඇත්තේ ඔහු විසින් ය. අල් කුරණයෙන් ඔහුගේ දහම් පණිවිඩය සම්පුර්ණ කෙරෙන්නේය. කුරානයෙන් පසු තවත් දහම් පණිවිඩයක් පහළ වන්නේ නැත. අල් කුරානය ලෝකය අවසාන වන තෙක් මිනිසාට යහ මාර්ගය පෙන්වීමට ඇති එකම පුස්තකය වේ.

අල් කුරානයේ මෙසේ දැක්වේ. “සෑම ආත්මයක්ම අනිවාර්‍යයෙන්ම මරණය භුක්ති විඳින්නෝය. හොඳ හා නරක ක්‍රියාවන් කල හැකි තත්වයෙන් අපි ඔබව (තබා) පරීක්‍ෂා කරන්නෙමු. පසුව ඔබව අප වෙත ගෙනෙනු ලබන්නෙමු” (කුරානය 21:35). 

කුරානෙය් තවත් තැනක මෙසේ සඳහන් කොට ඇත: “(අල්ලාහ්ට වෙනත් දේ සමාන කරමින් සිට මරණයට පත්වන) ඔවුන්ගෙන් එක් අයෙකුට මරණය ළඟාවූ අවස්ථාවේ දී ඔහු, 'මගේ දෙවියනි! මාව නැවත (මනු ලොවට) හරවා යවනු මැනව'යි පවසන්නේය" තවද 'එසේ කිරීමෙන් මා හැර පැමිණි සියලුම සත් ක්‍රියාවන් කරන්නෙමි'යි පවසන්නේය. නැත! එය නිකම්ම පුහු වදනක් පමණි; ඔවුන් විනිශ්චයට කැඳවනතෙක් ඔවුන් පිටුපසින් බාධකයක් දමනු ලැබ ඇත්තේය” (කුරානය 23:99,100). . 

මිනිසා මරණයට පත්වූ පසු නිමක් නැති තවත් ලෝකයක් කරා යන්නේය. මෙලොවදී වපුරන ලද දේවල් වල පල නෙලා ගන්නේ එහිදීය. තම මැවුම්කරු වෙනුවට වෙනත් කෙනෙකුට වැඳ පුදාගෙන තිබුනේ නම් එදාට ඔවුන්ගෙන්ම පිහිට පැතීමට සිදු වේ. එහෙත් අල්ලාහ් හැර වෙන දෙවි කෙනෙක් නැති බැවින් අල්ලාහ් නොවන අය වෙනුවෙන් කල කුසල් හෝ අකුසල් වලට කුලිය ලැබෙන්නේ නැත. එම නිසා අල්ලාහ් වෙනුවට වෙනත් දේවල් වලට වැඳ පුදාගත් අය මහත් අසීරුතාවයට පත් වන්නෝය. 

මෙලොව ජීවිතයේදී අපගේ මැවුම්කරු වන අල්ලාහ් පෙන්වා දුන් මාර්ගය පිළිපදිමින් ජිවත් වූ අයට නිමක් නැති ස්වර්ගයද ඔහු වෙනුවට වෙනත් මාර්ගයන් පිළිපදිමින් ජිවත් වූ අයට නිරයද ලැබීමට නියමිතය. මතු ජීවිතය සමග මෙලෝ ජීවිතය සැසඳීමේදී එය සාගරයේ දැමු ඉදිකට්ටක තැවරුණු ජලය තරම් වත් නැත. එසේ තිබියදී මෙලොව ජීවිතය වෙනුවෙන් මතු ජීවිතය විනාශ කර ගැනීම කොතරම් මුග්ධ කමක්ද ? 

By Fasy Ajward, B.Sc(PhysicSpecial)Hons.Japura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

https://www.facebook.com/thetruepathofislam
http://truepath1.blogspot.com/
Twiter:- thetrue_path

Comments

Post a Comment

Popular posts from this blog

ඉස්ලාම් දහම තුල අධ්‍යාපනයට ඇති වැදගත්කම (The importance of education in Islam)

දෙවියන් මිනිසාට ලබා දී ඇති දායාදයන් ගැන ඔබ සිතා බැලුවාද? (Have you thought about the gifts God has given to man?)

ඉස්ලාමයේ දෙවන කුළුණ වන සලාතය (Salat, the second pillar of Islam)