ඡන්දය ප්‍රකාශ කිරීම පිලිබඳ මුස්ලිම් විද්වතුන්ගේ මතය (Islamic scholar's view about voting)


ඡන්දය ප්‍රකාශ කිරීම අතිශයින් වැදගත් කරුණකි. එහෙත් බොහෝ අය මෙම මාතෘකාව කෙරෙහි නිසි අවධානයක් යොමුකර ඇති බවක් පෙනෙන්නට නැත. කෙසේ හෝ සාධාරණය ඉටුකරන ජනතා හිතවාදී හොර බොරු නැති පාර්ලිමේන්තුවක් පත්කර ගැනීම ජනතාවගේ අපේක්ෂාවකි. 

ඉස්ලාම් නොවන රාජ්‍යයක් තුල ජිවත්වන මුස්ලිම්වරුන් පිළිපැදිය යුතු කරුණු පිළිබඳව ඉස්ලාමිය විද්වතුන්ගේ මතයන් කුමක්දැයි සලකා බලමු.

ප්‍රජාතන්ත්‍රවාදය මිනිසා විසින් ඇතිකළ එකකි. එනම් මිනිසා විසින් ඇතිකළ නීති මගින් මිනිසා පාලනය කරන ක්‍රමයකි. එහෙත් නීති පැනවීම අල්ලාහ් ගේ ක්‍රියාවක් බැවින් මෙම බලය මිනිසාට පැවරිය නොහැකි බව ඇතැම් විද්වතුන්ගේ මතය වේ. (Mawsoo’at al-Adyaan wa’l-Madhaahib al-Mu’aasirah (2/1066, 1067). ඒ අනුව බලන කල මෙම පාලන ක්‍රමය දෙවියන්ට සමානයන් තැබීමක් එනම් ෂිර්ක් ක්‍රියාවක් වන්නේය. මේ අනුව ප්‍රජාතන්ත්‍රවාදයේ මුලධර්ම පැහැදිලිව තේරුම් ගත් කෙනෙකු ඡන්දය ඉල්ලීම හෝ වෙනත් කෙනෙකු වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීම මගින් ඔහු මේ ක්‍රමය අනුමත කල අයෙකු වන්නේය. එසේ වුවද යම්කිසිවෙකු පාර්ලිමේන්තුවට තේරී පත්වීමෙන් පසු ඔහු සත්‍ය වෙනුවෙන් පෙනී සිටිමින් අසත්‍යට විරුද්ධව නැගී සිටින්නේ නම් ඔහුට පාර්ලිමේන්තුව නියෝජනය කල හැකි බව වෙනත් ඉස්ලාමීය විද්වතුන්ගේ මතය වේ.

මැදපෙරදිග ශ්‍රේෂ්ට ඉස්ලාමිය විද්වතෙක් වන ෂෙයික් හුසෙයිමින්ගේ අදහස අනුව මැතිවරණ කටයුතුවලට සහභාගිවිම අනිවාර්‍ය ය. එසේ කිරීමෙන් අප බලාපොරොත්තු වන සුදුසුම පුද්ගලයා පාර්ලිමේන්තුවට යැවීමට කටයුතු කල හැකිය. එසේ නොකර පාර්ලිමේන්තුව නියෝජනය කිරීම වැලකී  සිටින්නේ නම් දුෂ්ටයන් එම ස්ථානය පුරවනු ඇත. මෙය වැළැක්වීම සඳහා සුදුස්සා එම ස්ථානයට තෝරා පත්කළ යුතු බව ඔහුගේ මතය වේ.

වැරදි නොකරන අය සොයාගැනීම ඉතාමත් අපහසු කාර්යයකි. එවැනි තත්වයකදී ඉස්ලාමීය මග පෙන්වීම යටතේ අඩුවෙන්ම වැරදි කරන පුද්ගලයා පාර්ලිමේන්තුවට තෝරා පත් කල හැකිය. එසේම ජාතිවාදය අවුස්සා පුජනීය ස්ථානවලට අලාභ හානි සිදු කරමින් රට පාලනය කල අය කව්රුන්දැයි හඳුනාගෙන ඔවුන්ට ද ඡන්දය භාවිතා කිරීමෙන් වැලකී සිටිය යුතුය. තවද පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ කූඩු, එතනෝල් සහ ස්ත්‍රී දුෂණ වලට හසුවූ අය නොවේ. එසේම වැරදි කරන අයට රැකවරණය දෙන නායකයන් කව්රුන්දැයි හඳුනාගෙන ඔවුන් බලයට පත් කිරීමෙන් වැලකි සිටිය යුතුය. 

ඡන්දය ප්‍රකාශ කිරීම අපගේ පරම අයිතියක් ලෙස සලකා, ඉදිරියේ එන මැතිවරණවලදී සුදුසු පක්ෂයකට සහ පුද්ගලයින්ට  ඡන්දය භාවිතා කිරීම ඉතා වැදගත් වනු ඇත. එසේ කිරීමට අපොහොසත් වී වැරදි කරන අය පාර්ලිමේන්තුවට පත්  කලේ  නම්  ඔවුන්  කරන  වැරදි වලට අපත් කොටස්කරුවන්  වනු  ඇත. 

By Fasy Ajward.B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

http://truepath1.blogspot.com/
Twiter:- thetrue_path

Comments

Popular posts from this blog

ඉස්ලාම්, ආදම් තුමා පටන් මුහම්මද්(ﷺ) තුමා දක්වා (Islam, from Adam to Muhammad (ﷺ))

නබිතුමා ඔහුගේ උපන් දිනය සැමරුවාද? (Did the Prophet celebrate his birthday?)

පින් දහම් කරන සමහර අය නිරයට යන්නේ ඇයි? (Why do some people who do good deeds go to hell?)