Posts
Showing posts from January, 2016
ඉස්ලාම් දහම අනුව සත්ව කරුණාව (Kindness to Animals in Islam)
- Get link
- X
- Other Apps
ඉස්ලාම් දහමින් මාංශ අනුභව කිරීම තහනම් කොට නැතත් උන්ට වදහිංසා කිරීම සපුරා තහනම් ය. පොදුවේ සෑම ජීවියෙකුම එක සමාන බව මෙම කුර්ආන් වැකියෙන් පෙන්වා දී තිබේ. “පොළොවෙහි ඇති ජීවින්ද, තම පිහාටු ජෝඩුවලින් ඉගිලෙන පක්ෂින්ද නුඹලා වැනි සමුහයන්ය! (ආරක්ෂා කරනු ලැබූ) සටහන් ලේඛනයෙහි අප කිසිවක් අත්හැර දැම්මේ නැත. පසුව ඔවුන් තමන්ගේ සමිඳුන් වෙත එක්රැස් කරනු ලබන්නෝය” (කුරානය 6:38). කෙසේ වෙතත් මිනිසා සතුන්ට වඩා උසස් ජීවියෙකි. එහෙත් සතුන්ට හිංසා කිරීම හෝ කෘර ලෙස සැලකීම හෝ ඉස්ලාම් දහම අනුමත කරන්නේ නැත. අරෆා දේශනයේදී නබිතුමා මෙසේ පවසා තිබේ. කෙනෙකුගේ කුලය හෝ පෙළපත අනුව ඔහු උසස් වන්නේ හෝ පහත් වන්නේ නැත. තවද අරාබි ජාතිකයෙකු අරාබි නොවන්නාට වඩා උසස් නොවන්නා සේම අරාබි නොවන්නෙකු අරාබි ජාතිකයාට වඩා උසස් වන්නේද නැත. ඔවුන් සියල්ලෝම සහෝදරයින් වේ. සෑම මිනිසෙකුම දෙවියන්ගේ අනෙක් මැවීම් සඳහා භාරකරුවෝය. එම භාරකාරත්වයේ එක් අංශයක් වන්නේ සතුන්ට කරුණාව දැක්වීයි. නබිතුමා පවසන ලද හදිසයක් අනුව සත්වයින්ට කරනු ලබන හිංසාවන් නිසා උන් පත්වන වේදනාව ගැන විනිශ්චය දිනයේදී ප්‍රශ්න කිරීමට නියමිතය. ඒ බව මෙම නබි...