ඉස්ලාම් දහම අනුව සත්ව කරුණාව (Kindness to Animals in Islam)


ඉස්ලාම් දහමින් මාංශ අනුභව කිරීම තහනම් කොට නැතත් උන්ට වදහිංසා කිරීම සපුරා තහනම් ය. පොදුවේ සෑම ජීවියෙකුම එක සමාන බව මෙම කුර්ආන් වැකියෙන් පෙන්වා දී තිබේ. “පොළොවෙහි ඇති ජීවින්ද, තම පිහාටු ජෝඩුවලින් ඉගිලෙන පක්ෂින්ද නුඹලා වැනි සමුහයන්ය! (ආරක්ෂා කරනු ලැබූ) සටහන් ලේඛනයෙහි අප කිසිවක් අත්හැර දැම්මේ නැත. පසුව ඔවුන් තමන්ගේ සමිඳුන් වෙත එක්රැස් කරනු ලබන්නෝය” (කුරානය 6:38). 

කෙසේ වෙතත් මිනිසා සතුන්ට වඩා උසස් ජීවියෙකි. එහෙත් සතුන්ට හිංසා කිරීම හෝ කෘර ලෙස සැලකීම හෝ ඉස්ලාම් දහම අනුමත කරන්නේ නැත. අරෆා දේශනයේදී නබිතුමා මෙසේ පවසා තිබේ. කෙනෙකුගේ කුලය හෝ පෙළපත අනුව ඔහු උසස් වන්නේ හෝ පහත් වන්නේ නැත. තවද අරාබි ජාතිකයෙකු අරාබි නොවන්නාට වඩා උසස් නොවන්නා සේම අරාබි නොවන්නෙකු අරාබි ජාතිකයාට වඩා උසස් වන්නේද නැත. ඔවුන් සියල්ලෝම සහෝදරයින් වේ.

සෑම මිනිසෙකුම දෙවියන්ගේ අනෙක් මැවීම් සඳහා භාරකරුවෝය. එම භාරකාරත්වයේ එක් අංශයක් වන්නේ සතුන්ට කරුණාව දැක්වීයි. නබිතුමා පවසන ලද හදිසයක් අනුව සත්වයින්ට කරනු ලබන හිංසාවන් නිසා උන් පත්වන වේදනාව ගැන විනිශ්චය දිනයේදී ප්‍රශ්න කිරීමට නියමිතය. ඒ බව මෙම නබිවදනේ සඳහන් කොට ඇත. “යම්කිසිවෙකු සෙල්ලමට ගේ කුරුල්ලෙකු මරා දැමුවේ නම්, එම ගේ කුරුල්ලා විනිශ්චය දිනයේදී, ‘දෙවියනි! එම තැනැත්තා මාව නිකරුනේ මරා දැමුවා! ඔහු කිසිම වැදගත් කමකට මාව මැරුවේ නෑ’ යනුවෙන් පවසනු ඇත" (සුනන් අන් නිසායි). තවත් හදිසයක  අබු හුරෛරා රලි තුමා මෙම හදිසය වාර්තා කොට ඇත. “එක් මිනිසෙක් පාරේ ඇවිදිමින් සිටින විට ඔහුට ඇති වූ අධික තිපාසය නිසා අසල පිහිටි ලිඳකට බැස ඉන් වතුර පානය කොට එම ලිඳෙන් පිටතට පැමිණ තිබේ. එම අවස්ථාවේදී ඔහුට දැක ගත හැකි වුයේ අසල සිටි බල්ලෙක් උගේ අධික තිපාසය නිසා අසල තිබුණු මඩ වලක් ලෙව කමින් සිටීමය. එම සිද්ධිය දැක මේ බලලත් මං වගේම තිපාසයෙන් ඉන්නවා වෙන්ට අතැති සිතා නැවතත් එම ලිඳට බැස ඔහුගේ පාවහන්වලට ජලය රැගෙන විත් එම බල්ලාගේ මුවට වත්කලේය. ඔහු එම බල්ලාට දැක්වූ කරුණාව නිසා අල්ලාහ් ඔහු ගැන සතුටට පත්ව ඔහුට සමාව දුන් බව නබිතුමා පැවසූවේය. එවිට එහි රැස්ව සිටි සහාබාවරුන් ‘අල්ලාහ්ගේ වක්තෘ වරයාණෙනි! සතුන්ට උදව් කිරීමෙන් කුසල් ලැබෙනවාදැ’යි විමසුහ. ඊට පිළිතරු වශයෙන්, ‘සැබවින්ම ඔව්! සතුන්ට උදව් කිරීමෙනුත් කුසල් ලැබෙනවා’ යනුවෙන් නබිතුමා පැවසුවේය" (සහිහ් බුහාරි 8:38).

එසේ තිබියදී මුස්ලිම් නොවන ඇතැම් උදවිය සිතන්නේ ඉස්ලාම් දහම තුල සත්ව කරුණාව උගන්වා නොමැති බවයි. එහි කිසිම සත්‍යතාවයක් නැත. සෑම සතෙකුටම ඉස්ලාම් දහම අනුව කරුණාව දැක්විය යුතුය. 

By Fasy Ajward.B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Comments

Popular posts from this blog

ඉස්ලාම්, ආදම් තුමා පටන් මුහම්මද්(ﷺ) තුමා දක්වා (Islam, from Adam to Muhammad (ﷺ))

දෙවියන් මිනිසාට ලබා දී ඇති දායාදයන් ගැන ඔබ සිතා බැලුවාද? (Have you thought about the gifts God has given to man?)

පින් දහම් කරන සමහර අය නිරයට යන්නේ ඇයි? (Why do some people who do good deeds go to hell?)