ඉස්ලාමයට පිටුපෑමේ ප්‍රතිවිපාක මොනවාද? (What are the consequences of turning away from Islam?)
ඉස්ලාමයේ වැදගත්ම අවශ්‍යතාවය වන්නේ අල්ලාහ් හැර වෙනත් දෙවි කෙනෙකු නැති බවට සාක්ෂි දැරීමය. ඒ බව දැන දැනත් කෙනෙක් ඊට පිටු පාන්නේ නම් මෙම කුර්ආන් වැකිය අනුව ඔහුව මතු ජීවිතයේදී අන්දයෙකු ලෙස නැගිටවනු ලැබේ. "කවරෙක් මාගේ උපදේශය ඉවතලීම් කරයිද නියතව ඔහුට දුෂ්කර ජිවිතයක් ඇත. තවද අපි ඔහුව මතු ලොවේදී අන්ධයෙකු ලෙස නැගිටවන්නෙමු. (එවිට ඔවුන් මෙසේ පවසනු ඇත) මාගේ සමිඳුනි පෙනීම ඇත්තෙකුව සිටි මාව නුඹ, අන්ධයෙකු ලෙස නැගිට්ටෙව්වේ මන්දැ'යි අසන්නේය. (එවිට) කවරෙක් සීමාව ඉක්මවා, තම සමිඳුන්ගේ වැකි විශ්වාස නොකළේද, ඔහුට අපි මේ අන්දමටම කුලිය ලබා දෙන්නෙමු'යි පවසන්නෙමු. එලොවෙහි දඬුවම වඩාත් දැඩිද, ස්ථිරද වේ" (කුරානය 20:124-127). මිනිසාට සත්‍යය පහදා දීම සඳහා බොහෝ නබිවරුන් මේ ලෝකයට පැමිණියෝය. එම නබිවරුන් පැවසුවේ අල්ලාහ්ගේ ඒකීයත්වයයි. එහෙත් ඇතැම් නබිවරුන්ගේ අනුගාමිකයින් අල්ලාහ්ගෙන් පහළ වූ ඇතැම් කරුණු වසම් කළෝය. මේ හේතුවෙන් එම දහම ප්‍රචාරය කල නබිවරුන්ගෙන් පසු පැමිණි අලුත් නබිවරයාව එම ජනතාව විශ්වාස කොට අනුගමනය කලේ නැත. උදාහරණයක් ලෙස යුදෙව්වන් ජේසු තුමාව හෝ මුහම්මද් තුමාව නබි කෙනෙක් ලෙස පිළිගත්තේ...