දෙවියන්ව ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිවිපාක (The consequences of rejecting God)


දෙවියන්ව ප්‍රතික්ෂේප කිරීම තම වැදු මව ප්‍රතික්ෂේප කිරීමට වඩා දරුණු වරදකි. ඇයිද යත් කෙනෙක් බිහිවීමට මුලික හේතුව වන්නේ ඔහුගේ මවය. එසේ තිබියදී ඇයව ප්‍රතික්ෂේප කරන්නේ කෙසේද? මේ අකාරයටම විශ්වය බිහි වන්නේ දෙවියන් නිසාය. දෙවියන් නැති නම් විශ්වය හෝ එහි ඇති කිසිවක් ඇති වන්නේ නැත. එසේ තිබියදී කෙනෙක් දෙවියන්ව ප්‍රතික්ෂේප කරන්නේ කෙසේද?

බොහෝ අයට දෙවියන් ගැන නිවැරදි අවබෝදයක් නැත. ඒ අනුව ඔවුන් තම මනසට නැගෙන දේවල් සඳහා දේවත්වයෙන් සලකන්නේය. සමහරු තම අතින්ම නෙලාගත් පිළිමවලට දේවත්වයෙන් සලකන්නේය. තවත් සමහරු සාස්තෘ වරුන්ට දේවත්වයෙන් සලකන්නේය. එහෙත් මෙහි දෙවියන් යැයි අදහස් කරන්නේ මුළු විශ්වයම මවා පාලනයන කරන තැනැත්තා ය. ඔහු එක්කෙනෙකි. ඔහු ස්වයංව පවතින්නේය. ඔහු කිසිවෙකුගේ කුසින් ඉපදුනේ නැත. එස්ම ඔහු විසින් කිසිවෙකුව ප්‍රසුත කලේද නැත. කිසිම දෙයක් ඔහුට සමාන වන්නේද නැත. අපට ලැබී ඇති දෑස්වලින් මෙලොවදී දෙවියන්ව දැක බලා ගැනීමට නොහැකි වුවත්, විශ්වයේ ඇති සෑම දෙයක්‌ම දෙවියන්ගේ පැවැත්ම සඳහා සාක්ෂි දරන්නේය. කෙසේ වෙතත් මතු ජීවිතයේදී දෙවියන්ව විශ්වාස කල අයට පමණක් ඔහුව දැක බලා ගැනීමට වාසනාව ලැබෙනු ඇත. 

කිසිම මිනිස් පුරුටක් නැති කාන්තාරයකදී ඔබ ඔරලෝසුවක් අසුලා ගත්තේ නම් එය ඉබේ ඇතිවූ බව කිසිම විදියකින් පිළිගන්නේ නැත. එම අවස්ථාවේදී ඔබගේ මනස එසේ පැවසුවත් ඊට වඩා අතිශයින්ම සංකීර්ණ මිනිසා ඉබේ ඇතිවූ බව විශ්වාස කරන්නේය. මෙය දෙබිඩි පිළිවෙතක් නොවන්නේද?

සෑම දෙයක්ම ස්වභාවික ලෙස ඇති වූ බව පැවසුවත් ස්වභාව දහම යනු හුදෙක් අර්ථ දැක්වීමක් පමණි. එහෙත් දෙවියන්ට නැති දෙයකින් අලුත් දෙයක් මැවිය හැක. තවද සෑම දෙයක් සඳහාම රුවක් මැව්වේ ඔහුය. ඔහු සෑම දෙයක්ම පෝෂණය කොට නඩත්තු කරන්නේය. එසේම ඔහු සෑම කෙනෙකුගේම කන්නලව් වලට සවන් දෙන්නේය. එහෙත් දෙවියන්ටම මිස වෙනත් කිසිවෙකුට එවැනි දේවල් කල නොහැක. 

මිනිසා හට නිවැරදි මාර්ගය පෙන්වා දීම සඳහා දෙවියන් ඔහුගේ නියෝජිතවරුන් වන නබිවරුන්ව මෙලොවට පිටත්කර හැරියේය. ඔවුන් දෙවියන්ගේ නියෝජිතවරුන් බව මිනිසුන්ට ඒත්තු ගැන්වීම සඳහා නොයෙකුත් ප්‍රාතිහාරයන් පැවෝය. ඒ අනුව මුසා නබිතුමා දෙවියන්ගේ උදව්වෙන් ඔහුගේ සැරයටිය නාගයෙකු බවට පත් කළේය. තවත් අවස්ථාවකදී එම සැරයටියෙන් මුහුද දෙබෑ කළේය. එසේම ජේසු තුමා පියෙකු නොමැතිව පිලි සිඳ ගැනීමම ප්‍රාතිහාරයකි. එසේම ජේසු තුමා තොටිල්ලේදීම කතා කළේය. මළවුන්ට පන දී නැගිට්ටේව්වේය. මුහම්මද් නබිතුමා දෙවියන් බැහැ දැකීමට අහස් සිසාරා ගමන් කළේය. එතුමාට පහළ කරන ලද කුරානය අදටත් ජීවමාන ප්‍රාතිහාරයකි. විද්‍යාව කොතරම් දියුණු වුවත් දෙවියන් පහළ කොට ඇති කුරානය ඊට වඩා ඉදිරියෙන් සිටින්නේය. උදහරයක් ලෙස විශ්වය ප්‍රසාරණය වන බව සොයාගනු ලැබුවේ 20 වන සිය වසේදීය. එසේ තිබියදී එම කරුණ කුරානයෙන් පෙන්වා දෙන්නේ 7 වන සිය වසේදීය. එසේම මිනිසාගේ ආරම්භයේ සිට අවසානය දක්වා සෑම අදියරක්ම ඉතා නිවැරදිව කුරානයේ සඳහන් වන්නේ 7 වන සිය වසේදීය,. එසේ තිබියදී ඒ ගැන විද්ඥයින් දැනගන්නේ 20 වන සිය වසේදීය. මේ ගැන අධ්‍යයනය කල නාරිවේදය පිලිබඳ මහාචාර්ය වරයෙකු වන කිත් එල් මුවර් මහතා සිය මවිතය ප්‍රකාශ කොට තිබේ. මෙම කරුණු වලට අමතරව තව බොහෝ දේවල් විද්ඥයින් සොයා ගැනීමට කලින් කුරානයෙන් එලි දක්වා තිබේ. ඉන් පැහැදිලි වන්නේ මතු ජීවිතය සම්බන්දයෙන් කුරානයේ ඇති දේවල් ඒ අයුරින්ම සිදු වනු ඇති බවයි. 

මිනිසාට ලැබී ඇති නිදහස නිසා දෙවියන් පෙන්වා දී ඇති මාර්ග දෙකින් තමන් කැමති මාර්ගයක් තෝරා ගත හැකිය. එහෙත් මරණයෙන් පසු ඊට නියමිත විපාක වලට මුහුණ දීම සඳහා සුදානම් විය යුතුය. ලෞකික ජීවිතයේදී දෙවියන්ට පිටු පෑ අය සම්බන්දයෙන් මෙසේ දැක්වේ: "කවරෙක් මාගේ උපදේශය ඉවතලීම් කරයිද නියතව ඔහුට දුෂ්කර ජිවිතයක් ඇත. තවද අපි ඔහුව මතු ලොවේදී අන්ධයෙකු ලෙස නැගිටවන්නෙමු. (එවිට ඔවුන් මෙසේ පවසනු ඇත) මාගේ සමිඳුනි පෙනීම ඇත්තෙකුව සිටි මාව නුඹ, අන්ධයෙකු ලෙස නැගිට්ටෙව්වේ මන්දැ'යි අසන්නේය. (එවිට) කවරෙක් සීමාව ඉක්මවා, තම සමිඳුන්ගේ වැකි විශ්වාස නොකළේද, ඔහුට අපි මේ අන්දමටම කුලිය ලබා දෙන්නෙමු'යි පවසන්නෙමු. එලොවෙහි දඬුවම වඩාත් දැඩිද, ස්ථිරද වේ" (කුරානය 20:124-127).

මිනිසාට සත්‍යය පහදා දීම සඳහා බොහෝ නබිවරුන් පැමිණියෝය. එම නබිවරුන් සියලු දෙනාම පැවසුවේ අල්ලාහ්ගේ ඒකීයත්වය ගැනය. එහෙත් නබිවරුන්ගේ අභාවයෙන් පසු නබිවරුන් ගෙනෙන ලද දහම මිනිසුන් විසින් වෙනස් කරන ලදී. මේ නිසා එක් නබිවරයෙකුගේ අභාවයෙන් පසු අලුත් නබිවරයෙකු පැමිණි සෑම විටම අලුතින් දහම ප්‍රචාරය කිරීම සිදු විය.  

දෙවියන් පෙන්වා දුන් දහමින් බැහැර වෙන අය තමන් මේ ලෝකයට පැමිණියේ කෙසේදැයි නිවැරදිව දැනගත යුතුය. එසේ නොකළහොත් ඔවුන් මරණයෙන් පසුව ඇති එක් එක් අවස්ථාවන්ට මුහුණ දෙන්නේ කෙසේදැයි දැන්ම සිතා බැලිය යුතුය. 

By Fasy Ajward B.Sc (Physics Special) Hons, Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

https://www.facebook.com/thetruepathofislam
http://truepath1.blogspot.com/
















Comments

Popular posts from this blog

අල්ලාහ් කවුද? (Who is Allah?)

ඉස්ලාම් දහම අනුව අකුසල් ක්‍රියාවන්හි ප්‍රතිවිපාක (Consequences of evil deeds in Islam)

කුරානය දෙවියන්ගෙන් ලැබුණු පණිවිඩයක් වන්නේ ඇයි? (Why is the Quran a message from God?)