ජනතාව බේදබින්න කරන්නේ කව්ද? (Who create problems among people?)


ජනතාව ඉබේ බේද වීමට වඩා ඔවුන්ව බේද කරවීමට වක්‍රාකාරයෙන් විශාල කාර්ය භාරයක් ලෝකය පුරා සිදු වෙමින් පවතී. මිනිසුන් බේද කරවීමට බොහෝ හේතුන් ඇත. ඇතැම් බලවත් රටවල් නිෂ්පාදනය කරන අවි විකිනීමට එය අවස්ථාවක් මෙන්ම තවත් රටක් දියුණු වීම වැළැක්වීමට එම ක්‍රමය මහෝපකාරී වන්නේය. පලස්තීනය සහ කාශ්මීරය නිර්මාණය කිරීම මිට හොඳ උදාහරණ වේ. බල තන්හාවට පත් වූ අය ඉත්තන් ලෙස යොදා ගන්නේ රටේ සාමාන්‍ය ජනතාව වීම මෙහිදී තේරුම් ගත යුතුය. බලවතුන් කරන වැඩ නිසා අවසානයේදී පිඩාවට පත් වන්නේද සාමාන්‍ය ජනතාව බව හොඳින් තේරුම් ගත යුතුය. 

ලංකාව තුල සිදුවූ සහ සිදුකිරීමට මාන බලන ජාතිවාදී ප්‍රශ්න පිටුපසද නොයෙකුත් සංවිදානවල බලපෑම් තිබිය හැකිය. බොහෝ අයට අවශ්‍ය වන්නේ මිනිසුන්ගේ සුබ සිද්දියට වඩා මුදල් උපයාගැනීම වේ. එසේ කළ විට ඔවුන්ට ජනතාව අතර වීරයන් මෙන් පෙනී සිටිය හැකිය. මෙය තේරුම් නොගන්නා ඇතැම් අය සිතන්නේ මොවුන් සිදු කරන්නේ ජාතික හෝ ආගමික මෙහෙවරක් ලෙසය. එහෙත් සැබෑවටම සිදු වන්නේ මිනිසුන් මුලාකොට මුදල් රැස්කොට ඔවුන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් ඒවා වැය කිරීමය.

මේ වන විට ලංකාවේ තිස්වසරක බිහිසුණු යුද්දයක් නිමා කොට වැඩි කල් ගොස් නැත. ඉන් බැට කෑවේ ලංකාවේ වෙසෙන සෑම ජන කොටසක්මය. ඉන් ලංකාවේ ආර්ථිකයට සහ යටිතල පහසුකම්වලට සිදු වූ පාඩුව සුළුපටු නොවේ. එසේ තිබියදී නැවත ජනවාර්ගික අරගලයක් ඇති කිරීමට ඇතැම් පිරිස් උත්සහ කරමින් සිටීම ඉතා කනගාටුදායකය. ඇත්තෙන්ම එක් ප්‍රශ්නයක් අවසාන වූ විගස තවත් ප්‍රශ්නයක් ඇති කිරීමට මුල පිරිම ඉතා අවාසනාවන්ත තත්වයකි.

ලංකාවේ වර්තමාන තත්වය ගැන සැලකීමේදී දකින්ට ලැබෙන කරුණක් වන්නේ මුලින්ම ජාතින් අතර නොපවතින ප්‍රශ්නයක් මවාගෙන ඉන් පසු ඒ වටා පිරිසක් එක්කාසු කොට අනවශ්‍ය ගැටුමක් කරලියට ගෙන ඒමය. මේ අනුව මුස්ලිම් කාන්තාවන්ගේ වස්ත්‍රය හෝ මුස්ලින්ම් අයගේ වෙනත් ආගමික කටයුතු හේතුවක් ලෙස පෙන්වා ජාතින් අතර කලබල ඇති කරීම විලාසිතාවක් වී ඇත. මේවා සිදු කරනු ලබන්නේ ජනතාව මිස පොලිසිය හෝ ත්‍රිවිඩ හමුදාව නොවීම විශේෂත්වයකි. මේ සඳහා ඔවුන් භාවිතා කරන්නේ මුහුණු පොතය. මෙම මුහුණු පොත් වීරයන් කරන වැඩ නිසා බොහෝ අහිංසක මිනිසුන් මුලාවා පත් වෙති. එහි අවසාන ප්‍රතිපලය වන්නේ මිනිසුන් අතර වෛරය සහ ක්‍රෝදය ඇති වීමය.

මිට උදාහරණයක් වන්නේ මෑත කාලයේ ආන්දෝලනයට තුඩු දුන් ශ්‍රී පාද අඩවිය පෙන්වා දිය හැකිය. මුස්ලිම්වරුන් කිසිම අවස්ථාවක ශ්‍රිපදස්ථානයට උරුම කීමට ගියේ නැත. එහෙත් යම් පෞද්ගලික ඉඩම් ප්‍රශ්නයක් මුල්කරගෙන එය සමත්ත මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්නයක් ලෙස හුවා දැක්වීමට එක්තරා පිරිසක් ක්‍රියා කොට ඇත. එහෙත් වාසනාවකට ඉන් ඔවුන් බලාපොරොත්තු වූ දේ ඉටු වුයේ නැත. කෙසේ වෙතත් ඊට සහබාගි වූ කැරලි කණ්ඩායම් ඇතැම් ආයතනවලට අනවශ්‍ය අලාබ  හානි සිදු කිරීමට සමත් විය. 

රටේ ප්‍රශ්න ඇතිකිරීමට මාන බලන අය මෙසේ කිරීමෙන් නැවතුනේ නැත. ඔවුන් මුස්ලිම් විවාහ නිතිය කරලියට ගෙන තවත් ප්‍රශ්නයක් පත්තු කිරීමට විශාල උත්සාහයක යෙදුනේය. සැබවින්ම රජයෙන් සහ ඉස්ලාමීය විද්වත් කමිටුවකින් සිදු කළ යුතු මෙවැනි දේවල් ජනතාවගේ අතට ගැනීමෙන් අනවශ්‍ය ප්‍රශ්න ඇතිවීම වැළැක්විය නොහැකිය. එහෙත් ඇතැමුන්ට අවශ්‍ය වන්නේ මෙවැනි හේතු දඩමීමා කරගෙන රට තුල ප්‍රශ්න ඇති කිරීමය. කෙසේ හෝ එය වැලකී ගියේය. එසේ නොවන්නට ඔවුන් මාන බලන්නේ ඔවුන්ගේ යටි අරමුණු ඉටු කර ගැනීම වේ. 

ලෝකයේ බලවත් රටවල් වලටද උවමනා වී ඇත්තේ ඔවුන්ගෙන් උදව් ලබන රටවල් බෙදා දුර්වල කිරීමය. එබැවින් එය කළ යුතු මාර්ගයන් ඔවුන් විසින් සැලසුම් කරනු ලබති. උදාහරණයක් වශයෙන් GSP+ දීම සඳහා වෙනත් රටක නිතිය වෙනස් කරන මෙන් ඉල්ලීමට ඔවුන්ට කිසිසේත්ම අවශ්‍ය නැත. එහෙත් එවැනි ඉල්ලීමක් පිටුපස වෙනත් අරමුණු තිබිය හැකිය. ඇයිද යත් එවැනි දෙයක් ක්‍රියාවට නැංවීමේදී ජනතාව අතර ප්‍රශ්න ඇතිවීම වැළැක්විය නොහැකි නිසාය. කෙසේ හෝ රටක ස්වෛරීභාවයට වෙනත් රටකින් ඇඟිලි ගැසීම බලවත් වරදක් වේ. 

By Fasy Ajward.
B.Sc(Sp.Phy)Hons.J.pura,

Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)