අපගේ සිතුවිලි උපදින්නේ කොතනද? (Where do our thoughts originate?)
බොහෝ අයගේ පොදු මතය වන්නේ මිනිස් සිතුවිලි හටගන්නේ මොලයෙහි බවයි. එහෙත් මේ සම්භන්දයෙන් වසර හතළිහකට වඩා දීර්ඝ කාලයක් පුරා සිදු කළ පර්යේෂණවලින් සොයාගෙන ඇත්තේ මින්ස් සිතුවිලි ජනනය වන්නේ මොලයෙන් පිටත බවයි. මිනිසාගේ මොලයෙන් සිදු වන්නේ ඊට ලැබෙන සිතුවිලි සුදුසු ක්‍රියාමාර්ග ගැනීම සඳහා යොමු කිරීම පමණක් බව එම පර්යේෂණවලින් නිගමනය කොට ඇත. මොලය සහ හදවත සම්බන්දයෙන් දැනට සිදු කොට ඇති ඇතැම් පර්යේෂණවලට අනුව මොලයෙන් හදවත කරා යන සංඥාවන්ට වඩා වැඩියෙන් හදවතේ සිට මොලය කරා සංඥාවන් ගමන්කරන බව සොයාගෙන ඇත. මිනිස් මොලය තුල හැඟීම්, ස්මරණය, ප්‍රශ්න නිරාකරණය වැනි ඥානාත්මක (cognitive) දේවල් පමණක් සිදු වේ. තවද මොලයෙන් නිකුත් කරන සංඥාවන්ට හදවත ප්‍රතිචාර දක්වනවාව වඩා වැඩියෙන් මොලය හදවතේ සංඥාවන්ට නිරතුරුවම ප්‍රතිචාර දක්වන බව එම විද්‍යාඥයින්ට පෙනී ගොස් ඇත. එබැවින් හදවතේ ඇති ස්නායු සෛලවලට "හදවතේ ඇති මොලය" ලෙස නම් කොට තිබේ. මේ නිසා ඉතිහාසයේ සිටම මිනිසා දැනසිටි හෘධය සාක්‍ෂියට විද්‍යාත්මක පසුබිමක් තිබෙන බව තේරුම් ගත හැකිය. නබිතුමා පවසා ඇති හදීසයක මෙසේ සඳහන් වේ. "මිනිස් ශරීරයේ එක් මස් කැදැල්ලක් ඇත. එය නි...