කුරානයට පෙර සහ පසු අරාබියාව (Arabia before and after the Quran)
අල්-කුරානය පහළ වීමට පෙර අරාබිකරයේ ගෝත්‍රික පාලනයක් පැවතියේය. එහෙත් ඉස්ලාම් දහම පහළ වී වසර 23ක් තරම් කෙටි කාලයක් තුලදී එහි රාජ්‍ය පාලනයක් බිහි විය. ඊට පෙර කිසිම කලෙක එහි රාජ්‍ය පාලනයක් තිබුනේ නැත. ඒ නිසාම එහි නීතිය හෝ සාමය රැකීම ඉතාමත් අසීරු කරුණක් විය. සුළු කරුණකට පවා ඔවුන් දිර්ඝකාලයක් පුරා යුද්ධ කොට ඇත. අරාබියාවේ පැවති ගෝත්‍ර පාලනය හේතුවෙන් ඔවුන් ඉතාමත්ම නොදියුණු ජාතියක් විය. කිසිම ප්‍රබල රාජ්‍යයක් ඔවුන් කෙරෙහි සැලකිල්ල දැක්වුයේ ද නැත. අරාබියාවේ එකල පැවති තත්වය හැඳින්වුයේ 'ජාහිලියා' සමය ලෙස ය.
ගෝත්‍ර වශයෙන් බෙදී වෙන්වී සිටි ජනතාව ඉතා කෙටි කාලයක් තුලදී කුරානයේ මග පෙන්වීම තුලින් එකමුතු කොට ප්‍රෞඩ ජාතියක් බවට පත් කිරීම ඔවුන් ලද විශාල ජයග්‍රහණයකි. එම වෙනස ඇති කිරීම සඳහා කුරානය හැර වෙන කිසිම බාහිර උදව්වක් ඔවුන් ලබාගත්තේ නැත. ඉතා කෙටි කාලයක් තුලදී මෙතරම් විශාල වෙනසක් සිදු කළ ඉතිහාසයක් ලෝකයේ වෙන කිසිම තැනක දැකිය නොහැකිය. එපමණක් නොව ඉස්ලාම් දහම ඉතා කෙටි කාලයක් තුලදී ලෝකයේ විශාල ප්‍රදේශයක් කරා ව්‍යාප්ත විය. මෙය සිදු කළ හැකි වුයේ කුරානයේ මහිමය නිසාය.
කුරානයේ විශේෂතයක් වන්නේ එය මිනිසාට ධාර්මික මග පෙන්වීමට අමතරව අංග සපුරන ජිවන ක්‍රමයක් පෙන්වා දීමයි. මේ නිසා නබිතුමා සහ ඔහුගෙන් පසු පැමිණි කලිෆාවරු රට පාලනය කරනු ලැබුවේ කුරානය පෙන්වා දෙන උපදෙස් අනුවය. කුරානයේ රාජ්‍ය පාලනය, විවාහය, දිකසාදය, යුද්ධය සහ සාමය, යුද සිරකරුවන් පිළිබද නීති, වෙළඳාම, ඇඳුම් පැළඳුම් විදි, දෙමාපියන් ගේ යුතුකම්, දරවන් හදා වඩා ගැනීම, සමාජීය වගකීම් සහ තවත් බොහෝ විෂයන් පිලිබන කරුණු ඇතුලත් වේ.

මුස්ලිම්වරුන් කුරානය අනුව ජිවත්වන තාක් ඔවුන්ට දෙවියන්ගේ උදව් ලැබුනේය. තවද ඔවුන්ගේ ක්‍රියාවන් දැක ඇතැම් රටවල් සම්පුර්ණයෙන්ම ඉස්ලාම් දහම වැළඳ ගෙන තිබේ. ඉන්දුනීසියාව එවැනි රටකි. ඉස්ලාම් දහම ලෝකය පුරා ඉතා වේගයෙන් ව්‍යාප්ත වීමට ද එක් හේතුවක් වුයේ මුස්ලිම්වරුන් කුරානය අනුව ජිවත් වීම ය.
නවීන සමාජයේ බොහෝ අය ඉස්ලාම් දහම ගැන දැනගන්නේ ජන මාධ්‍යයන් හරහා ලැබෙන කරුණු පදනම් කරගෙනය. ඒවායේ ඇත්තේ සත්‍යයට වඩා විකෘති කරන ලද කරුණුය. එබැවින් එම කරුණු මත සිටගෙන ගනු ලබන නිගමනවලින් බොහෝ වැරදි සිදු වන්නේය. ඉස්ලාම් දහම ගැන මුස්ලිම් නොවන අයට වැරදි වැටහීමක් ලැබීමට ප්‍රධාන හේතුවද ජන මාධ්යන්වේ. ඉස්ලාම් දහම හෝ වෙනත් දහමක් ගැන වේවා නිවැරදිව දැනගත හැක්කේ එම දහම සම්බන්දයෙන් ඇති නිවැරදි පොත් පත් හැදෑරීමෙන් පමණි. එබැවින් යම් දහමක් ගැන නිවැරදි දැනුමක් නොමැති අය එම දහම් ගැන කතා කිරීමෙන් වැලකි සිටිම ඉතා වැදගත් ය.
නබිතුමා ජිවතුන් අතර සිටියදී ඉස්ලාම් දහමේ කිසිම නිකාය බේදයක් තිබුනේ නැත. සෑම මුස්ලිම්වරයෙකුම අල්-කුරානයෙන් සහ නබිතුමාගේ මග පෙන්වීම තුලින් එකමුතුව සිටියෝය. එහෙත් නබිතුමාගේ අභාවයෙන් වසර තිහක් පමණ ගිය පසු යුදෙව් ජාතික අබ්දුල්ලා ඉබ්නු සාබා කළ කුමන්ත්රණයක ප්රතිලපයක් ලෙස මුස්ලිම්වරුන් අතර මුල්ම පිල් බෙදීම ඇතිවීමට මුල පිරුණේය.
ඉතාමත් ප්‍රබල ජාතියක්ව සිටි මුස්ලිම් වරුන්ගේ පරිහානියට හේතුවක් වුයේ ඔවුන් අතර නිකාය බෙදීම් හට ගැනීමය. ඊට අඩිතාලම දැමුනේ යුදෙව් ජාතික අබ්දුල්ලා ඉබ්නු සාබාය. මුස්ලිම්වරුන්ගේ සතුරෙක් වූ මජුසි ජාතිකයෙන් වන අබු ලුලු විසින් ඉස්ලාමිය දෙවන කලීෆාවරයා වන උමර් රලි තුමාව ඝාතනය කිරීමත් සමග අබ්දුල්ලා ඉබ්නු සාබාගේ කුමන්ත්‍රණය සාර්ථක විය. තවද උමර් රලි තුමාගේ ඝාතනයෙන් පසු පත්වූ උස්මාන් රැලි තුමාටද ඔහු නිසා නිදහසේ පාලනය කිසිමට ලැබුනේ නැත. ඒ අනුව උස්මාන් රලි තුමා ද කෙටි කාලයක් පාලනය කළ පසු ඝාතනයට ලක් විය. ඔහුගෙන් පසු පත් වූ අලි රලි තුමාටද බොහෝ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදු විය. ඊට ප්‍රධාන හේතුව ඔහුගේ කාලයේදී සහ ඉන් පසු කාල වලදී මුස්ලිම්වරුන් අතර බොහෝ දේශපාලනික ප්‍රශ්න ඇති වීමය. අලි රලි තුමාගේ කාලයේදී එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වූ අතර මුආවිය සහ අලි රලි තුමන්ලා අතර හට ගත් සටනෙන් පසු ඉස්ලාම් දහම තුල මුල්ම පිල් බෙදීම සිදු විය.
කවාරිජ් සහ ෂියා යනුවෙන් කොටස් දෙකන් හට ගැනුනේ ඉහත කි යුද්දයෙන් පසුය. මුලදී දේශපාලනික මුහුණුවරක් ගත් එම කණ්ඩායම් දෙක පසුව ආගමික නිකායන් බවට පත් විය. ඔවුන්ගෙන් සෙසු මුස්ලිම්වරුන් වෙනකොට හඳුනා ගැනීම සඳහා කුරානය සහ නබිතුමා පෙන්වා දෙන ලද දහම අනුගමනය කළ අය සුන්නි ලෙස නම් කරන ලදී. අදටත් මුස්ලිම්වරුන්ගේ විමුක්තියට මාර්ගය අල්-කුරානය සහ නබිතුමාගේ මග පෙන්වීම පමණි. මේ නිසා සෑම මුස්ලිම්වරයෙකුම කුරානය මගින් එකමුතු විය යුතුය. පහත දැක්වෙන කුර්ආන් වැකියෙන් මෙය තහවුරු වේ.
"නුඹලා සියළුදෙනාම (කුර්ආනය නම් වූ) අල්ලාහ්ගේ කඹය බලවත් ලෙස අල්ලාගනු. නුඹලා එකිනෙකාගෙන් වෙන් නොවෙනු. සතුරන් ලෙස සිටි නුඹලාගේ සිත්හි බැඳීම් ඇති කොට, ඔහුගේ දායාදය හේතුවන් නුඹලා සහෝදරයින් බවට පත් කිරීම ගැනද, නුඹලා නිරයට ආසන්නයේ සිටින කළ, ඔහු නුඹලාව ඉන් බේරා, නුඹලා කෙරෙහි අල්ලාහ්ගේ දායාදය පිරිනැමීම ගැනද සිහිපත් කරනු. නුඹලා යහ මග ලැබීම පිණිස අල්ලාහ් මෙසේ තම වැකි නුඹලාට පැහැදිලි කරයි" (කුරානය 3:103).

By Fasy Ajward B.Sc(Sp.Phy)Hons,J.Pura,
Ex.Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.
Twiter:- thetrue_path
Comments
Post a Comment