ඉස්ලාමයේ හලාල් සහ හරාම් සංකල්පය (Halal and Haram concept in Islam)
ෂරියා නීතියෙන් අවසර ලබා දී තිබෙන සියලුම දේවල් හලාල් ලෙසද ඊට විරුද්ධ දේවල් හරාම් ලෙසද සලකනු ලැබේ. මිනිස් පරිබෝජනයට සුදුසු දේවල් සම්බන්දයෙන් අල් කුරානය මෙසේ පවසයි. "මිනිසුනි! මිහිපිට ඇති අනුමත කරනු ලැබූ පිරිසිදු දේවල් පමණක් අනුභව කරනු, සාතන්ගේ අඩිපාර පිලි නොපදිනු. නියත වශයෙන්ම ඔහු නුඹලාගේ ප්‍රකට සතුරෙකු වේ" (කුරානය 2:168). තවද මිනිස් පරිබෝජනයට සුදුසු නොවන දේවල් සම්බන්දයෙන් කුරානය මෙසේ පවසා ඇත. "ඉබේම මළ දෑ, රුධිරය, සුකර මාංශ, අල්ලාහ් නොවන්නන් වෙනුවෙන් ඝාතනය කරනු ලැබූ සතුන් ආදිය නුඹලාට තහනම් කර ඇත. තවද බෙල්ල මිරිකනු ලැබීමෙන් මළ දෑ, පහර කෑමෙන් මළ දෑ, උස්තැනක සිට වැටීමෙන් මළ දෑ, අං වලින් අනිනු ලැබීමෙන් මළ දෑ, වනසතුන් සපා කෑමෙන් මළ දෑ යනාදියද (තහනම් කර ඇත) " (කුරානය 5:3). මින් අදහස් කරනු ලබන්නේ සෞඛ්‍ය සම්පන්න ජිවිතයකට මග පෙන්වීම වේ. ඉබේ මල සත්වයින්ගේ ශරීරයේ ඇති රුධිරය මෙන්ම එම මාංශ අහාරය පිණිස සුදුසු නොවන්නේ එහි තිබිය හැකි විෂබීජ නිසාය. එසේම සුකර මාංශ වල ඇති පට් පටිපනුවන් නිසා නොයෙකුත් භයානක ලෙඩ රෝග වැළඳිය හැකිය. තවද එහි ඇති මේදය නිසා රුධිර නාල වල අවහිරතා ඇති විය හැ...