මිනිස් ජීවිතය කෙළවර වන්නේ කොතැනින්ද? (Where does human life end?)
මිනිස් ජීවිතය පිළිබඳව විවිධ මත දරන පුද්ගලයින් දැකිය හැකිය. ඇතැමුන් සිතන්නේ මිනිසා කිසිවෙකුගේ මැදිහත් වීමකින් තොරව ඉබේ ඇතිවූ බවයි. ඔවුන් මරණයෙන් පසු ජිවිතයක් ගැන විශ්වාස කරන්නේ නැත. තවත් පිරිසක් සිතන්නේ මිනිසා වානරයාගෙන් පරිණාමනය වූ බවයි. ඔවුන්ටද මරණයෙන් පසු ජීවිතයක් ගැන විශ්වාසයක් නැත. තවත් පිරිසක් විශ්වාස කරන්නේ මිනිසා දෙවියන්ගේ මැවීමක් බවයි. ඔවුන් කුසල් සහ අකුසල් ගැන විශ්වාස කරන අතර මරණින් පසු ජිවිතයක් ගැන දැඩි ලෙස විශ්වාස කරති. එම නිසා, ඔවුන් අනෙක් අයට වඩා වගකීම් සහිත ජිවිතයක් ගත කරති. මිනිසා කුමන මතයක් දැරුවත් එය නිවැරදි විය යුතුය. එසේ නොමැති නම්, ඔවුන් ගත් වැරදි තීරණවල ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සූදානම් විය යුතුය. එම අවස්ථාවේදී කිසිවෙකු පිහිට නොවන බවත් කිසිවෙකුට පිහිට වීමට නොහැකි බවත් හොඳින් තේරුම් ගත යුතුය. මේ නිසා මිනිසා ඉබේ ඇතිවූ බව කියන විශ්වාසයේ සිටින අයත් පරිනාමනය නිසා මිනිසා ඇතිවුයේ යැයි විශ්වාස කරන අයත් බෙහෙවින් ප්‍රවේසම් විය යුතුය. ඇයිද යත්, මිනිසා ඉබේ බිහිවීම පිළිබඳව මෙතෙක් කිසිවෙකු විසින් සනාත කොට නැත. එසේම පරිනාමනයෙන් මිනිසා බිහිවූ බව තවමත් ඔප්පුවී නැත. නබ...