අල් කුර්ආනයට අනුව පෘථිවියේ හැඩය (The shape of the earth according to the Quran)


කුරානය පහළ වූ හත්වන සියවසේදී පෘථිවියේ හැඩය සම්බන්දයෙන් බොහෝ අවිද්‍යාත්මක සංකල්ප්ලයන් දක්නට තිබුනේය. එම කාල වකවානුවේදී වැඩිවශයෙන්ම දක්නට තිබුණු පොදු මතය වුයේ පෘථිවිය පැතලි තැටියක හැඩය ගන්නා බවයි. එහෙත් අල්-කුරානය එම වැරදි මත සියල්ලම බැහැර කොට පෘථිවියේ නිවැරදි රුපය විස්තර කොට ඇත. ඇතැම් කුර්ආන් වැකිවලින් පෘථිවියේ නිවැරදි රුපය ඍජුවම සඳහන් කොට තිබේ. වෙනත් කුර්ආන් වැකිවලින් පෘථිවියේ හැඩය අනියම් ලෙස විස්තර කරන්නේය.

අල්-කුරානයේ 79 වන පරිජ්ජෙදයේ 30 වන වැකිය අනුව පෘථිවිය බිත්තරයක හැඩය ගන්නා බව සඳහන් වේ. එහෙත් අරාබි අකාරාදියේ 'දහාහා' යන අරාබි පදයට වෙනත් බොහෝ අර්ථයන් ද තිබේ. එම අර්ථයන් වන්නේ: එලුවේය, පැතිරෙනවා, බිත්තරයේ හැඩයට පත්කරනවා, වටකුරු කරනවා යන්නයි. ඒ අනුව කුරානයේ සඳහන් එම වැකිය මේ දෙආකාරයටම පරිවර්තනය කල හැකිය. ඉන් පළමුවැන්න "ඉන් අනතුරුව ඔහු පොළොව එලුවේය" දෙවැන්න “ඉන් පසු ඔහු පොලව බිත්තරයක හැඩයට පත් කළේය” යනුවෙනි. මේ පරිවර්තන දෙකම නිවැරදි ය.

පෘථිවියේ විශාලත්වය ගැන සලකා බලන කල දහාහා යන වචනයට වඩා සුදුසු පරිවර්තය වන්නේ එලුවේය යන්නයි. ඇයිද යත් පෘථිවියේ බොහෝ තැනිතලා ප්‍රදේශ ඇති නිසාය. කෙසේවෙතත් සමස්තයක් ලෙස පෘථිවියේ හැඩය විස්තර කරන කල බිත්තරයක හැඩයට පත් කළේය යන අර්ථය වඩාත් සුදුසු ය. දහහා යන අරාබි වචනයට බිත්තරය යන තේරුම උපයෝගී කරගත් විට පෘථිවිය පාපන්දුවක් මෙන් ගෝලාකාර වස්තුවක් නොවන බවත් එය බිත්තරක් මෙන් දිගු හැඩයක් නොගන්නා බවත් කිව හැකිය. නවීන විද්‍යාවේ සොයාගැනීම අනුව පෘථිවිය නියම ගෝලාකාර හැඩයක් ගන්නේ නැත. ඒ අනුව කුරානයෙන් පෘථිවියේ හැඩය ඉතා නිවැරදිව විස්තර කොට ඇත. 

ඉහත සඳහන් කල කරුණට අමතරව කුරානයේ ඇති වෙනත් වැකිවල අදාරයෙන් පෘථිවිය ගෝලාකාර වස්තුවක් විය යුතු බව නිගමනය කල හැකිය. අල්-කුරානයේ නැගෙනහිරවල් සහ බටහිරවල් ගැන සඳහන් වේ. එනම් ඉර බසින බොහෝ තැන් පිළිබඳවත් ඉර පායන බොහෝ තැන් පිළිබඳවත් සඳහන් වේ. තවද නැගෙනහිර දෙකක් ගැනද බටහිරවල් දෙකක් ගැනද සඳහන් වේ. එනම් ඉර පායන නිශ්චිත නැගෙනහිරවල් දෙකක් සහ ඉර බසින නිශ්චිත බටහිරවල් දෙකක් ගැනද සඳහන් වේ. මෙවැනි සංසිද්ධියක් ඇතිවිය හැක්කේ පෘථිවිය ගෝලාකාර වස්තුවක් වෙමින් එහි සිරස් අක්ෂය ඇලයට පවත්වාගෙන සුර්යා වටා පරිබ්‍රමණය වන්නේ නම් පමණි. ඉහත දක්වා ඇත්තේ එවැනි රුපයකි.

පෘථිවිය පැතලි තැටියක හැඩය ගන්නේ නම් කිසිම අකාරයකින් කුරානයේ සඳහන් කරන අකාරයේ නැගෙනහිරවල් සහ බටහිරවල් ඇතිවිය නොහැකිය. මේ නිසා කුරානයට අනුව පෘථිවිය ගෝලාකාර වස්තුවක් බව නිගමනය කල හැකිය.

ඇතැම් විවේචකයින් ඉහත සඳහන් කල (79:30) කුර්ආන් වැකිය අනුව පෘථිවිය පැතලි යැයි පවසති. ඔවුන් එසේ පැවසුවත් එම වැකියේ සඳහන් දහාහා යන වචනයට තැටියක් යන අරුත කිසිම අකරදියක දැකිය නොහැකිය. ඒ අනුව එම විවේචකයින් එල්ල කරනු ලබන චෝදනාවේ කිසිම පදනමක් නොමැත.


By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.Jpura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

https://www.facebook.com/thetruepathofislam
http://truepath1.blogspot.com/
Twiter:- thetrue_path

Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)