ගව ඝාතනයට පමණක් විරුද්ධ වන්නේ ඇයි? (Why only oppose the slaughter of cattle?)


ඇතැම් අය ගවයාට දේවත්වයෙන්  සලකන්නේය.  මේ හේතුවෙන් ඔවුන් ගව ඝාතනයට තරයේ විරුද්ධය. එහෙත් ගවයා පුජනීය සතෙක් වීමට කිසිම විශේෂ හේතුවක් නැත. ඒ අනුව ගවයාත් අනෙක් සතුන් මෙන් එක් සතෙක් පමණි. එසේ තිබියදී ගවයාට පුජනීයත්වයෙන් සලකන අය ගවයා වෙනුවෙන් මිනිසුන් ඝාතනය කොට තිබේ! ප්‍රාණ ඝාතනයට විරුද්ධ නිසා එසේ කරන්නේ නම් ඔවුන් කරන්නේ ගවයාට වඩා වටිනා ප්‍රාණයක් ඝාතනය කිරීම බව ඔවුන් තේරුම් නොගෙන සිටීම පුදුමයකි.
 
ගවයාට වැඳුම් පිදුම් කල එක් සිදුවීමක් අල් කුරානයේ සඳහන් වේ. කුරානයේ දැක්වෙන පරිදි මුසා නබිතුමා දින හතළිහක් තුරුසිනා කඳු පාමුලට ගොස් සිටින කාලය තුලදී ඔහුගේ අනුගාමිකයින් සාමිරි යන තැනැත්තාගේ ඉගැන්වීමට අනුව රනින් ගවයෙකුගේ පිළිරුවක් සාදා එය දෙවියන් ලෙස සලකා ඊට වැඳ ඇත. කෙසේ වෙතත් මුසා නබිතුමා ඔහුගේ ගමන නිමවා ආපසු පැමිණී පසු මෙම සිද්ධිය දැක මහත් කෝපයට පත් වූ අතර ඔහුගේ සහෝදරයා එම ජනතාව කරමින් සිටි වරද නොවැළැක්වීම හේතු විමසා ඔහුට තදින්ම තරවටු කර තිබේ. අවසානයේදී ඔවුන් කල වරදට දඬුවම් කරන ලදී. මෙම සිදුවීම ගවයාට නැමදුම් කල මුල්ම අවස්තාව වේ. 

ගවයා පුජනීය සත්වයෙක් ලෙස නොසලකන අය ගව ඝාතනයට විරුද්ධ වන්නේ උගේ ප්‍රාණය ගැන සැලකීමෙන් නම් අනෙක් ජීවීන්ගේ ප්‍රාණය ගැනත් ඔවුන් සැලකිකි මත් විය යුතුය. ගස්කොලන් වලටත් ජීවයක් ඇති බව සිතා කටයුතු කල යුතුය. එසේ නොකර ගව ඝාතනයට පමණක් විරුද්ධ වීම විහිළුවකි. ඇතැම් අය පවසන්නේ ගවයින්ගෙන් ප්‍රයෝජන ගෙන ඌව ඝාතනය කිරීම වරදක් බවයි. එසේ සිතන අය ගවයාගෙන් වැඩ ගැනීමත් වරදකි. උන්ගේ පැටවුන්ට එරෙන කිරි ටික දොවා ගැනීමත් වරදක් බව තේරුම් ගත යුතුය.

Fasy Ajward, B.Sc(Sp.Phy)Hons.Japura. 




Comments

Popular posts from this blog

කුරානයට එල්ල කරනු ලබන චෝදනා (Accusations against the Quran)

ලෝක අවසානය පිළිබඳ පෙර නිමිති (Omens for the end of the world)

සහජීවනය (coexistence)