භූමිදානය කිරීමෙන් කොරෝනා වෛරසය ව්‍යාප්ත වන්නේද? (Does burying spread the corona virus?)

 

මෙය ඉතා සංවේදී මාතෘකාවක් වන බැවින් රජයේ සහ මේ පිලිබඳ පර්ශේෂණ කරන සියලු දෙනාගේ අවදානය ඒ කෙරෙහි යොමු වීම අත්‍යාවශ්‍ය කරුණකි. කෙසේ වෙතත් මෙම පර්යේෂණ අංශ දෙකක් කෙරෙහි යොමු විය යුතුය. එනම් රෝගියෙකුගේ සොටු සහ මල මුත්‍රා විනාශ නොකර භූමියට බැහැර කිරීම සහ මිය ගිය අයගේ දේහයන් භූමිදානය කිරීම සම්බන්දයෙනි. විශේෂයෙන්ම මේ සඳහා වසංගත රෝග පිලිබඳ පර්යේෂන සිදු කරන විශ්වවිද්‍යාල මහාචාර්ය වරුන්ගේ අවදානය යොමු විය යුතු වේ. ඒ අනුව නිරෝදාන මද්යස්ඨාන වලින් සහ මෙම රෝගීන්ට ප්‍රතිකාර කරන අරෝග්‍යශාලාවලින් පිටකරන අප ද්‍රව්‍ය ගැන ඔවුන්ගේ අවධානය යොමු විය යුතුය. එවැනි පර්යේෂණවල ප්‍රතිපල ලැබෙන තුරු මළමිනී භූමිදානය කිරීම වළක්වන්නේ නම් ඔවුන්ගේ සොටු සහ මළමුත්‍රා ද යම් කුටිරයක් තුලට රැස්කොට විනාශ කිරීමෙන් පසු ඒවා භූමියට මුදා හැරීමට වඩාත් සුදුසු ක්‍රියාවක් වන්නේය. 

වසංගත රෝග මිට පෙරද ලෝකයේ නන්දෙසින් වාර්තා වී තිබේ. උදාහරණයක් වශයෙන් වසුරිය, ඉබෝලා වැනි රෝග පෙන්වා දිය හැකිය. එවැනි රෝග වලින් මිය ගිය අයගේ දේහයන් භූමිදානය කල අවස්ථා ඕනෑතරම් තිබේ. එබැවින් ඒවා භූමිදානය කල සොහොන් ආශ්‍රිත පස් සාම්පල සහ ජල මුලාශ්‍ර ගැන පර්යේෂණ සිදු කිරීමෙන් භුමිය මගින් වෛරසය ව්‍යාප්ත වන්නේදැයි සැක හැර දැනගත හැකි වනු ඇත. එහෙත් මේ දක්වා එම මල මිණි වලින් එකී රෝගයන් ව්‍යාප්ත වූ බවට වාර්තා වී නොමැත. 

පසේ ස්වභාවය වන්නේ ද ඊට ඇතුලත් කරන දේවල් දිරවා ගැනීමයි. තවද වෛරසයකට ජිව සෛලයක් නොමැතිව ජිවත් විය නොහැකි බව වෛරසයන් පිලිබඳ දැනුම ඇති විද්‍යාඥයින්ගේ මතය වේ. ලෝක සෞඛ්‍ය සංවිදානය නිකුත් කොට ඇති මාර්ගෝපදේශයන්ට අනුවද භූමිදානය කිරීමෙන් වෛරස් රෝග ව්‍යාප්ත වන්නේ නැත. එම නිසා ඔවුන්ගේ උපදෙස් අනුව ක්‍රියා කිරීමෙන් ඇතැම් සංවේදී ප්‍රශ්න වලට විසඳුම් ලබා ගැනීමට හැකි වන්නේය. එසේ නොකර ගනු ලබන තීන්දු තීරණ නිසා ඇතැමුන්ගේ ආගමික විශ්වාසයන්ට විශාල හානියක් ගෙන දෙන බව සඳහන් කල යුතුව තිබේ. 

මල මිණි භූමිදානය කිරීමට ඉඩ නොහැරිමෙන් ඇතැම් අය ඉතා දරුණු ලෙස කනස්සල්ලට පත්ව තිබේ. තවද ඔවුන්ට යම් විදියකින් මෙම රෝගය බෝවුනත් ප්‍රතිකාර ගැනීමෙන් වැලකි සිටීමට බොහෝ ඉඩ ප්‍රස්ථාව තිබේ. ඉන් සිදුවන්නේ නිවසේදීම ඔවුන් මිය යාමයි. තවද ඔවුන්ගේ එම ක්‍රියාව නිසා මෙම රෝගය අනෙක් අයටත් ව්‍යාප්ත වීමේ අවදානම අධික ලෙස වැඩි විය හැකිය. මේ නිසා නිසි බලදාරින්ගේ අවදානය මේ කෙරෙහි යොමු විය යුතුව තිබේ. 

By Fasy Ajward.B.Sc(Sp.Phy)Hons.J.pura,



Comments

Popular posts from this blog

අල්ලාහ් කවුද? (Who is Allah?)

ඉස්ලාම් දහම අනුව අකුසල් ක්‍රියාවන්හි ප්‍රතිවිපාක (Consequences of evil deeds in Islam)

කුරානය දෙවියන්ගෙන් ලැබුණු පණිවිඩයක් වන්නේ ඇයි? (Why is the Quran a message from God?)