මුස්ලිම්වරුන්ට වෙනම ක්වාසි අධිකරණයක් අවශ්‍ය වන්නේ ඇයි? (Why do Muslims need a separate quasi-court?)



ලංකාව තුල ප්‍රධාන වශයෙන් ක්‍රියාත්මක වන්නේ රෝමානු ලන්දේසි නිතිය, උඩරට නිතිය (උඩරට පමණක් බලපායි), තේසවලාම නිතිය (යාපනයට පමණක් බලපායි), ඉස්ලාම් ෂරියා නීතිය (මුස්ලිම්වරුන්ට පමණක් බලපායි), බෞද්ධ සහ හින්දු නීතිය (බෞද්ධයින්ට සහ හින්දුන්ගෙන් කොටසකට පමණක් බලපායි) වේ. තවද ලංකාවේ අධිකරණ පද්දතිය සමන්විත වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, මහාධිකරණ, නාගරික අධිකරණය සහ ප්‍රාථමික යන අධිකරණවලින් ය. මෙම අධිකරණවලට අමතරව විනිශ්චය සභාවලින්ද සුළු නඩු විභාග කරනු තිබේ. කෙසේ වෙතත් සාපරාධී නීතිය සම්බන්ධ සිද්ධින්වලදී ප්‍රාථමික අධිකරණ බලය පැවරෙන එකම අධිකරණය වන්නේ මහේස්ත්‍රාත් උසාවිය හෝ මහාධිකරණය වේ. මෙම අධිකරණ අතරින් මුස්ලිම්වරුන්ගේ විවාහ සහ දික්කසාද නඩු විභාග කරනු ලබන්නේ ක්වාසි උසාවි වලදී ය. ඒවා රජයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන්නේය. 

ඉස්ලාම් දහම මිනිස් ජීවිතය සමග ඉතා ලඟින් බද්ද වී තිබේ. එබැවින් ඒවාට විසඳුම් සෙවිය යුත්තේද දහම තුලින් ය. මේ නිසා නිතර අවශ්‍ය වන විවාහ සහ දික්කසාද නඩු සහ ප්‍රවේණිය උරුමයන් පිලිබඳ නඩු විභාග කෙරෙන්නේ ක්වාසි උසාවි වලදීය. 

මුස්ලිම් නීතිය අනුව විවාහය සහ දික්කසාදය මෙන්ම ප්‍රවේණිය උරුමයන් බෙදී යන්නේ කුරානයෙන් නියම කොට ඇති පරිදි ය. එබැවින් එවැනි නඩු විසඳීම සඳහා ඔවුන්ගේම උසාවියක් තිබීම වඩාත් සුදුසු ක්‍රියා මාර්ගයක් වේ. කෙසේ වෙතත් එවැනි උසාවියකදී විසඳීමට නොහැකි නඩු මහේස්ත්‍රාත් උසාවියකට යොමු කරනු ලැබේ. 

ක්වාසි උසාවියක් සැබවින්ම උසාවියකට වඩා සමත මණ්ඩලයක ස්වභාවය උසුලන්නේය. එම නිසා ඒවායේදී නඩු විභාග කිරීම සඳහා සැමවිටම නීතිඥයෙකු පත් කිරීමට අවශ්‍ය වන්නේ නැත. එම උසාවිවල නඩු කටයුතු මෙහෙයවීම සඳහා ඇතැම් අවස්ථාවලදී සුදුසුකම් ඇති ඕනෑම කෙනෙක් පත් කරනු ලැබේ. ක්වාසි උසාවියකදී සමතයකට පත්කළ නොහැකි නඩු මහේස්ත්‍රාත් උසාවියකට යොමු කරනු ලැබේ. මේ නිසා කිසිම අකාරයකින් කිසිවෙකුට එම උසාවි වලින් අසාධාරණයක් සිදු වන්නේ නැත. 

සෑම මුස්ලිම්වරයෙකුටම දහම ගැන යම් දැනුමක් තිබෙන්නේය. එම නිසා ක්වාසි උසාවියකදී පැමිණිලි පාර්ශවයට සහ විත්ති පාර්ශවයට නීති සහාය ලබා ගැනීමට අවශ්‍ය වන්නේ ඉතා කලාතුරකින් ය. එය මුස්ලිම්වරුන්ට ලැබෙන වාසියකි. 

ඇතැම් අය ක්වාසි උසාවිවල  අකට යුතු කම් ඇතැයි චෝදනා කරන්නේය. ඇත්තෙන්ම එවැනි බොළඳ චෝදනා කිරීමට වඩා ඔවුන් කල යුත්තේ ඒවා නිවැරදි කිරීමට කටයුතු කිරීමය. ක්වාසි උසාවියක් නිසා ජනතාවට විශාල සේවයක් කෙරෙන බව ඔවුන් තේරුම් ගත යුතුය. දැනටමත් උසාවිවල අධික නඩු ප්‍රමාණයක් ගොඩ ගැසී ඇති අවස්ථවක මුස්ලිම්වරුන්ගේ දික්කසාද නඩු ද ඒවායේ විසඳීමට යාම නඩු තවත් කල් ගත වීමට හේතුවක් වනු ඇත. එසේ වන විට දික්කසාද නඩුවක් සඳහා ගතවන කාලය තවත් දීර්ඝ වන වන අතර මිනිසුන්ට තම අවශ්‍යතවයන් ඉටු කර ගැනීමට තවත් කල් මැරීමට සිදු වන්නේය. එමගින් ජන ජීවිතය තවත් අවුල් වීමට හේතුවක් විය හැකිය.  

ඇතැම් අය මෙම ක්වාසි උසාවිවලට විරුද්ධවන්නේ කිසිම සාධාරණ හේතුවක් නිසා නොවේ. ඔවුන්ට උවමනා වී තිබෙන්නේ මුස්ලිම්වරුන්ට වෙනමම උසාවියක් නොදී සිටීමට පමණි. එසේ කිරීමෙන් ඔවුන් ලබන ලාබය කුමක්ද? ඇත්තෙන්ම සෑම දහමකින්ම බලාපොරොත්තු වන්නේ මිනිසාගේ යහපත ගැන ය. එම නිසා මුස්ලිම් නොවන අය මෙම උසාවිවලට විරුද්ධ වීම සාධාරණ නොවේ. 

By Fasy Ajward.B.Sc(special)Hons,
Ex: Research officer at former Scientific and Industrial Research Institute. 
Twitter:-thetrue_path


Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)