ඉස්ලාම් දහම තුල ඥාතිත්වයේ ඇති වැදගත්කම (The importance of kinship in Islam)

බොහෝ අය වාසියට හෝ ලාබ ප්‍රයෝජනයට පමණක් ඥාතීන් ලං කර ගන්නේය. මේ නිසා ධනය ඇති අය එවැනිම අය සමග මිත්‍රකම් පවත්වන්නේය. මංගල සාදයකදී පවා බොහෝ විට සුළු සිද්ධීන් මත බොහෝ ඥාතින් කැපී යන්නේය. එහෙත් ඉස්ලාම් දහම එවැනි ක්‍රියා තදින්ම ප්‍රතික්ෂේප කොට ඇත. එහෙත් අප නොසිතන බොහෝ දේවල් ඥාතීන් සමග එකතු වීම තුල රැඳී තිබේ. එම කරුණ බොහෝ අය දැක ගෙන නැත. අල් කුරානය තුලින් ඥාති සම්බන්දතාවය ගැන මෙසේ විස්තර කරන්නේය. "කවරෙක් අල්ලාහ් හමුවෙහි ඇති ගිවිසුම තහවුරු කල පසු එය කඩකරමින් අල්ලාහ් එක්කර ගත යුතු යැයි නියෝග කල (ලේ නෑකම) බිඳිමින් පොළොවෙහි කළහ ඇති කරත්ද ඔවුනට ශාපයක්ම වේ. ඔවුනට දුක්ඛිත නිවසම (නිරය) ඇත" (කුරානය 13:25). ඥාතින් සමග එකමුතුව ජිවත් වීම නිසා ආයු කාලය දීර්ඝ වන්නේය. තවද සෞභාග්‍ය ඇති වන්නේය. මෙම හදිසය තුල එම කරුණ දැක ගත හැකිය. ජිවිතයේ සෞභාග්‍ය (provisions) ඇති වීමටත්, ජිවිත කාලය දීර්ඝ කර ගැනීමටත් යම් කෙනෙක් බලාපොරොත්තු වන්නේ නම් ඔහු තම ඥාතින් සමග ඇති සම්බන්දය ආරක්ෂා කල යුතුය (බුහාරි,මුස්ලිම්, මිශ්කාත් 1:110). ඥාතින් සමග එකට ජිවත් වීම නිසා අල්ලාහ් ද ඔවුන් සමග සම්බන්ද වන බව මෙම හ...