මිනිසාගේ දියුණුවට ඥාතිත්වය බලපාන්නේ කෙසේද? (How does kinship affect one's progress?)



අප නොසිතන බොහෝ දේවල් මිනිස් ක්‍රියා කාර කම් සමග බැඳී ඇත. එහෙත් බොහෝ අය විසින් එම කරුණ වටහාගෙන නැත. අල් කුරානය තුලින් ඥාති සම්බන්දතාවය ගැන මෙසේ විස්තර කරන්නේය. "කවරෙක් අල්ලාහ් හමුවෙහි ඇති ගිවිසුම තහවුරු කල පසු එය කඩකරමින් අල්ලාහ් එක්කර ගත යුතු යැයි නියෝග කල (ලේ නෑකම) බිඳිමින් පොළොවෙහි කළහ ඇති කරත්ද ඔවුනට ශාපයක්ම වේ. ඔවුනට දුක්ඛිත නිවසම (නිරය) ඇත" (කුරානය 13:25). 

ඥාතින් සමග එකමුතුව ජිවත් වීම නිසා ආයු කාලය දීර්ඝ වන්නේය. තවද සෞභාග්‍ය ඇති වන්නේය. මෙම හදිසය තුල එම කරුණ දැක ගත හැකිය. ජිවිතයේ සෞභාග්‍ය (provisions) ඇති වීමටත්, ජිවිත කාලය දීර්ඝ කර ගැනීමටත් යම් කෙනෙක් බලාපොරොත්තු වන්නේ නම් ඔහු තම ඥාතින් සමග ඇති සම්බන්දය ආරක්ෂා කල යුතුය (බුහාරි,මුස්ලිම්, මිශ්කාත් 1:110).

ඥාතින් සමග එකට ජිවත් වීම නිසා අල්ලාහ් ද ඔවුන් සමග සම්බන්ද වන බව මෙම හදිසයෙන් විස්තර කොට තිබේ. රහ්ම් යන පදය රහ්මාන් යන වචනයෙන් කැඩී එන්නේය. එම නිසා අල්ලාහ් මෙසේ පවසයි: "කව්රුන් හෝ ඔබ සමග (ඥාතිත්වය සමග) සම්බන්ද වන්නේද ඔහුත් සමග මාද සම්බන්ද වෙමි, කව්රුන් හෝ ඔබව කපා හරිද මාද ඔහුව කපා හරිමි" (බුහාරි, මිශ්කාත් 1:113). 

නබි වදනක සඳහන් වන ආකාරයට ඥාතින් සමග බේද වන තැනැත්තා ස්වර්ගයට යන්නේ නැත. එම කරුණ මෙම හදිසය තුලින් කියැවේ. "ඥාති සම්බන්දය කඩා දමන තැනැත්තා ස්වර්ගයට පිවිසෙන්නේ නැත" (බුහාරි සහ මුස්ලිම්, මිශ්කාත් 1:115), අනෙක් අතට කැඩී ගොස් තිබෙන ඥාති සම්බන්දකම් නැවත ඇති කිරීම සම්බන්දයෙන් නබි තුමා පැවසූ හදිසයක් ඉබ්නු උමර් රලි තුමා මෙසේ සඳහන් කරයි. "පවතින නෑකමක් එකතු කරන්නා පරිපුර්ණ (perfect) නොවන අතර කැඩී ගොස් තිබෙන නෑකමක් යලි ගොඩ නගන තැනැත්තා පරිපුර්ණ වන්නේය" (බුහාරි, මිශ්කාත් 1:116). මෙතරම් දෙයක් පවසා තිබියදීත් කෙනෙකුට වැඩි වැඩියෙන් මුදල් ලැබෙන විට ඥාතින්ගෙන් දුරස් වීම කනගාටුවට කරුණකි. එසේ කිරීමෙන් ලෞකික ජීවිතයේදී පමණක් නොව මතු ජිවිතයේදී ද පාඩු ලබන්නේය. 

ඥාති සම්බන්දතා ශක්තිමත් කිරීම සඳහා එකිනෙකාට උදව් උපකාර කිරීම ඉතා ප්‍රයෝජනවත් ය. නබිතුමා සහාබි වරයෙක් ඇසු පැනයකට දුන් පිළිතුරෙන් එය පැහැදිලි වේ. එක් සහාබි වරයෙක් නබිතුමාගෙන් කුමන සදකාව (charity) වඩාත් උතුම් දැයි විමසු අවස්ථාවේදී ඊට පිළිතුරු දෙමින් පවසා ඇත්තේ ඥාතීන්ගෙන් පටන් ගන්නා සදකාව වඩාත් උතුම් බවයි (අබු දාවුද්). 


By Fasy Ajward.B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.



Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ඉස්ලාමයේ කාන්තා අයිතිවාසිකම් (The Rights of Women in Islam)

මුස්ලිම්වරයෙකුගේ ඇදහිල්ලට හානි කරන දේවල් (Things that harm the faith of a Muslim)