පින් දහම් කරන සමහර අය නිරයට යන්නේ ඇයි? (Why do some people who do good deeds go to hell?)
කොතරම් දක්ෂ වුනත් යම් ආයතනයකින් කෙනෙකුට වේතනයක් ගෙවනු ලබන්නේ ඔහු එම ආයතනයට සේවයක් කළ හොත් පමණි. එසේ තිබියදී කෙනෙක් එක් ආයතනයක සිටිමින් වෙනත් කෙනෙකුට සේවය ලබා දෙන්නේ නම් ඔහු පඩිය බලාපොරොත්තු විය යුත්තේද එම තැනැත්තාගෙන් ය. මේ අකාරයටම දෙවියන් මිනිසාව මවා තිබියදී මිනිසා දෙවියන් වෙනුවට වෙනත් කෙනෙකුව දෙවියන් ලෙස විශ්වාස කරන්නේ නම් ඔහු කුලිය බලාපොරොත්තු විය යුත්තේද ඔහු ගෙන් මය. විශ්වය ඉබේ ඇති වුයේ නැත. එය සර්වබලධාරී දෙවියන් විසින් මවා තිබේ. මිනිසා කල යුතුව තිබෙන්නේ එම දෙවියන් කව්රුන්ද යන්න නිවැරදිව තේරුම් ගෙන ඔහුට පමණක් නැමදීම ය. ඒ සඳහා මිනිසාට හෘද සාක්ෂියක් ලබා දී තිබේ. එසේ තිබියදී මිනිසා වෙනත් දේවල් සඳහා වැඳුම් පිදුම් කළහොත් මිනිසාටත් තිරිසනාටත් අතර වෙනසක් තිබිය නොහැක. සෑම උපකරණයක් සමගම අත්පොතක් නිකුත් කරන්නේ ය. එය හැදෑරීමෙන් එම උපකරණය නිවැරදිව භාවිතා කල හැකිය. එසේම මිනිසාට ද මුල සිටම දහම් පණිවිඩ පහළ කොට තිබේ. ඒවා හැදෑරීමෙන් මිනිසාට නිවැරදි මාර්ගය දැනගත හැකිය. මේ සෑම දහම් පනිවිදයක්ම නබිවරයෙකුගේ මාර්ගයෙන් පහළ කොට තිබේ. එවැනි නබිවරුන් සිය දහසකට වඩා මෙලොවට පැමිණ තිබේ. එසේ පැ...