පින් දහම් කරන සමහර අය නිරයට යන්නේ ඇයි? (Why do some people who do good deeds go to hell?)

 

මනිසා ඉබේ ඇති වුයේ නැත. ඔහුට මැවුම්කරුවෙකු සිටින්නේය. එම මැවුම්කරු මිනිසාට හොඳ සහ නරක වෙන වෙනම වටහා ගත හැකි හදවතක් ලබා දී ඇත. තවද යහ මග පෙන්වීම සඳහා දහමක් පහල කොට තිබේ. එම දහම ප්‍රායෝගිකව පෙන්වා දීම සඳහා නබිවරුන්ව මෙලොවට යැව්වේය. මිනිසාට කල යුතුව තිබෙන්නේ එම දහම් මග අනුව යමින් පින් දහම් කිරීම යි. එසේ තිබියදී මිනිසා විසින්ම ඇතැම් දේවල් කුසල් ක්‍රියාවන් ලෙසත් ඇතැම් දේවල් අකුසල් ක්‍රියාවන් ලෙසත් සිතාගෙන සිදු කරන්නේ නම් ඒවාට කුලිය දීමට කෙනෙක් නැත. එවැනි අය ගැන අල් කුරානයේ එක් තැනක මෙසේ සඳහන් වේ. "(අල්ලාහ් නොවන දේවල් වෙනුවෙන්) මහන්සියෙන් ක්‍රියා කරයි. (එහෙත් මරණයෙන් පසු) දළු දමමින් දැවෙන ගින්නෙහි ඇතුළු වෙයි" (කුරානය 88:3-4). මේ හේතුවෙන් මිනිසා පින් දහම් කල යුත්තේ දෙවියන් පෙන්වා දී ඇති ආකාරයට පමණි. එසේ නොකොට කොතරම් පින් දහම් කලත් ඒවාට දෙවියන් ළඟ කිසිම වටිනාකමක් නැත. ඔවුන් ගැන කුරානයේ එක් තැනක මෙසේ දැක්වේ. "ක්‍රියාවලින් විශාල ලෙස පාඩු වුවන් ගැන නුඹලාට අප දැනුම් දෙන්න දැයි (නබි වරයාණෙනි) නුඹ අසන්න! ඔවුන්ගේ උත්සාහයන් මෙලොව ජීවිතයේදීම නිෂ්පල විය. නියත වශයෙන්ම ඔවුන් තමන් යහ කම් කරන බවට සිතාගෙන සිටිති" (කුරානය 18:103-104)

මොනතරම් ධාර්ශනිකයෙකු වුවත් ඔහුට ආගමක් නිර්මාණය කල නොහැක. ඒ බව මිනිසාගේ හෘද සාක්ෂියෙන්ද තේරුම් ගත හැකිය. එසේ තිබියදී මිනිසා විසින් තමන් කැමති දේවල් කුසල් ලෙසත් තමන් අකමැති දේවල් අකුසල් ලෙසත් නම් කිරීමෙන් කිසිම ප්‍රයෝජනයක් නැත. එවැනි දෙයක් කිරීමට අනුමැතිය තිබේ නම් සල්ලාලයින් විසින් ස්ත්‍ර දුෂණය පුණ්‍ය ක්‍රියාවක් ලෙස නම් කරනු ඇත. එසේම සොරුන් විසින් මංකොල්ල කෑමත් අනුන්ගේ දේවල් පැහැර ගැනීමත් කුසල් ලැබෙන දේවල් ලෙස නම් කරනු ඇත. එසේම තවත් කෙනෙක් ඔහු වැඩියෙන්ම ගරු කරන කෙනෙකුට නැමදිම විශාල කුසල් ක්‍රියාවක් යැයි නම් කරනු ඇත. මෙවැනි දේවල් නොවීම පිණිස මිනිසාගේ ආරම්භයේ සිටම  ආගමක් පහළ කොට තිබේ. 

දෙවියන් පහළ කරන ලද ආගමකින්ම පමණක් මිනිසාට නිවැරදි මාර්ගය දැනගත හැකිය. දෙවියන් අනුමත කරන්නේ එම දහම් මාර්ගය පමණි. ඒ හැර වෙනත් කිසිම මාර්ගයක් ඔස්සේ පින් දහම් කලත් දෙවියන් එයට කුලිය දෙන්නේ නැත.

මෙලොවට සිය දහසකට වඩා නබිවරුන් පැමිණ තිබේ. අලුතින් නබිවරයෙකු පැමිණි සෑම විටම මිනිසා අනුගමනය කල යුතු වන්නේ එම නබිවරයාට පහළ කරන ලද දහම් මාර්ගය වේ. මෙලොවට පැමිණි අවසාන නබිවරයා මුහම්මද් නබි තුමාය. එතුමාගේ සම්ප්‍රාප්තියට පෙර යුදෙව් ආගම දෙසීම සඳහා මුසා නබි තුමා ද කිතුනු දහම දෙසීම සඳහා ජේසු තුමා ද පැමිණ තිබේ. 

සෑම නබිවරයෙකුම ඔවුන් දෙවියන්ගේ නියෝජිතයා බව ඒත්තු ගැන්වීම සඳහා ප්‍රාතිහාරයන් සිදු කොට තිබේ. ඒ අනුව මුසා නබිතුමා ඔහුගේ සැරයටිය දෙවියන්ගේ උදව්වෙන් නාගයෙකු බවට පත් කොට ඇත. ජේසු තුමා මියගිය අයට දෙවියන්ගේ උදව්වෙන් නැවත ප්‍රාණය ලබා දී ඇත. මුහම්මද් නබි තුමා දෙවියන්ගේ උදව්වෙන් සඳ දෙපලු කොට නැවත එය යාකොට ඇත. අල් කුරානය අදටත් ජීවමාන ප්‍රාතිහාරයකි. 

මිනිසාගේ අභිමතය පරිදි ඕනෑම දෙයකට දේවයෙන් සැලකිය නොහැක. ඇයිද යත් දෙවියන් සඳහා නිර්වචනයක් තිබේ. එම නිර්වචනය අනුව දෙවියන් එක්කෙනෙකි. ඔහු කිසිවෙකුගේ කුසින් ප්‍රසුත වුයේ නැත එසේම ඔහු විසින් කිසිවෙකු ප්‍රසුත කරන්නේද නැත. ඔහුට සමාන වෙන කිසිවෙකුත් නැත. එසේ තිබියදී කිසිම සාතෘ වරයෙකු හෝ මිනිසා විසින්ම නෙලාගත් පිළිමයක් හෝ වෙනත් කිසිම දෙයක් දෙවියන්ට සමාන කළ නොහැක. 

විශ්වය සහ එහි ඇති සියලුම දේවල් දෙවියන්ගේ මැවීම් ය. ස්වර්ගයත් නිරයත් ඔහුගේ මැවීම් ය. එබැවින් ඒවාට ඇතුලත් කරන්නේ දෙවියන්ගේ දේව ව්නිශ්චයෙන් සමත්වන අය පමණි. මේ නිසා දෙවියන් සමග වෙනත් දේවල් ආදේශ කරන අයට ස්වර්ගය ලැබෙන්නේ නැත. 

By Fasy Ajward.B.Sc(PhysicsSpecial)Hons,Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.




Comments

Popular posts from this blog

කුරානයට එල්ල කරනු ලබන චෝදනා (Accusations against the Quran)

කුරානයට අනුව ලෞකික ජීවිතයේ යතාර්ථය කුමක්ද? (What is the reality of worldly life according to the Quran?)