Posts

Showing posts from May, 2024

අල්ලාහ් කවුද? (Who is Allah?)

Image
විශ්වය සහ එහි ඇති සියලුම දේවල්වල මැවුම්කරු අල්ලාහ් ය. එබැවින්, නැමදුම් ලැබීමට එකම සුදුස්සා ඔහුය. අල් කුරානයේ අල්ලාහ්ව මෙසේ විස්තර කොට ඇත.  "පවසනු! අල්ලාහ් එක් කෙනෙකි. අල්ලාහ් (කිසිම) අවශ්‍යතාවයක් නොමැත්තා ය. ඔහු කිසිවෙකුව ප්‍රසුත කලේ නැත. (එසේම) ඔහු කිසිවෙකුගෙන් ප්‍රසුත වුයේද නැත. තවද, ඔහුට සමාන වෙනත් කිසිවෙකුද නැත"  (කුරානය 112; 1-4). අල් කුරානයේ තවත් තැනක අල්ලාහ් ගැන මෙසේ දැක්වේ.  " (සත්‍ය ලෙසම) නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙකු නැත. ඔහු නිත්‍යය ජීවමානය සදාකාලිකය. මද නින්ද හෝ තද නින්ද හෝ ඔහුව නොඅල්වන්නේය. අහස්හි ඇති දේද පොළොවෙහි ඇති දේද ඔහුටම හිමිය. ඔහුගේ අනුමැතිය නොමැතිව ඔහු හමුවෙහි කවරෙකුට හෝ මැදිහත් විය නොහැක. (මැවුම් වන) ඔවුන්ට පෙර ඇති දේද ඔවුන්ට පසු ඇති දේද ඔහු හොඳින් දන්නේය. ඔහු මනාප වූ දේ හැර, ඔහු දැන සිටින දෙයින් කිසිවක් ඔවුන් විසින් දැනගත නොහැකිය. ඔහුගේ 'කුර්සි' අහසෙහිද පොළොවෙහිද ව්‍යාප්තව පවතින්නේය. ඒ දෙකම ආරක්ෂා කිරීම ඔහුට අපහසුවක් නොවේ. ඔහු වඩාත් උතුම් කෙනාද මහඟු බව ඇත්තාද වේ"  (කුරානය 2:255). මෙම ගුණාංග අල්ලාහ්ට මිස වෙනත් කිස...