අල්ලාහ් අතිශයින්ම කරුණාවන්ත බව ඔබ දන්නවාද? (Do you know that Allah is extremely kind?)
සර්වබලධාරී අල්ලාහ් දෙවිඳුන් ගැන පැවසීමේදී, බොහෝ අය සඳහන් කරන්නේ බිය ඇතිකරන දේවල් ගැන පමණි. එහෙත් ඔහු අතිශයින්ම කාරුණික බව ද අප විසින් දැනගත යුතුය. හදිස්වල දැක්වෙන අන්දමට අල්ලාහ්ගේ කාරුණික බව ඔහුගේ කෝපාවිෂ්ට බව ඉක්මවා යන්නේය. මේ නිසා වැරදි කල ඕනෑම කෙනෙකුට ලෞකික ජීවිතයේදී අල්ලාහ්ගේ දයාව ගැන බලාපොරොත්තු තැබිය හැකිය. කෙසේ වෙතත් අල්ලාහ් දඬුවම් කිරීමේදී ඉතා දැඩි බවත් අමතක නොකළ යුතුය. එබැවින් වඩා සුදුසු වන්නේ අල්ලාහ් කෙරෙහි ඇති බිය සහ බලාපොරොත්තුව අතර සමතුලිතතාවයක් පවත්වා ගැනීමය. සහිහි බුහාරි ග්‍රන්ථයේ අල්ලාහ් තම ගැත්තන් සමග ක්‍රියා කරන අකාරය මෙසේ විස්තර කොට ඇත. “මගේ ගැත්තා මා ගැන සිතන ආකාරයට මා ද ඔහු සමග ක්‍රියා කරන්නෙමි. ඔහු මා ගැන සිහිපත් කරන විට මා ද ඔහුව සිහි පත් කරමි. ඔහු තම සිත තුලින් මා ගැන මෙනෙහි කරන්නේ නම්, මා ද ඔහු ගැන මෙනෙහි කරමි. ඔහු මිනිසුන් අතර මා ගැන සඳහන් කරන්නේ නම්, ඔහු ගැන මා ඊට වඩා හොඳ සභාවකදී සඳහන් කරමි. ඔහු මා වෙත වියතක දුරක් ළඟා වුවහොත්, මා රියනක දුරක් ඔහු වෙත ළඟා වෙමි. ඔහු මා වෙත රියනක දුරක් ළඟා වුවහොත්, මා ඔහු වෙත රියන් දෙකක දුරක් ළඟා වෙමි. ඔහු මා වෙත ඇවිද ආවොත්,...