මුස්ලිම් අවමංගල්‍යයකදී අලුතින් එකතු කරන ලද අංග මොනවාද? (What are the newly added features of a Muslim funeral?)
ඉස්ලාම් දහමේ ඇති විශේෂත්වය වන්නේ එහි ඇති සෑම කටයුත්තක්ම දහමින් ආවරණය කොට තිබීමය. ඒ අනුව මුස්ලිම්වරයෙකු මිය ගිය විට ඔහුව හෝ ඇයව භූමිදාන කල යුත්තේ ෂරියාවෙන් පෙන්වා දෙන ආකාරයට වේ. එම ක්‍රමය ඉතා සරල එකක් වන අතර සෑම කෙනෙකුටම ඉතා පහසුවෙන් පිළිපැදිය හැකිය. ෂරියාවෙන් පෙන්වා දෙන ක්‍රමය වෙනස් කොට ඊට අලුතින් කොටස් එකතු කිරීම බිදඅත්ක්රියාවක් වේ. නබිතුමා පවසා තිබෙන්නේ එවැනි දේවල් ප්‍රතික්ෂේප කරන ලෙසය. එසේ තිබියදී අද සිදුවන බොහෝ ඉස්ලාමිය අවමගුල් නබිතුමා පෙන්වා දී ඇති ක්‍රම වලින් බැහැර වී තිබේ. ඉස්ලාම් දහම තුලට අලුත් ඇදහිලි ඇතුලත් වීමට ප්‍රධාන හේතුවක් වන්නේ දැනුමෙන් තොර උදවිය වැරදි කරන විට සමාජයට බියෙන් විද්වතුන් ඒවා නිවැරදි නොකර සිටීමය. දැන් සිදුව තිබෙන්නේ වැරදි ඇදහිලි හරි දේවල් ලෙසත් හරි දේවල් වැරදි ඇදහිලි ලෙසත් පත්ව තිබීමය. මේ නිසා අප කරන බොහෝ දේවල් වලට කුලිය නොලැබෙන තත්වයකට පත්ව ඇත. ඇයිද යත් අල්ලාහ් අනුමත කරන්නේ ෂරියාවෙන් පෙන්වා දී ඇති දේවල් පමණි. සාතන්ට උවමනා කරන්නේද අපගේ කුසල් විනාශ කිරීමටයි. ජනාසාවක් (මිනියක්) භූමිදානය කිරීම පිණිස සුදානම් කිරීමේදී මෙවැනි වැරදි සිදු වන්නේය. මොව්ල...