ඉස්ලාමීය විවාහයකදී සලකා බැලිය යුතු කරුණු (Things to consider in an Islamic marriage)
ජීවයේ පැවැත්ම සඳහා විවාහය අත්‍යාවශ්‍ය සාදකයකි. එහෙත් දෙවියන් විසින් මවන ලද උසස්ම නිර්මාණයක් වන මිනිසාට එය කල හැක්කේ දහමින් පෙන්වා දී ඇති නීති රාමුව තුලය. මේ සඳහා ආදම්තුමාගේ පටන් විවිධ නීති ක්‍රියාත්මක වී තිබේ. කෙසේ වෙතත් මුහම්මද් නබි තුමාගේ පැමිණීමෙන් පසු ක්‍රියාත්මක වන්නේ අල් කුරානයෙන් සහ නබිතුමාගේ හදිස් වලින් පෙන්වා දී ඇති ෂරියා නිතිය වේ. ෂරියාවෙන් මුස්ලිම්වරුන්ට විවාහය සම්බන්දයෙන් බොහෝ නීති රීති පනවා තිබේ. එම නිසා මුස්ලිම්වරයෙකුට තම අභිමතය පරිදි ඕනෑම කෙනෙකු සමග විවාහ වීමට අවසර ලැබෙන්නේ නැත. එහෙත් මුස්ලිම් නොවන සමාජවල එවැනි තත්වයක් නැත. මේ නිසා ඇතැම් රටවල්වල සමලිංගික විවාහට පවා අවසර ලබා දී තිබේ. එහෙත් ඉස්ලාම් දහම අනුව එය දඬුවම් ලැබිය හැකි වරදකි. ඉස්ලාම් දහම අනුව මුස්ලිම්වරයෙකුට විවාහ විය හැක්කේ අල්ලාහ්ව විශ්වාස කරන අය සමග පමණි. ඒ අනුව මුස්ලිම්වරුන්ට මුස්ලිම් නොවන අයත් සමග විවාහ වීමට අවකාශ ලැබෙන්නේ නැත. එපමණක් නොව මුස්ලිම්වරයෙකුට පහත සඳහන් ලේ ඥාතින් සමග ද විවාහ වීම සපුරා තහනම් වේ. “ඔබගේ මව්වරුන්ද, ඔබගේ දියනියන්ද, ඔබගේ සහෝදරියන්ද, ඔබගේ පියාගේ සහෝදරියන්ද, ඔබගේ මවගේ සහෝදරියන්ද,
Comments
Post a Comment