Abuse in Relationships in the Name of Islam - Ustadh Nouman Ali Khan Get link Facebook X Pinterest Email Other Apps March 18, 2014 Very important lecture for Muslims as well as non Muslims. How to advise your children. Get link Facebook X Pinterest Email Other Apps Comments
මිනිස් ජීවිතය කෙළවර වන්නේ කොතැනින්ද? (Where does human life end?) February 12, 2020 මිනිස් ජීවිතය පිළිබඳව විවිධ මත දරන පුද්ගලයින් දැකිය හැකිය. ඇතැමුන් සිතන්නේ මිනිසා කිසිවෙකුගේ මැදිහත් වීමකින් තොරව ඉබේ ඇතිවූ බවයි. ඔවුන් මරණයෙන් පසු ජිවිතයක් ගැන විශ්වාස කරන්නේ නැත. තවත් පිරිසක් සිතන්නේ මිනිසා වානරයාගෙන් පරිණාමනය වූ බවයි. ඔවුන්ටද මරණයෙන් පසු ජීවිතයක් ගැන විශ්වාසයක් නැත. තවත් පිරිසක් විශ්වාස කරන්නේ මිනිසා දෙවියන්ගේ මැවීමක් බවයි. ඔවුන් කුසල් සහ අකුසල් ගැන විශ්වාස කරන අතර මරණින් පසු ජිවිතයක් ගැන දැඩි ලෙස විශ්වාස කරති. එම නිසා, ඔවුන් අනෙක් අයට වඩා වගකීම් සහිත ජිවිතයක් ගත කරති. මිනිසා කුමන මතයක් දැරුවත් එය නිවැරදි විය යුතුය. එසේ නොමැති නම්, ඔවුන් ගත් වැරදි තීරණවල ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සූදානම් විය යුතුය. එම අවස්ථාවේදී කිසිවෙකු පිහිට නොවන බවත් කිසිවෙකුට පිහිට වීමට නොහැකි බවත් හොඳින් තේරුම් ගත යුතුය. මේ නිසා මිනිසා ඉබේ ඇතිවූ බව කියන විශ්වාසයේ සිටින අයත් පරිනාමනය නිසා මිනිසා ඇතිවුයේ යැයි විශ්වාස කරන අයත් බෙහෙවින් ප්‍රවේසම් විය යුතුය. ඇයිද යත්, මිනිසා ඉබේ බිහිවීම පිළිබඳව මෙතෙක් කිසිවෙකු විසින් සනාත කොට නැත. එසේම පරිනාමනයෙන් මිනිසා බිහිවූ බව තවමත් ඔප්පුවී නැත. නබ... Read more
දෙවියන් පිලිබඳ නිර්වචනය කුමක්ද? (What is the definition of God?) September 01, 2021 ලෝකයේ ඇති සියලුම ආගම්වල දෙවියන් ගැන සඳහන් කොට ඇත. එහෙත් කුරානය හැර වෙන කිසිම ආගමක දෙවියන් ගැන අර්ථ දක්වා නැත. මේ නිසා සුළු පිරිසක් හැරුණු විට බොහෝ අය සත්‍යය දෙවියන් වෙනුවට වෙනත් ආදේශ වලට නැමදුම් කරන්නේය. එහි ප්‍රතිපලයක් ලෙස ඇතැම් උදවිය මවකගේ කුසින් උපන් මිනිස් වෙසින් සිටින අයට නැමදුම් කරන්නේය. තවත් සමහරු තම අතින්ම නිර්මාණය කළ දේව රුප වලට නැමදුම් කරන්නේය. තවත් සමහරු පිළිම වලට නැමදුම් කරන්නේය. ඇතැමුන් සුර්යයාට නැමදුම් කරන්නේය. ඇතැමුන් විශාල වෘක්ෂයන්ට නැමදුම් කරන්නේය. මේ ආකාරයට තෝරාගත් සෑම දෙයක්ම දෙවියන් විය හැකිද? ඕනෑම දෙයකට අර්ථ දැක්වීමක් තිබේ. දෙයක් නිවැරදිව හඳුනාගත හැක්කේ එම අර්ථ දැක්වීම අනුවය. උදාහරණයක් ලෙස පෑනකට පෑනක් යැයි කියනු ලබන්නේ ඊට අදාළ ලක්ෂණ එහි තිබුනොත් පමණි. මේ නිසා පොතක් දෙස බලා පැනක් යැයි නොකියන්නේත්, පෑනක් දෙස බලා පොතක් යැයි නොකියන්නේත් ඒවායේ ඇති වෙනස් වූ ලක්ෂණ නිසාය. එසේම, යම් කෙනෙකුට දෙවියන් යැයි ආමන්ත්‍රණය කිරීමට නම්, ඔහු තුළ දෙවියන්ගේ ලක්ෂණ තිබිය යුතුය. එසේ නොමැතිනම්, ඔබ ඔහුට කොපමණ වාරයක් දෙවියන් යැයි ආමන්ත්‍රණය කලද, ඔහු කිසි විටෙකත් දෙවිකෙනෙක් නොවනු ඇත. මිනිසා මොන ... Read more
අල්ලාහ් කවුද? (Who is Allah?) May 19, 2024 විශ්වය සහ එහි ඇති සියලුම දේවල්වල මැවුම්කරු අල්ලාහ් ය. එබැවින්, නැමදුම් ලැබීමට එකම සුදුස්සා ඔහුය. අල් කුරානයේ අල්ලාහ්ව මෙසේ විස්තර කොට ඇත. "පවසනු! අල්ලාහ් එක් කෙනෙකි. අල්ලාහ් (කිසිම) අවශ්‍යතාවයක් නොමැත්තා ය. ඔහු කිසිවෙකුව ප්‍රසුත කලේ නැත. (එසේම) ඔහු කිසිවෙකුගෙන් ප්‍රසුත වුයේද නැත. තවද, ඔහුට සමාන වෙනත් කිසිවෙකුද නැත" (කුරානය 112; 1-4). අල් කුරානයේ තවත් තැනක අල්ලාහ් ගැන මෙසේ දැක්වේ. " (සත්‍ය ලෙසම) නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙකු නැත. ඔහු නිත්‍යය ජීවමානය සදාකාලිකය. මද නින්ද හෝ තද නින්ද හෝ ඔහුව නොඅල්වන්නේය. අහස්හි ඇති දේද පොළොවෙහි ඇති දේද ඔහුටම හිමිය. ඔහුගේ අනුමැතිය නොමැතිව ඔහු හමුවෙහි කවරෙකුට හෝ මැදිහත් විය නොහැක. (මැවුම් වන) ඔවුන්ට පෙර ඇති දේද ඔවුන්ට පසු ඇති දේද ඔහු හොඳින් දන්නේය. ඔහු මනාප වූ දේ හැර, ඔහු දැන සිටින දෙයින් කිසිවක් ඔවුන් විසින් දැනගත නොහැකිය. ඔහුගේ 'කුර්සි' අහසෙහිද පොළොවෙහිද ව්‍යාප්තව පවතින්නේය. ඒ දෙකම ආරක්ෂා කිරීම ඔහුට අපහසුවක් නොවේ. ඔහු වඩාත් උතුම් කෙනාද මහඟු බව ඇත්තාද වේ" (කුරානය 2:255). මෙම ගුණාංග අල්ලාහ්ට මිස වෙනත් කිස... Read more
Comments
Post a Comment