ඉස්ලාම් දහම සහ අසල්වැසියා (Islam and the neighbor)





තමන්ගේ අසල්වැසියා කුමන ආගමක හෝ ජාතියක කෙනෙක් වුවත් ඔහුට සැලකීම  යුතුකමකි.  “තම හිංසනයෙන් තම අසල්වැසියා ආරක්ෂා නොවේ නම් ඔහු විස්වාසවන්තයෙක් නොවේ”යැයි නබිතුමා දිව්රා ප්‍රකාශ කළේය (තිර්මිසී 4994). අල්ලහ්ව සහ අවසාන දිනය විස්වාස කරන්නන් තම අසල්වැසියා වෙනුවෙන් නිර්ලෝභී විය යුතු බව නබි වදනකි. (අල්-මුඅත්තා 49:22). එබැවින් අසල්වැසියාට කල හැකි උදව් උපකාර කිරීම අපගේ වගකීමකි. 

තම අනිවාර්‍ය හජ් වන්දනය ඉටුකළ පසු වසරක් පාසා වෛකල්පික හජ් හෝ උම්රා කිරීමට වඩා තම අසල්වැසියන්ට සහ ඥාතීන්ට උදව් උපකාර කිරීම උතුම් ක්‍රියාවක් වනු ඇත. මේ සඳහා විශාල මුදලක් හෝ ශ්‍රමයක් අවශ්‍ය වන්නේ නැත. එහෙත් මෙවැනි ප්‍රයෝජනවත් දෙයක් කිරීම සඳහා තම හදවත සමග සටන් කල යුතු වන්නේය.  එවැනි ක්‍රියාවක් සඳහා තම හදවත ජයගත හැකි නම් දෙවියන්ට වඩාත් සමීප විය හැකිය. තම අසල්වැසියා කුසගින්නේ හෝ පාසැල් ඇඳුම හෝ පොත් පත් ලබා ගැනීමට නොහැකිව ලත වන විට  එය නොසලකා හැර වෙනත් පින් දහම් කිරීම ට වඩා එවැනි දෙයකට උදව් උපකාර කිරීම වඩාත් ප්‍රයෝජනවත් වනු ඇත. 


දහමින් බැහැර වූ මිනිසා ප්‍රසිද්ධිය වෙනුවෙන් අප්‍රමාණව වියදම් කිරීම ඉදිරිපත් වනු ඇත. එහෙත් ඒවාට පින් ලැබෙන්නේ නැත. මෙමගින් ඔවුන් තාවකාලිකව ප්‍රසිද්ධියට පමණක් පත් විය හැකිය. මිනිසාට මරණය නියතය. කෙළවරක් නැති ජීවිතය ආරම්භ වනුයේ මරණයෙන් පසුවය. ඒ සඳහා නැණවතා සුදානම් වනු ඇත. එහෙත් එය නොසලකා හැරීම මුග්ධ කමකි. 

නබිවදනක් අනුව අසල්වැසියා තමන්ගේ ඥාතියෙක් වන විට ඔහු වෙනුවෙන් ඇති යුතුකම් තුන් වැදෑරුම් වෙ. ඔහු මුස්ලිම්වරයෙකු වූ විට එය දෙවැදෑරුම් වන අතර ඔහු කුමන ජාතියකට අයත් කෙනෙකු වුවත් ඔහු වෙනුවෙන් එක් යුතුකමක් ඇත්තේය. ඥාතින්  සමග ආරවුල් ඇතිකරගෙන ජිවත් වන තැනැත්තා ස්වර්ගයට නොයන බව  නබි වදනක සඳහන් වන්නේය (මුස්ලිම් 6199). 

මුස්ලිල්ම් නොවන අසල්වැසියන්ගේ  ඇතැම් ක්‍රියාවන් ඉස්ලාම් දහමට පටහැනි නම් ඒවායින් වැලකි සිටීමට ක්‍රියා කල යුතුය. එසේ නොකර ඔවුන් ගේ සංස්කෘතික හෝ වෙනයම් ආගමික කටයුතු වලට සහභාගී වීම වරදකි. එසේ වන්නේ ඇතැම් ආගමික වත්පිළිවෙත් ඉස්ලාමිය විශ්වාසයන්ට පටහැනි වන නිසාය. 

ලොව තිබෙන බොහෝ ආගම් වලට වඩා ඉස්ලාම් දහමින් මිනිස් ජීවිතය නිවැරදි මාර්ගයට ගෙන ඒම සඳහා නීති පනවා ඇත. ඒ අනුව මත්පැන්, සිගරට්, සංගීත සංදර්ශන වැනි දේවල් වලින් මුස්ල්ලිම්වරුන් සම්පුරණයෙන් වැලකි සිටිය යුතුය. එසේ නොකර වෙනත් අය සමග යහළු කම් පැවැත්වීමෙන් වැරදි දෙකක් සිදු වන්නේය. ඉන් එකක් වන්නේ වැරැද්දක් දැක දැක එය නොවැලක්විම වන අතර අනෙක් වරද වන්නේ එම වරද දැකීමෙන් පසු එය තම සිතින් පිළිකුල් කර එම ස්ථානයෙන් ඉවත් නොවී සිටීමය. වරදක් දුටු විට එය පිළිකුල් කර ඉන් ඉවත්ව යාම විශ්වාසයේ අවම සීමාව වන්නේය. එහෙත් එම වරද පෙන්වා දී එය වැළැක්වීම විශ්වාසයේ ඉහලම අංගයකි. 

Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)