Posts

Showing posts from June, 2014

මුස්ලිම්වරුන් වෙත කරන කාරුණික ඉල්ලීමයි. (A kind request from Muslims)

අද ඇතැම් පලාත්වල මුස්ලිම් ජනතාව කේදනිය ඉරණමකට ඇතුලත් වී සිටින බව කව්රුත් දන්නා කරුණකි. ඔවුන් වෙනුවෙන් අනිත් අය උපරිම උදව් උපකාර කිරීම මේ අවස්ථාවේදී අවශ්‍ය වී තිබේ. ඔවුන්ට මුදල් ආධාර මෙන්ම වියලි ආහාර වලින් උදව් කිරීම මහා පුණ්‍ය කර්මයකි. එසේ කරන අයට අල්ලාහ් තමන් කල පරිත්‍යාගය කිහිප ගුණයකින් වැඩිකර නැවත දෙනු ඈත. එහි කිසිම සැකයක් නැත. මේ ප්‍රශ්නයේ දී බැට කෑවේ අහිංසකයන්ය. ඔවුන්ගේ යාන වාහන ගෙවල් දෙරවල් විශාල අලාභයකට පත් වී ඇත. බොහෝ දෙනෙකුට බෙහෙත්ටික ගැනීමටවත් මුදල් නැති තත්වයට පත් වී සිටිති. ළමයින්ට කිරි පිටි ටික හෝ කෑම ටික ගැනීමට කිසිවක් නැත. ඔවුන්ට නැවත මුල සිටම නැගී සිටීමට  සිදුවී ඇත. මෙය සිතට ගෙන හැකිපමනින් මොවුන්ට තම ගමේ පල්ලියේ භාරකාරයන් මාර්ගයෙන් ආධාර රැස්කරන මෙන් ආයාචනයය කරමි. උම්රා කිහිපයක් කළ අය ඒ වෙනුවෙන් යොදවන මුදල මෙම අවස්ථාවේදී මේ සඳහා දුන්නොත් උම්රා කලාට වඩා ලොකු පිනක් සිදුවනු ඇත. හැකි නම් තම සකාත් මුදල් ද එයට සුදුසු අය සොයා මේ ගම්වලට දුන්නොත් වඩා ප්‍රයෝජන අත් වනු ඇත.  මේ අවස්ථාවේදී මුස්ලිම්වරුන් තමන්ගේ ඉවසීම ප්‍රගුණ කරගන්න. මුස්ලිම්වරුන්ට පැමිණෙන සෑම ප්‍රශ්න...

නිවැරදි ආගමක් නැති ජීවිතය කෙළවර වන්නේ කොතැනින්ද? (Where does life end without the right religion?)

Image
මිනිසා සුවිශේෂී නිර්මාණයකි. ඇයිද යත් කොඳු නාරටිය සිරස් අතට තබාගෙන ඇවිදින එකම සත්වයා මිනිසාය. බොහෝ භාෂාවන් කතා කරන්නේ මිනිසාය. මිනිසාගේ ඇඟිලිවල සුවිශේෂී නිර්මාණය නිසා පහසුවෙන්ම පෑනක් හැසිරවිය හැකිය. මේ නිසා මිනිසා දන්නා දේවල් තවත් කෙනෙකුට වචනයෙන් හෝ ලිඛිතව සන්නිවේදනය කල හැකිය. ආගමක් අදහන එකම සත්වයාද මිනිසාය. මෙතරම් දෙයක් අහම්බෙන් සිදු විය නොහැක. එසේ නම් මිනිසාව මවා තිබෙන්නේ කුමක් සඳහා ද?  මිනිසා මෙලොවට පැමිණියේ කොහි සිටද? ජිවිතයේ අරමුණ කුමක්ද? මරණයෙන් පසු කුමක් සිදු විය හැකිද?  මෙම ප්‍රශ්න වලට පිළිතුරු මිනිසාගේ මැවුම්කරු වන දෙවියන් විසින් ලබා දී තිබේ. ඒ අනුව ඇතැමුන් දෙවියන්ව විශ්වාස කරන අතර තවත් සමහරුන්ට ආගම යනු සුරංගනා කතාවක් පමණි. එබැවින් ඔවුන්ට ලෞකික ජීවිතය කෙලි සෙල්ලමක්ද අලංකාරයද එකිනෙකා අතර පුරසාරම් දෙඩවීමද වස්තුව ගොඩ ගැසීමද බව කුරානය පවසයි. ඇත්තෙන්ම ලෞකික ජීවිතය මායාවක් මිස වෙන දෙයක් නොවන බවද කුරානයෙන් පෙන්වා දෙන්නේය. මරණයෙන් පසු ජිවිතයක් තිබෙන බව විශ්වාස නොකරන අය ඊට සුදානම් වන්නේද නැත. ඔවුන්ගේ එකම පැතුම මුදල් හම්බ කිරීම ය. එහෙත් කොතරම් මුදල් හම්බ කලත් ජිවිතයේ බලාපොර...

[ Ex-Swedish Rock Singer ] Bro Urwah Omar How He Accepted Islam

Image

මෙතරම් විශාල විශ්වයක් තුල මිනිසාව අරමුණකින් තොරව මවා තිබේද? (Has man been created without a purpose in such a vast universe?)

Image
අප ජිවත්වන ක්‍ෂිරපතයේ පමණක් බිලියන 250 කට වඩා තරු පිහිටා ඇති බව ගණන් බලා තිබේ. විශ්වය තුල මෙවැනි ක්‍ෂිරපත තවත් බිලියන සංඛ්‍යාවක් තිබෙන බව ඇස්තමේන්තු කොට ඇත. මේවා සමග සැසඳීමේදී පෘථිවිය දුවිලි අංශුවක තරම් වත් නොවේ. එසේ තිබියදී මේවා සියල්ලම අරමුණකින් තොරව නිර්මාණය කළේ යැයි කෙනෙකුට පැවසිය හැකිද? පෘථිවියේ සිටින ජීවින් අතරින් මිනිසා සුවිශේෂී තැනක් හොබවන්නේය. කුරානයේ සඳහන් පරිදි මිනිසා අල්ලාහ්ගේ මිහිපිට නියෝජිතයාය. කුරානයේ තවත් තැනක මෙසේ ප්‍රශ්න කර ඇත. "අප නුඹලාව නිකමට මැව්වෙමු යැයි ද, නියත වශයෙන්ම නුඹලා අප හමුවට හරවනු ලබනේ නැතැයිද සිතාගෙන සිටියෙහුද?" (කුරානය 23:115). එසේ තිබියදී මිනිසා තම අරමුණ පසෙක තබා වෙනත් දේවල් සඳහා කාලය ගත කරමින් සිටින්නේය.  විශ්වය පුදුමාකාරය. එහි ඇති දේවල් නැවත නැවත හට ගන්නේය. බොහෝ දේවල් පසෙන් හටගෙන ක්‍රමානුකුලව පරිනත වී නැවත පසටම එකතු වන්නේය. අනෙක් අතට මිනිසා නිෂ්පාදනය කරන දේවල් පරිනත තත්වයෙන් පටන්ගෙන ක්‍රමානුකුලව පරිහානියට පත් වන්නේය. මිනිසාද එසේමය කිසිවක් නොමැතිව ආරම්භ වී පුර්ණ මිනිසෙකු බවට පත්ව නැවත පසටම එකතු වන්නේය. නැවතත් ඔහුව පසෙන්ම නැගිට වීමට නිය...