විශ්වය මවා තිබෙන්නේ අරමුණකින් තොරව යැයි ඔබ සිතනවාද? (Do you think the universe was created without a purpose?)



අපගේ ක්‍ෂිරපතයේ පමණක් බිලියන 250 කට වඩා තරු පිහිටා ඇත. විශ්වය තුල එවැනි ක්‍ෂිරපත බිලියන සංඛ්‍යාවක් තිබේ. විශ්වය සමග සැසඳීමේදී අපගේ පෘථිවිය දුවිලි අංශුවක් තරම් වත් නැත. එතරම් විශාල විශ්වයක් අරමුණකින් තොරව නිර්මාණය කොට තිබිය හැකිද?

විශ්වයේ ඇති විශේෂත්වය වන්නේ එහි ඇති දේවල් නැවත නැවත ඉබේ හට ගැනීම යි. තවද ඒවා ක්‍රමානුකුලව පරිනත වන්නේය. එසේ තිබියදී මිනිසා නිෂ්පාදනය කරන දේවල් පරිනත තත්වයේ සිට දිනෙන් දින පරිහානිය දක්වා ගමන් කරන්නේය. ඒ අනුව බලන කල මෙවැනි විශ්වයක් ඥානාන්විත දෙවි කෙනෙකුට මිස කල නොහැකිය.

මුළු විශ්වයම නිර්මාණය වී තිබෙන්නේ පරමාණු වලිනි. සෑම පරමානුවක්ම ප්‍රධාන වශයෙන් ප්‍රෝටෝන, නියුට්‍රෝන සහ ඉලෙක්ට්‍රොන වලින් සමන්විත වන්නේය. ඒවා නොයෙකුත් අන්දමින් සංයෝජනය වෙමින් මුලද්‍රව්‍ය හට ගන්නේය. මෙවැනි මුලද්‍රව්‍ය 118 ක් දැනටමත් සොයාගෙන ඇත. මේ සෑම මුලද්‍රව්‍යයකටම ආවේනික වන්නාවූ භෞතික සහ රසායනික ලක්ෂණ තිබේ. ඒවා සංයෝජනය වීමෙන් අනන්ත අප්‍රමාන රසායනික සංයෝග නිර්මාණය වෙමින් මෙම විශ්වය සෑදී ඇත. එතරම් සංකීර්ණ නිර්මාණයක් ඉබේ ඇති විය හැකිද? බුද්ධිමත්ව සිතා බලන්නේ නම් එය ඉතා ඥානාන්විත දෙවි කෙනෙකුගේ ක්‍රියාවක් බව පැහැදිලි වනු ඇත. 

විශ්වයේ ඇති සෑම දෙයක්ම විශ්ව නියමයන්ට යටත්ව ක්‍රියා කරන්නේය. එම නියමයන් විශ්වය පුරා වෙනස් නොවී පවතින්නේ මුළු මහත් විශ්වයම එක් දෙවි කෙනෙකුගේ නිර්මාණයක් නිසාය. එසේ නොවුයේ නම් මෙතරම් විශාල විශ්වය තුල තැනින් තැන වෙනස් භෞතික නීති ක්‍රියාත්මක වීමට ඉඩ තිබුනේය. එසේ වුයේ නම් විශ්වය විනාශ වීමට ඉඩ තිබුනේය. 

ජීවයේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය දෙයකි ජලය. ජලය සෑදී ඇත්තේ වායු දෙකක් සංයෝජනය වීමෙනි. එසේ ඇතිවූ පලය තවත් වායුවක් නොවී ද්‍රවයක් බවට පත් වීමත් සුවිශේෂී කරුණකි. ජලය ද්‍රවයක් නොවී වායුවක් වුයේ නම් මිහි පිට ජීවයක් ඇතිවීම ගැන සිතා බැලීමටවත් හැකි වන්නේ නැත. 

ජලය මිහිපිට තිබෙන අනෙක් තරලයන්ට වඩා වෙනස්ය. එය සිසිල් වන විට ප්‍රසාරණය වන්නේය. එම නිසා සිත කාලයේදී මුහුද තනි අයිස් කුට්ටියක් බවට පත් නොවී පවත්වා ගැනීමට හැකිවී තිබේ. එම ක්‍රියාවලිය නිසා සාගරයේ සිටින ජලජ ජීවින් මිය නොගොස් ආරක්ෂා වන්නේය. මෙවැනි ඉතා ඥානාන්විත සැලසුමක් ඉබේ සිදු විය නොහැකිය. 

ලොව පුරා ඇති ජෛව විවිදත්වය ඉතා පුදුමාකාරය. එහෙත් කිසිම ජීවියෙකු ආහාර නොමැතිව මිය යන්නේ නැත. ඒ සඳහා අතිවිශාල අහාර දාමයක් ක්‍රියාත්මක වන්නේය. එම ආහාර දාමයේ ප්‍රධාන කාර්ය භාරය සිදු කෙරෙන්නේ ශාක මගිනි. ඒ අනුව සෑම ශාක පත්‍රයක්ම ආහාර නිපදවන කම්හල මෙන් ක්‍රියා කරන්නේය. එක් එක් ශාක පත්‍රයකින් සිදු වන ක්‍රියවලිය කර්මාන්ත ශාලාවකදී සිදු කෙරෙන්නේ නම් විශාල ඉඩ ප්‍රමාණයක් සහ උෂ්ණත්වයක් අවශ්‍ය වනු ඇත. එසේ තිබියදී මෙවැනි ඉතා ඥානාන්විත සැලැස්මක් කිසිසේත්ම ඉබේ සිදු විය නොහැකිය.

මිනිසා කරන සෑම දෙයකම අතුරු අබාද තිබේ. එහෙත් දෙවියන් මවා ඇති කිසිම දෙයක එවැනි අතුරු ආබාද දැකිය නොහැකිය. ඒ අනුව ලෝකයේ විවිධ රසයෙන්, සුවඳින් සහ වර්ණයෙන් යුත් විවිධාකාර පලතුරු තිබුනත් මිනිසාට ඉන් කිසිම හානියක් නැත. එපමණක් නොව මිනිසා නිෂ්පාදන කරන ඖෂදවල අතුරු ආබාද තිබේ. එම නිසා එක් ලෙඩකට බෙහෙත් ගන්නා විට තවත් ලෙඩක් ඇතිවිය හැකිය. එහෙත් පොලව මත හට ගන්නා කිසිම ඖෂද පැලැටියක එවැනි තත්වයක් දැකිය නොහැකිය. මෙතරම් ඥානාන්විතව ඒවා මවා ඇත්තේ දෙවියන් නොවේද? 

මිහිපිට සිටින අනෙක් ජීවින් සමග සැසඳීමේදී මිනිසාට සුවිශේෂී තැනක් හිමි වන්නේය. ඊට හේතුව මිනිසාට වෙන කිසිම සත්වයෙකුට නොමැති අංග ලක්ෂණ සහ බුධියක් ලැබී තිබීමය. තවද මිනිසාට බොහෝ වචනය ජනනය කොට සන්නිවේදයන කල හැකිය. එසේම මිනිසාට නිර්මාණයන් කල හැකිය. ඒ අනුව මිනිසා පෘථිවියේ ඇති සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්නේය. මිනිසාට මේ සියලුම දේවල් ලැබී තිබෙන්නේ ඇයිදැයි සිතා බැලිය යුතු නොවේද? 

දෙවියන් පහළ කල සෑම දහමකින්ම මිනිස් ජිවිතයේ රමුණ පැහැදලි කොට තිබේ. එම දහම් පණිවිඩ අතරින් අවසාන දහම් පණිවිඩය වන්නේ අල්-කුරානයයි. එය මිනිස් වර්ගයාටම පහළ වූ දහම් පණිවිඩයකි. එහි සඳහන් වන අන්දමට මිනිසාව මවා තිබෙන්නේ දෙවියන්ව තේරුම් ගෙන ඔහුට නැමදීම සඳහාය. ඊට කුලිය වශයෙන් ස්වර්ගය ලබා දීමටත් දෙවියන්ව ප්‍රතික්ෂේප කරන්නේ නම් නිරය ලබා දීමටත් නියමිතය. එම නිසා මිනිසාට පැවරෙන ප්‍රධාන වගකීම වන්නේ මිනිස් ජිවිතයේ අරමුණ දැනගෙන ඊට සුදානම් වීම වේ.  

By Fasy Ajward, B.Sc(Phy.Sp)Hons.Japura.
Ex. Research officer at former CISIR.

https://www.facebook.com/thetruepathofislam

Twiter:- thetrue_path

Comments

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. ඔබ කියන්නේ කුමක්දැයි ඔබටම වැටහෙන්නේ නැතිව ඇති. ඔබ අහන දේ හරියට කතාවක් නොවන කතාවක් කියන්න පුලුවන්ද? දුවන්නේ නැතිව දුවන්න පුලුවන්ද? යනු පොඩිලමයි අහන දේවල් නේද?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)