අදේවවාදයට එරෙහිව දේවවාදය (Atheism versus theism)



දේවවාදය සහ අදේවවාදය උතුර දකුණ මෙන් වෙනස් මත දෙකකි. ලෞකික ජීවිතයේදී ඒවා වාද වලට පමණක් සිමා වුවද එම මත වල සත්‍ය අසත්‍යතාව ඇස් පනාපිට දැකිය හැක්කේ මරණයෙන් මතු ජිවිතයේදීය. මතු ජීවිතයේදී යම් විදියකින් දේවවාදීන් පවසන දේ අසත්‍යය වී අදේවවාදීන් පවසන දේ සත්‍යය වුවහොත් කිසිවෙකුට ගැටලුවක් නැත. එහෙත් එහි අනෙක් පැත්ත සිදු වුයේ නම් අදේවවාදීන්ට කුමක් සිසු විය හැකිද? ඉන් පසු ආපසු හැරීමක් ද නැත!

දේවවාදීන්ගේ මතය අනුව විශ්වය දෙවියන්ගේ මැවීමකි. එසේම අදේවවාදීන්ගේ මතය වන්නේ ස්වභාවික නියමයන්ගෙන් විශ්වය බිහි වී ඇති බවයි. එම මතය සත්‍යයක් නම් මිනිසා කිසිවෙකුට යටත් වීමට අවශ්‍ය නැත. දේවවාදීන්ගේ විශ්වාසය අනුව මිනිසා දෙවියන්ගේ මිහිපිට නියෝජිතයාය. ඔහු වෙනුවෙන් ආගමක් පහළ කොට තිබේ. එබැවින් මතු ජීවිතය ජය ගැනීම සඳහා මිනිසා කල යුත්තේ දෙවියන් පහළ කරන ලද දහම අනුව ජිවත් වීමය. 

දේව වාදීන් විශ්වාස කරන්නේ ජීවිතයට දිගු ගමනක් ඇති බවයි. එබැවින් මරණයත් සමග ජීවිතය කෙළවර වන්නේ නැත. මිනිසා මෙලොවදී කල පින් හෝ පව් අනුව ස්වර්ගය හෝ නිරය ලැබීමට නියමිතය. එහෙත් අදේවවාදීන් විශ්වාස කරන්නේ මරණයත් සමහ ජීවිතය කෙලාර වන බවයි. 

ලෝකයේ විවිධ දේවවාදී ආගම් තිබේ. එහෙත් අල් කුරානයේ දැක්වෙන දේවවාදී ආගම් වන්නේ ඉන්ජිල් හෙවත් කිතුනු ආගම. සබුර් ආගම, තව්රාත් හෙවත් යුදෙව් ආගම සහ ඉස්ලාම් ය. මෙම ආගම් වලින් පවසා ඇති ආකාරයට නැති දෙයකින් අලුත් දෙයක් මැවීම දෙවියන්ගේ ගුණාංගයකි. මේ හේතුවෙන් විශ්වය මැවීම සඳහා පවතින දේවල් කිසිවක් දෙවියන්ට අවශ්‍ය නොවේ. ඔහු යමක් මැවීමට අදහස් කලේ නම් ඊට නියෝග කරන සැනින් එය සිදු වන්නේය. එසේ තිබියදී අදේවවාදීන්ගේ විශ්වාසය අනුව විශ්වය නිර්මාණය වන්නේ එක් ස්ථානයකට සංකේන්ද්‍රණය වී තිබුණු ශක්තිය පුපුරා යෑම නිසාය. මෙම සිදුවීමට "මහා පිපිරුම" යැයි කියනු ලැබේ. කෙසේ වෙතත් එම පිපිරිම සිදු වීම සඳහා ශක්තිය එක් ස්ථානයකට ගොනු වුයේ කෙසේද යන්න ප්‍රශ්නයකි! ඒ හැරත් එම පිපිරුම සිදු වීමට මොහොතකට පෙර තත්ත්වය කුමක්ද යන්න විසඳා නැත. මෙම කරුණ මහාචාර්ය ජෝසෆ් සිල්ක් මහතාගේ 1986 දී පලකරන ලද "The Big Bang" යන කෘතියේ දැකිය හැකිය. 

අදේවවාදීන් ගේ මතය තහවුරු කිරීම සඳහා තර්කය හැර වෙනත් කිසිවක් නැත. එහෙත් දේවවාදීන් ගේ විශ්වාසය තහවුරු කිරීම සඳහා නබි වරුන් විසින් මිනිසාට කල නොහැකි ප්‍රාතිහාර්යන් සිදු කොට තිබේ (නබිවරුන් යනු දෙවියන්ගේ විශේෂ පණිවිඩ කරුවන් ය). උදාහරණයක් වශයෙන් ජේසු තුමා මළවුන්ට ප්‍රාණය ලබා දී නැගිටුවා තිබේ. මැටි වලින් කුරුල්ලෙකුගේ අනුරුවක් සදා දෙවියන්ගේ නාමයෙන් ඊට ප්‍රාණය ලබා දී තිබේ. ලාදුරු රෝගීන් සුවපත් කොට තිබේ. මුහම්මද් නබිතුමාගේ ප්‍රාතිහාරයන් අතර අහස් තරණය කොට අල්ලාහ් වෙත ගිය මිහ්රාජ් ගමන, සඳ දෙපලු කොට නැවත යා කිරීම ඇතුළු තව බොහෝ දේවල් පෙන්වා දිය හැකිය. මුහම්මද් නබි තුමාගේ ප්‍රාතිහාර්යන් අතරින් අද වන විට ඉතිරිව ඇත්තේ අල් කුරානය පමණි. කුරානයට සමාන ග්‍රන්ථයක් මෙතෙක් කිසිවෙකුට රචනා කිරීමට හැකිවී නැත. මේ අකාරයට සෑම නබිවරයෙකුම මිනිසාගේ ශක්තියෙන් ඔබ්බට ගිය දේවල් සිදු කොට දෙවියන්ගේ බල මහිමය විදහා දක්වා තිබේ.

මිනිසාගේ දැනුම සීමිත බැවින් විද්ඥාඥයින්ට හෝ ධාර්ශනිකයින්ට දෙවියන්ගේ පැවැත්ම හෝ නොපැවැත්ම පර්යේෂණ මගින් ඔප්පු කල නොහැක. කෙසේ වෙතත් විශ්වය ගැන හැදෑරීමේදී දෙවියන්ගේ පැවැත්ම සනාත කිරීම සඳහා ඕනෑතරම් සාක්ෂි සොයා ගැනීමට හැකිවේ. ඒවා පරමාණුවේ සිට දැවැන්ත ෂිරපත දක්වා විහිද යන්නේය. පරමාණුව වේවා විශ්වය වේවා එහි ඇති උප කොටස් සෑම එකක්ම පවතින්නේ යම්කිසි නීති වලට යටත්ව ය. එම නීති ඇති කලේ කව්රුන් විසින්ද? ඇත්ත වශයෙන්ම ඒවා දෙවියන්ගේ පැවැත්ම සනාථ කිරීමට ප්‍රබල සාක්ෂින් ය. ඒ හැරුණු විට විශ්වය පුරා එකම භෞතික නීති ක්‍රියාත්මක වීමෙන් පෙන්නුම් කරන්නේ විශ්වය එක් දෙවි කෙනෙකුගේ මැවීමක් බවයි.

විශ්වය ගැන හදාරන තරමට දෙවියන් ගැන දැනගැනීමට අවස්තාව උදාවේ. මේ හේතුවෙන් ලෝකයේ සිටින සෑම විද්ඥාඥයෙකුම අදේවවාදීන්ගේ ගොඩට දැමිය නොහැක. උදාහරන වශයෙන් අයිසැක් නිව්ටන්, ගැලිලියෝ ගැලිලි, ලෝඩ් කෙල්වින්, රොබට් බොයිල්, මයිකල් ෆැරඩේ, ජෝහාන්ස් කෙප්ලර් වැනි සුප්‍රකට විද්ඥායින් ගෙන හැර දැක්විය හැකිය. ඔවුන් සියලු දෙනාම ආගමක් අදහා තිබේ. 

මිනිසා සෙසු ජිවින්ට වඩා වෙනස් ය. ඒ අනුව මිනිසාගේ බුද්ධියෙන් විශ්වයට මවුම්කරුවෙක් සිටින බව තේරුම් ගත හැකිය. උදාහරණයක් ලෙස පස මත දමන ලද බීජයකින් පැලයක් හටගන්නේ යම් කිසිවෙකුගේ පෙර සැලස්ක්මක් නිසාය. එවැනි සැලැස්මක් නොවන්නට එය පසට දිරාපත් විය හැකිය. දිරාපත් වීමද පෙර සැලැස්මකට අනුව සිදු වන්නකි. මේවා විස්තර කල හැකි එකම ක්‍රමය දේව සංකල්පය වේ. එහෙත් විශ්වයේ ඇති දේවල් හැදෑරීමෙන් දෙවියන් සිටින බවට අදහසක් ගත හැකිය. උදාහරණයක් වශයෙන් DNA අනුවක් තුල ජීවියෙකු සම්බන්ද සියලු තොරතුරු කියැවිය හැකි අකාරයකට ගබඩා කොට තිබේ. ඒ අනුව මිනිස් DNA අනුවක ඔහුගේ රූප ලක්ෂණ, වර්ණය, ඇස්වල පාට, කෙස්වල පාට, නිදන්ගත රෝග ඇතුළු සියලුම දේවල් එහි අඩංගු වේ. මේවා පිටපත් කරන්නේ නම් පිටු මිලියනයකට වඩා අවශ්‍ය බව විද්ඥායින් පවසන්නේය. මෙවැනි දෙයක් කිසිවෙකුගේ මැදිහත් වීමකින් තොරව සිදු වන්නේ කෙසේද? මෙවැනි කරුණු නිසා විශ්වය ඥානාන්විත දෙවි කෙනෙකුගේ මැවීමක් බව නිගමනය කල හැකිය.

අල් කුරානය පහළ වුයේ හත්වන සිය වසේදීය. එසේ තිබියදී කුරානය තුල විශ්වය ප්‍රසාරණය වන බව ඉතා නිවැරදිව සඳහන් කොට තිබේ. එම කරුණ මිනිසා විසින් සොයා ගනු ලැබුවේ 20 වන සිය වසේදීය. තවද සාගර  එකිනෙක වෙන්වී ඇති බව කුරානයේ සඳහන් වුයේ විද්‍යාඥයින් එම කරුණ සොයාගැනීමට සියවස් ගණනාවකට පෙර ය. එසේම කඳුවල කාර්ය භාරය ඉතා මැනවින් කුරානයේ සඳහන් කොට තිබේ. එහෙත් මිනිසා විසින් එය දැනගත්තේ කුරානය පහළ වී සියවස් ගණනාවක් ගෙවී ගිය පසුවය. මෙවැනි තවත් බොහෝ කරුණු කාරනා කුරානය තුල ඉතා නිවැරදිව සඳහන් කොට තිබේ. එවැනි දෙයක් කල හැකි වන්නේ කුරානය දෙවියන් විසින් පහළ කරනු ලැබූ නිසාය. මිනිස් කලලයේ විකසනය ගැන හැදෑරු සුප්‍රසිද්ධ විද්ඥාඥයෙකු වන මහාචාර්ය කීත් එල් මුවර් පවසන්නේ එවැනි දෙයක් විද්‍යාව නොදියුණු 7 වන සිය වසේදී පැවසීමට නම් කුරානය දේව පණිවිඩයක් විය යුතු බවයි.  

සත්ව ලෝකයේ සුවිශේෂී තැනක් හිමි කරගෙන සිටින මිනිසා හමුවේ ඇති ප්‍රධාන ප්‍රශ්න වනුයේ, මිනිසා මෙලොවට පැමිණියේ කොහි සිටද? ජිවිතයේ අරමුණ කුමක්ද? මරණයෙන් පසු ජීවිතය කෙළවර වන්නේ කොතැනද? යන්නයි. මෙම ප්‍රශ්න වලට පිළිතුරු දෙවියන් පහළ කරන ලද ආගම් වලන් පෙන්වා දෙන්නේය. එසේ පහළ වූ අවසාන දේව පණිවිඩය අල් කුරනයයි. එය මිනිස්වර්ගයා වෙනුවෙන් නිවැරදි මාර්ගය පෙන්වා දීම සඳහා පහළ වුවකි. මේ හේතුවෙන් එය හැදෑරීම සෑම මිනිසෙකුගේම වගකීමක් වේ.

මිනිසාට වෙන කිසිම සතෙකුට වඩා සුවිශේෂී ශරීරයක් සහ බුද්ධියක් ලැබී තිබේ. මේ නිසා මිනිසාට තාක්ෂයනය යොදාගෙන අනෙක් සතුන්ට කල නොහැකි බොහෝ නිර්මාණයන් සිදු කල හැකි ය. සත්ව ලෝකයේ ඇඳුම් අන්දින්නේද පිසූ ආකාර අනුභව කරන්නේද සුවිසල් නිවාසවල ජිවත් වන්නේද මිනිසා පමණි. කොඳු නාරටිය සිරස්ව තබාගෙන ඇවිදින එකම ජීවියා මිනිසාය. අනෙක් ජීවින් අතරින් බොහෝ භාෂාවන් කතා කරන්නේ ද මිනිසා ය. මේ සෑම කරුණකින්ම පෙන්නුම් කරන්නේ මිනිසා සුවිශේෂී හේතුවක් මත නිර්මාණය කොට ඇති බවයි. එහෙත් අදේවවාදින්ට අනුව මිනිසා තවත් ජීවියෙකු පමණි. එහෙත් මිනිසා අනෙක් ජීවින්ට වඩා හාත්පසින්ම වෙනස් ය. අදේවවාදින්ට එම වෙනසට හේතුව නිවැරදිව පෙන්වා දීමට හැකිවී නැත. එහෙත් කුරානය පවසන්නේ මිනිසා දෙවියන්ගේ මිහිපිට නියෝජිතයා බවයි, මිනිසාව මවා තිබෙන්නේ දෙවියන්ව නිවැරදිව තේරුම්ගෙන ඔහුට පමණක් නැමදීම සඳහාය.

දෙවියන්ව විශ්වාස කරන අය ජිවිතයේ අරමුණ දැනගෙන ජිවත් වන්නේය. කෙසේ වෙතත් අදේවවාදින්ට ආගම යනු සුරංගනා කතාවක් පමණි. මේ හේතුවෙන් ආගමක් නොඅදහන අයට ලෞකික ජීවිතය කෙලි සෙල්ලමක්ද අලංකාරයද එකිනෙකා අතර පුරසාරම් දෙඩවීමද වස්තුව ගොඩ ගැසීමද වේ. එහෙත් මරණයෙන් පසු ඔවුන් සියලු දෙනා දෙවියන් හට තම ජීවිතය ගත කල අකාරය ගැන වග කිව යුතුය.

මිනිසා මව් කුසේදි මේ ලෝකය ගැන දැනගෙන සිටියේ නැත. එහෙත් දෙවියන්ගේ සැලසුම අනුව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ ලෝකයට පැමිණියේය. මෙලොව ජීවිතය ද සදාකාලික නොවේ. මේ නිසා යම් දවසක මරණය වැළඳ ගත යුතු අතර තවත් ලෝකයකට යෑමට නියමිතය. එම ලෝකයේ ජය පරාජය තීරණය වන්නේ මිනිසා මෙලොවදී කරන කුසල් හෝ අකුසල් මතය. එහෙත් මිනිසාට නියමිත නිවැරදි මග තම තමන්ගේ අභිමතය පරිදි තීරණය කළ නොහැක. එය තීරණය කරුණු ලබන්නේ දෙවියන් පහළ කල දහමකින් ය.  එසේ පැමිණි අවසාන දහම් පණිවිඩය අල් කුරානය වේ. එය මිනිස් වර්ගයා වෙනුවෙන් පහළ කරන ලද්දකි.

ඕනෑම දරුවෙකු උපදින්නේ දෙවියන් පිලිබඳ හැඟීමත් සමග ය. මේ නිසා අදේවවාදියෙකු පවා විශාල කරදරයකට මුහුණ පෑ විට දෙවියන්ව සිහි කොට උදව් පතන්නේය. එසේ කරන්නේ මිනිස් සිත් තුල සහජයෙන්ම දෙවියන් පිලිබඳ ඥානයක් සැඟවී තිබෙන නිසාය. 

අල් කුරානයට අනුව මිනිසාව මවා තිබෙනේ අල්ලාහ්ට නැමදීම සඳහාය. එසේ තිබියදී බොහෝ අය මිනිසා විසින්ම නිර්මාණය කල දේව රුප වලට වැඳුම් පිදුම් කරති. එහෙත් ඒවායින් කිසිවක් මවා නැත. තවද ඒවායින් කිසිවෙකුගේ කන්නලව් වලට පිළිතුරු දෙන්නේද නැත. මේ නිසා සත්‍යය දෙවියන් කව්රුන්ද යන්න දැනගෙන ඔහුට පමණක් නැමදිම මිනිසාගේ වගකීමකි. එය දේවවාදීන් විශ්වාස කරන මතු ජිවිතයේ ජයග්‍රහණයට ද හේතුවකි.

By Fasy Ajward, B.Sc(PhysicsSpecial)Hons,Japura. 

Comments

Popular posts from this blog

ඉස්ලාම්, ආදම් තුමා පටන් මුහම්මද්(ﷺ) තුමා දක්වා (Islam, from Adam to Muhammad (ﷺ))

දෙවියන් මිනිසාට ලබා දී ඇති දායාදයන් ගැන ඔබ සිතා බැලුවාද? (Have you thought about the gifts God has given to man?)

පින් දහම් කරන සමහර අය නිරයට යන්නේ ඇයි? (Why do some people who do good deeds go to hell?)