ඉස්ලාමයට අනුව දරුවන් සඳහා දෙමාපියන්ගේ වගකීම් ( Parental responsibilities for children according to Islam)
ඉස්ලාම් දහම අනුව දරුවන්ව නිවැරදි මාර්ගයට යොමු කිරීම ධාර්මික කටයුත්තකි. එය ආරම්භ කල යුත්තේ දෙමව්පියන් විසින්ම ය. මුල් අවදියේදී දරුවන් අධ්‍යාපනය ලබන්නේ වැඩිහිටියන්ගේ ක්‍රියාකාරකම් දෙස බැලීමෙන් බව විද්වතුන්ගේ මතය වේ. ළදරු කාලයේදී දෙමව්පියන් කරන සෑම දෙයකින්ම දරුවන් යමක් උකහා ගන්නේය. අල් කුරානයෙන් දෙමව්පියන් හට මෙසේ නියෝග කොට තිබේ. "ඔබගේ පව්ලේ උදවියට සලාතය අණ කරනු. ඔබද එය ඉවසීමෙන් රැක ගනු. ඔබගෙන් අපි අහාර නොඉල්ලන්නෙමු. අපිම ඔබට අහාර ලබා දෙන්නෙමු. හොඳ අවසානය බිය බැතිකම ඇති අයටම වේ" (කුරානය 20:132). මේ නිසා දෙමව්පියන්ගේ ප්‍රධාන වගකීමක් වන්නේ ළමයින්ට ඉස්ලාම් දහමේ ඇති විශ්වාසය සම්බන්ද කරුණු මෙන්ම ඉස්ලාමයේ අනිවාර්ය කරුණු කෙරෙහි යොමු කිරීම වේ. එසේම දෙමව්පියන්ද ඒවායේ ස්ථිරව සිටිය යුතුය. ළමුන්ට නිසි මග පෙන්වීමේ අවශ්‍යතාවය මෙම කුර්ආන් වැකියෙන් අවධාරණය කොට ඇත. "විශ්වාසවන්තයිනි! නුඹද නුඹගේ පව්ලේ උදවියද නිරයෙන් බේරා ගනු. එහි ඉන්දන මිනිසුන්ද ගල්ද වේ" (කුරානය66:6). ළමුන් නොමග යාමට දෙමව්පියන් හේතුවක් වන්නේ නම් මෙම කුර්ආන් වැකිය හොඳින් මතකයට ගත යුතුය. මේ නිසා තම දුවා දරුවන්ට ආදරය...