Posts

Showing posts from February, 2017

ඉස්ලාමයේ දෙවන කුළුණ වන සලාතය (Salat, the second pillar of Islam)

Image
මුස්ලිම්වරුන්ට අනිවාර්ය කොට ඇති කරුණු පහෙන් දෙවැන්න  සලාතය  වේ. එම නියෝගය නබිතුමාට ලැබෙන්නේ ඔහු අල්ලාහ්ව බැහැ දැකීමට ගිය මිහ්රාජ් ගමනේදීය. එසේ තිබියදී අනෙක් සෑම නියෝගයක්ම නබිතුමාට පහළ වුයේ ජිබ්‍ර්ල් නම් දේවදුතයා ගෙනෙන ලද පණිවිඩ හරහා ය. මේ නිසා සලාතයට විශේෂ තැනක් හිමිවේ. මිනිස් වර්ගයා සහ ජින් වර්ගයාව මවා තිබෙන්නේ අල්ලාහ්ට නැමදීම සඳහා ය. එමගින් මිනිසාට අල්ලාහ් සමග සමීප වීමට විශේෂ අවස්තාව උදාවේ. කෙනෙක් ඉටු කරන සලාතය මගින්  තම උවමනාවන් ඍජුවම  අල්ලාහ්ගෙන් අයැද සිටීමට අවස්ථාවක් ලැබේ. තවද  සලාතය මගින් මානසික සුවය මෙන්ම  ශරීර සෞඛ්‍යය අත්වේ. සලාතය නිසි පරිදි ඉටු කල විට පාපිෂ්ඨ ක්‍රියාවන්ගෙන් ආරක්ෂාව අත්වේ. එම කරුණ කුරානය තුල මෙසේ දැක්වේ.  "සලාතය ස්ථාපනය කරන්න. නියතව සලාතය මගින් ලජ්ජාශීලි දේවල් වලින්ද පිළිකුල් සහගත දේවල් වලින්ද වළක්වන්නේය" (කුරානය 29:45). එසේ තිබියදී යම් කෙනෙක් සලාතය කරන අතරම වැරදි ක්‍රියාවන්හි නිරත වන්නේ නම් ඉන් පෙනී යන්නේ ඔහුගේ සලාතයේ යම් වැරැද්දක් තිබෙන බවයි. එවැනි කෙනෙක් කල යුත්තේ ඔහුගේ සලාතය නිසි ලෙස ඉටු කිරීමට උත්සාහ කිරීමය.  සලාතය...

සනත්ගේ කතාවෙන් ඉගෙන ගත යුතු පාඩම් (Lessons to be learned from Sanath's story)

Image
සාතන් යනු ගින්නෙන් නිර්මාණය කරන ලද ජින් වර්ගයට අයත් ජීවියෙකි. අනෙක් අතට මිනිසාව මවා තිබෙන්නේ මැටිවලින් ය. එහෙත් මොවුන් අතර පොදු ලක්ෂණයක් දැකිය හැකිය. ඒ අනුව මිනිසාටත් ජින් වරුන්ටත් අතර ඇති පොදු ලක්ෂණය වන්නේ තමන් කැමති දෙයක් තෝරාගැනීමට තිබෙන හැකියාව ය. මේ හේතුවෙන් ආදම් තුමාට නමස්කාර කරන ලෙස දෙවිඳුන් ලබා දුන් නියෝගය දේවදුතයින් පමණක් ඉටු කළහ. එහෙත් සතන් එය ඉටු කලේ නැත. සාතන් එම නියෝගය ඉටු කිරීමෙන් වැළකුණේ ඔහුගේ උඩඟු කම නිසාය. ඒ බව මෙම කුර්ආන් වැකියෙන් පැහැදිලි කොට ඇත.  "'මා නුඹට අණ දුන් කල්හි නුඹ සුජුද් නොකර සිටීම සඳහා නුඹව වැළැක්වූ දෙය කුමක්දැයි' ප්‍රශ්න කල කල්හි, 'මා ඔහුට වඩා උසස් වෙමි' 'නුඹ මාව ගින්නෙන් මවා ඇති අතර ඔහුව කිරි මැටියෙන් මවා ඇතැයි' පැවසුවේය. (කුරානය 7:12). එම අවස්ථාවේදී සාතන්ගේ උඩඟු කම ඔහුගේ විනාශයට හේතුවක් විය. සාතන්ව ගින්නෙන් මවා තිබෙන නිසා ඔහු මැටියෙන් මවා ඇති ආදම් තුමාට වඩා උසස් යැයි සිතුවේය. ඔහු  අල්ලාහ්ගේ වහලෙක් බව අමතක කළේය. මේ නිසා අල්ලාහ් දුන් නියෝගය ඉටු කලේ නැත. ඒ වෙනුවට අල්ලාහ්ගේ තවත් මැවීමක් වන ආදම් තුමාව පහත්කොට සැලකුවේය. එ...

Catholic Priest Who Converts To Islam Tells His Reason

Image

Amazing Proof That God Exists

Image