සාතන් හට වැරදුණේ කොතැනද? (Where did Satan go wrong?)



මිනිසාගේ පරම සතුරෙක් වන සතන් ගැන අමුතුවෙන් හැඳින්වීමක් අවශ්‍ය නැත. ඔහු ගැන දෙවියන් පහළ කරන ලද සෑම දහම් පණිවිඩයකම සඳහන් වේ. ස්වර්ගයේ වාසය කල සාතන්ගේ පසුබෑමට හේතු වුයේ අලුතින් මවන ලද ආදම් තුමාය. මේ හේතුවෙන් සතන් මිනිසාගේ පරම සතුරෙක් බවට පත් වන්නේය. කෙසේ වෙතත් ඔහුගේ ග්‍රහණයට නතු කර ගත හැක්කේ වැරදි කරන අය පමණි. විශාල පිරිසක් නිරයට යන්නේ ඔහුගේ මුලාවට හසු වීම නිසාය. 

ස්වර්ගයේ වාසය කල සාතන්ට වැරදුනේ අල්ලාහ්ගේ නියෝගය නොතකා ආදම් තුමාව අවතක්සේරු කිරීමයි. ඔහු කල යුතුව තිබුනේ අල්ලාහ්ගේ නියෝගය ඉදිරියේ ඔහුගේ උඩඟු කම ප්‍රදර්ශනය නොකර සිටීමය. ඔහු තම උඩඟු කම නිසා වැරැද්දක් කල පසු සමාව ගැනීම වෙනුවට ඔහු කල දේ නිවැරදි බවට හේතු පෙන්නුවේය. 

"මා අණ කල කල්හි නුඹ සුජුද් නොකර සිටීමට හේතුව කුමක්දැ"යි (අල්ලාහ් ඉබ්ලිස්ගෙන්) ඇසු කල්හි, ඉබ්ලිස්: 'මා ඔහුට වඩා උසස් වන්නෙමි, නුඹ මාව ගින්නෙන් මවා ඇති අතර ඔහුව කිරි මැටියෙන් මවා ඇතැ'යි පැවසුවේය" (කුරානය 7:12).

සාතන් කල වැරැද්ද නිසා ඔහු දෙවියන්ගේ ශාපයට පාත්‍ර වූ අතර නිරයට යන්නේය. කෙසේ වෙතත් ඔහු තනිවම එහි යන්නේ නැත. ඔහුට අවනත වන ආදම්ගේ දරුවන් සියලු දෙනාම නිරයට රැගෙන යාම සඳහා ඔහු දෙවියන් ඉදිරියේ ප්‍රතිඥාවක් ලබා දී ඇත. මේ නිසා බොහෝ අය දෙවියන්ට පිටු පාන්නේ සාතන්ගේ බලපෑම නිසාය. එහෙත් දෙවියන්ගේ අණට කීකරු වන අයට සාතන්ගෙන් කිසිවක් කල නොහැකිය. 

සාතාන් එදා පිටු පෑවේ අල්ලාහ්ගේ එක් නියෝගයකට පමණි. එහෙත් අද බොහෝ දෙනා අල්ලාහ්ගේ නියෝග රැසකටම පිටු පාන්නේය. එපමණක් නොව සතන් මිනිසාගේ පරම සතුරෙකු බව දැනදැනත් ඔහුව අනුගමනය කරන්නේය. එහි ප්‍රතිපලයක් ලෙස බොහෝ දෙනා නිරය තම වාසස්ථානය කර ගන්නේ සතන් ගැන අවවාද කොට තිබියදීය. 

අල්ලාහ්ව විශ්වාස කරන අය පවා ඇතැම් විට සාතන්ගේ බලපෑමෙන් සලාතය ඉටු කරන්නේ නැත. තවත් සමහරු සලාතය ඉටු කරන්නේ සිකුරාදා දිනයේදී පමණි. සමහරුන්ට අල්ලාහ්ව මතක් වන්නේ ඊද් දිනයේදී පමණි. ඇතැම් අය කොපමණ පින් දහම් කලත් අල්ලාහ් තහනම් කොට ඇති පොලිය මත යැපෙන්නේය. කනගාටුවට කරුණ නම් දෙවියන් අවවාද කොට තිබියදීත් බොහෝ අය සාතන් සමග නිරයට යාම තෝරාගෙන තිබීමයි. 


By Fasy Ajward. B.Sc (Special) Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
Twitter:- thetrue_path.

Comments

Post a Comment

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)