Posts

Showing posts from December, 2017

අලුත් අවුරුදු සැමරීම ගැන ඉස්ලාම් පවසන්නේ කුමක්ද? (What does Islam say about celebrating New Years?)

Image
ඉස්ලාම් දහම අනුව මුස්ලිම්වරුන්ට ආගමික වටිනාකමකින් සැමරිය හැක්කේ රමළාන් උත්සවය සහ හජ් උත්සවය පමණි. මේ හේතුවෙන් ඉස්ලාමීය දින සර්ශනයේ එන මුහර්රම් පළමු දිනය සැමරීමත් වරදකි.  දින දර්ශන නිර්මාණය කොට තිබෙන්නේ කාලය නිර්ණය කිරීම සඳහාය. ඒ අනුව ඈත ඉතිහාසයේ සිටම නොයෙකුත් දින දර්ශන භාවිතා කොට තිබේ. ඒ අනුව ලෝකයේ ඇති පැරණිම දින දර්ශනයට වසර හාරදහසක් පමණ වේ. ඒ හැරුණු විට රෝමාවරුන් භාවිතා කළ ජුලියර් සීසර් දින දර්ශනය ක්‍රි. පු. 45 දී නිර්මාණය කරන ලද්දකි. කෙසේ වෙතත් ලෝකයේ වැඩියෙන්ම භාවිතා වන්නේ ග්‍රිගොරියස් දින දර්ශනයයි. එම දින දර්ශනය පසු කාලයේදී කිතුනු දහම සමග බැඳීමක් ඇතිකරගෙන තිබේ.  ඉතිහාසය දෙස බලන කල බොහෝ දින දර්ශන සමග ආගමික සම්බන්දයක් දැක ගත හැකිය. මේ හේතුවෙන් බොහෝ දින දර්ශන නිර්මාණය කොට තිබෙන්නේ ඒ ඒ ආගම් වලින් විය යුතුය. උදාහරණයක් ලෙස බෞදයින් සඳහා ඔවුන්ගේම දින දර්ශනයක් තිබේ. එසේම මුස්ලිමරුන් සඳහා ද වෙනමම දින දර්ශනයක් ඇත. එම දින දර්ශණය නිර්මාණය කොට තිබෙන්නේ නබිතුමාගේ අභාවයෙන් පසුය. ඉස්ලාමීය දින දර්ශනය ආරම්භ වන්නේ නබිතුමාගේ හිජ්රත් ගමන පාදක කර ගෙනය. කෙසේ වෙතත් ඉස්ලාම් දහම තුල වසරේ ආරම්භ...

ONE REASON WHY SO MANY PEOPLE GET SICK!

Image

ඉස්ලාම් දහම තුල රැවුලට හිමි අධ්‍යාත්මික වටිනාකම (The spiritual value of the beard in Islam)

Image
රැවුල වැවීම සෑම නබිවරයෙකුගේම ලක්ෂණයකි. ඒ අනුව නබිවරුන් වන ඉබ්‍රාහිම්, ඉස්ලායිල්, මුසා (Moses), ඊසා නොහොත් ජේසුස් වහන්සේ මෙන්ම මුහම්මද් නබි තුමාද අනෙක් නබිවරුන්ද (ඔවුන් සියලු දෙනා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා) රැවුල වවා තිබේ. මුහම්මද් නබිතුමාගේ අනුගාමිකයින් හට රැවුල වැවීම ප්‍රධාන සුන්නාවකි.  රැවුල පිරිමියෙකුගෙන් කාන්තාවක් වෙන්කොට හඳුනාගැනීමට තිබෙන ප්‍රධාන ලක්ෂණයකි. මිනිසාව මවන අවස්ථාවේදීම එම වෙනස ඇති කළේය. එමගින් පිරිමියෙකුගේ මුහුණට ගාම්බිරත්වයක් සහ අලංකාරයක් එකතු වන්නේය. රැවුල මුළුමනින්ම ඉවත් කොට පිරිමියෙකු ගැහැනියකුගේ වේශයෙන් සිටීම ඉස්ලාම් දහම අනුමත කරන්නේ නැත.  නබිතුමාව අනුගමනය කරමින් රැවුල වැවීම නිසා අල්ලාහ්ට සමීප විය හැකිය. අල්-කුර්ආනයට අනුව අල්ලාහ්ව ප්‍රිය කරන තැනැත්තා නබිතුමව අනුගමනය කල යුතුය. කුරානය මෙසේ පවසයි: " පවසනු! නුඹලා අල්ලාහ්ව ප්‍රිය කරන්නේ නම් මාව පිලිපදිනු. එවිට අල්ලාහ් නුඹලාව ප්‍රිය කරන්නේය. තවද, නුඹලාට නුඹලාගේ පව් සමා කරන්නේය. අල්ලාහ් අහිශයින්ම ක්‍ෂමාකරන්නාද අසම දයාවන්තයාද වේ" රැවුල වැවීම සම්බන්දයෙන් අබු හුරෛරා රලි තුමා මෙම හදිසය වාර්තා කොට ත...

9 Ways In Which Your Sins Affect You! - Must Watch

Image

ෆාතිමා (رضي الله عنه) තුමියගේ විවාහය (Marriage of Fathima (رضي الله عنه))

Image
නබිතුමාගේ සෑම ක්‍රියාවක්ම මුස්ලිම්වරුන්ට ආදර්ශයන් ලබා දෙන්නේය. ඒ අනුව  ෆාතිමා ( رضي الله عنه) තුමියගේ විවාහය තුලින්ද අපට බොහෝ ආදර්ශයන් ගැනීමට තිබේ. ෆාතිමා ( رضي الله عنه) තුමිය නබිතුමාට ලැබුණු දියණියන් සිව් දෙනා අතරින් ලා බාලතම දියණිය වේ. අනෙක් දෙදෙනා පුතුන් වන අතර ඔවුන් කුඩා කාලයේදීම මිය ගියෝය.  ෆාතිමා (رضي الله عنه) තුමිය ඉපදුනේ  නබිත්වය ලැබී පළමු වසරේදීය. ඇය නබිතුමාගේ වඩාත්ම ආදරයට පත්වුවාය. ඇය ඉතා ඉවසිලිවන්ත, දහමට ඉතා ලැදි, පරිත්‍යාගශීලි, සදාචාර සම්පන්න, දෙවියන්ට ඉතා කෘතඥ වු දැරියකි. ඇයගේ කථා විලාශය නබිතුමාගේ කථා විලාශයට ඉතා සමානය.  අරාබියාවේ පැවති සිරිත අනුව ෆාතිමා  (رضي الله عنه)  තුමියට වයස පහළොවේදී විවාහ යෝජනාවන් ගලා ආවේය. එහෙත් නබිතුමා ඒවා කෙරෙහි කැමැත්ත පල කලේ නැත. එසේ තිබියදී එක් දිනක් නබිතුමා මස්ජිදුල් නබවි දේවස්ථානයේ සිටින විට  අබුබක්කර් රලි තුමා සහ උමර් රලි තුමා යන දෙදෙනා නබිතුමාව මුණ ගැසී  ෆාතිමා වෙනුවෙන් බොහෝ ධනවතුන් විවාහ යෝජනාවන් සිදු කරන බව පැවසුවෝය. ඊට සවන්දුන් නබිතුමා පැවසුවේ එය අල්ලාහ්ගේ කැමැත්ත අනුව සිදු වීමට නියමිත...

Is COFFEE Halal ? ᴴᴰ┇AMAZING Speech by Our Beloved Shk. Dr YASIR QADHI

Image

Two Islamic Books

Image